අද ඔරලෝසුවට තත්ත්පරයක් එක්වෙයි

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    අද ඔරලෝසුවට තත්ත්පරයක් එක්වෙයි

    පෘථිවි භ්‍රමණය මන්දගාමීවීමට සමගාමීව වේලාව වෙනස් කිරීමට නාසා ආයතනය ගත් තීරණයට අනුව, බ්‍රිතාන්‍යයේ සුප්‍රකට බිග්බෙන් ඔරලෝසුව ද අද (30) එම වෙනස්කම් සිදුකරනවා.

    පෘථිවි වේලාවට අනුව පරමාණුක ඔරලෝසුවේ වේලාව මෙලෙස වෙනස් කරන්නේ තත්ත්පරයකින්. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 11 යි විනාඩි 59 යි තත්ත්පර 59 ට ජූලි පළවනදා උදා වනවා. මේ අතර,

    බ්‍රිතාන්‍යයේ ජාතික භෞතික විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු පෙන්වා දෙන්නේ මෙම තත්ත්පරයක වෙනස ඇතැම් පරිගණක පද්ධතිවල ගැටලූ ඇතිකළ හැකි බවයි. මේ නිසා අදාළ පරිගණකවල මෙම වෙනස අතින් සිදුකළ යුතු බවයි එම විද්‍යාඥයා සඳහන් කළේ.

    එමෙන්ම, නිශ්චිත වේලාව මත සකස් කර ඇති මූල්‍ය පද්ධති සහ සන්නිවේදන ජාලවලට ද අදාළ වෙනස සිදුකළ යුතු වනවා.


    http://www.nasa.gov/feature/goddard/nasa-explains-why-june-30-will-get-extra-second
     
    Last edited:
    • Like
    Reactions: robaiya and ulta

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    එතකොට අපේ ඔරලොසු වලට මොකද කරන්නේ?:baffled::baffled:
    ෆෝන් එකි තියෙන ටයිම් එක කොහොමැයි කරන්නේ?:angry::angry:
    ෆක් හූ චේන්ජ් දි ටයිම්:angry::angry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ රට වගේ අන්තිම තත්පරේටම වැඩ කරන රටවල් වලට මේ වගේ වෙනස් කම් හුඟක් වැදගත් :yes: :yes: :yes:
    පාලකයිනි, ලඞ්කාවෙ ඔරලෝසු වලත් අදාල වෙලාවට තප්පරයක් වෙනස් කරන්න :yes: :yes: :yes:
    නැත්තං අපිට වැඩට යන්න බැරිවෙයි බස් කෝච්චි වල වෙලාව වැරදිලා :yes: :yes:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අපේ රට වගේ අන්තිම තත්පරේටම වැඩ කරන රටවල් වලට මේ වගේ වෙනස් කම් හුඟක් වැදගත් :yes: :yes: :yes:
    පාලකයිනි, ලඞ්කාවෙ ඔරලෝසු වලත් අදාල වෙලාවට තප්පරයක් වෙනස් කරන්න :yes: :yes: :yes:
    නැත්තං අපිට වැඩට යන්න බැරිවෙයි බස් කෝච්චි වල වෙලාව වැරදිලා :yes: :yes:

    ඔව් බං. අද මං තප්පරයක් පරක්කු වෙලා ඔෆිස් ගියෙ.
    ඒ ටිකට රතු ඉර ගහලනෙ

    :rofl::rofl::rofl: