අද ක්‍රිකට් පිටිය

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    11.gif
    11.gif

    11+

    Thanx bro for the reps
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අද ක්‍රිකට් පිටිය - මාර්තු 07

    viv.jpg

    දන්නවද විව් රිචර්ඩ්ස් ව? ක්‍රිකට් ක්‍රීඩාවේ බිහිවූ හොඳම ප්‍රහාරාත්මක පිතිකරුවා (Master Blaster) වූ Isaac Vivian Alexander Richards හෙවත් King Viv අද තමන්ගෙ 61වන උපන්දිනය සමරනවා. ඕනෑම භයානක වේග පන්දු යවන්නෙක් හමුවේ කිසිදාක හෙල්මටයක් නොපැළඳි නිතරම චුවින්ගම් හපමින් සිටි විව් රිචර්ඩ්ස් දුටු පමණින් පන්දු යවන්නන් භීතියෙන් ඇළලී ගියා. ඔහු සතු hard hitting හැකියාව නිසා ඔහු ප්‍රචලිත වුණත් විව්ගේ විශේෂත්වය වුණේ ඔහුගේ පිතිහරණයේ විශ්වාසනීයත්වයයි. පිළිවෙලින් 50.23ක් හා 47ක් වන ටෙස්ට් සහ එක්දින ලකුණු සාමාන්‍ය මීට සාක්ෂි සපයනවා. විව්ගේ ටෙස්ට් ඉනිම් අතර 1986දී එංගලන්තයට එරෙහිවෙ පන්දු 56කදී ඔහු රැස්කළ ශතකය අදටත් ටෙස්ට් තරගයකදී වාර්තා වුණ වේගවත්ම ශතකයයි. බ්‍රයන් ලාරා වගේම විව් ත් එංගලන්තය පන්දු යවන්නන්ට පහරදීමට ප්‍රිය කළා. ඔහු 1979 ලෝක කුසලාන අවසන් තරගයේදී එංගලන්තයට එරෙහිව Lords පිටියේ නොදැවී රැස්කළ ලකුණු 138 එදා මෙදා තුර වාර්තා වූ හොඳම එක්දින ඉනිම් අතරින් එකක් ලෙස සැලකෙනවා. ඒ වගේම 1984 එංගලන්තයට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී පන්දු 170කදී නොදැවී විව් රැස්කළ ලකුණු 189 වසර 13ක් පුරාවට (1997දී පකිස්ථානයේ සයිඩ් අන්වර් විසින් බිඳ හෙලන තුරු ) ක්‍රීඩකයෙකු එක්දින තරගයක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලෝක වාර්තාවට හිමිකම් කිව්වා. ඒ වගේම මෙම තරගයේ අවසන් කඩුල්ල සඳහා විව් සහ මයිකල් හෝල්ඩිං එකව රැස්කළ ලකුණු 106 අදටත් ලෝක වාර්තාවක්.

    ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ තවත් විශිෂ්ඨ පිතිකරුවෙකු වූ ඉන්දියාවේ සුනිල් ගවස්කාර් ටෙස්ට් ලකුණු 10000 පසුකළ ලොව පළමු වැන්නා බවට පත්වුණෙත් අද වගේ දවසක.

    2002 අද වගේ දවසක පකිස්ථානය පරදා ආසියානු ටෙස්ට් ශූරයන් බවට පත්වන්නට ශ්‍රී ලංකාවට හැකිවුණා. කුමාර් සංගක්කාර තම පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළෙත් පකිස්ථානයේ මොහොමඩ් සාමි කඩුළු ත්‍රිත්වයක් (hat-trick) ලබා ගත්තෙත් මේ තරගයේදි.

    ඒ වගේම නවසීලන්තයෙන් බිහිවූ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ බෲස් ටේලර් 1965 මාර්තු 7 වැනිදා ඉන්දියාවට එරෙහිව කල්කටාවේ පැවති ටෙස්ට් තරගයේදී අසමසම ලෝක වාර්තාවක් පිහිටෙව්වා. තම මංගල තරගයේදීම ශතකයක් සහ ඉනිමකදී කඩුළු 5ක් බිඳ හෙලමින්.

    කවුරුත් හඳුනන ඕස්ට්‍රේලියාවේ නිවුන් සොහොයුරන් දෙදෙනා ස්ටීව් වෝ සහ මාර්ක් වෝ දෙදෙනා අවසාන වතාවට පළමු පෙළ තරගයක දකින්නට ලැබුණෙත් 2004 අද වගේ දවසක. Pura Cup එක සඳහා නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අතර පැවති මෙම තරගයේ පළමු ඉනිමේදී ස්ටීව් වෝ ත් දෙවන ඉනිමේදී මාර්ක් වෝ ත් අර්ධ ශතක වාර්තා කරන්නට සමත් වුණා.

    දකුණු අප්‍රිකාවේ ලොන්වාබෝ ත්සොසෝබේ සහ එංගලන්තයේ ලූක් රයිට් අද උපන්දින සමරන අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩකයින්.
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අද ක්‍රිකට් පිටිය - මාර්තු 08

    පරණ කතා වලට කලින් අද ඒ කියන්නෙ 2013 මාර්තු 08 වෙනිද ගැන කියලම පටන් ගන්නම්. අද දවසේ ලංකාවත් බංග්ලාදේශයත් අතර සහ එංගලන්තයත් නවසීලන්තයත් අතර පැවති ටෙස්ට් තරග දෙකේදිත් සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සිදුවුණා.

    ඒ අතරින් නවසීලන්තයේ ආරම්භක පිතිකරු හමීෂ් රදර්ෆර්ඩ් තම මංගල ටෙස්ට් ඉනිමේදීම ලකුණු 171ක් වර්තා කරන්නට සමත් වුණා. මෙය එදා මෙදා තුර ක්‍රීඩකයෙකු තම මංගල ටෙස්ට් තරගයේදී ලබාගත් 7වැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නව පිටුවක් පෙරලමින් ඇන්ජලෝ මැතිව්ස් අද ලංකාවේ 13වන ටෙස්ට් නායකයා ලෙස වැඩ ඇරඹුවා. ඒ ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව මෙහෙයවූ ලාබාලතම නායකයා බවට පත්වෙමින්. 1991දී නායකත්වයට පත් අරවින්ද ද සිල්වා මීට පෙර එම වාර්තාවට හිමිකම් කිව්වා.

    ඒ වගේම අද තරගයේ ශතකයක් වාර්තා කළ කුමාර් සංගක්කාර ඉන්දියාවේ සුනිල් ගවස්කාර් අභිබවා වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරුවන් 10දෙනා අතරට පැමිණියා. ඒ වගේම අද ඔහු රැස්කළ 31වෙනි ටෙස්ට් ශතකයත් සමග වැඩිම ටෙස්ට් ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ 8වන තැනට (දැන් සංගා සහ මහේල දෙදෙනාම සිටින්නේ 8වන ස්ථානයේ) පැමිණියා.

    ඒ වගේම අද තරගයට ක්‍රීඩා නොකරපු හිටපු නායක මහේලට ටෙස්ට් තරගයක් මගහැරුණේ දශකයකට අධික කාලයකට පසුව. 2002 නොවැම්බර් 08 වෙනිදා සිට එකදිගට ටෙස්ට් තරග 93ක් ක්‍රීඩා කළ මහේල පිට පිට ටෙස්ට් තරග වැඩිම ගණනක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 5වැනි ස්ථානයේ සිටිනවා. මේ ලැයිස්තුවේ මුල් තැන සිටින්නේ ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයෙකු වූ ඇලන් බෝඩර්. බෝඩර් එක දිගට ටෙස්ට් තරග 153ක් ඕස්ට්‍රේලියාව නියෝජනය කරල තියෙනවා.

    hobbs.jpg

    සර් ජැක් හොබ්ස්

    සංගා අද ලකුණු 142ක් ගත්තනෙ. මීට වසර 85කට කලින් ඒ කියන්නේ 1928 අද වගේ දවසක එංගලන්තයේ සර් ජැක් හොබ්ස් මෙල්බර්න් වලදි ලබා ගත්තෙත් ලකුණු 142යි. විශේෂත්වය වෙන්නෙ ඔහු මේ ශතකය ලබා ගන්නකොට වයස අවුරුදු 46යි. ටෙස්ට් ශතකයක් ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙස හොබ්ස් අදටත් වාර්තා පොත්වල සටහන් වෙනවා.(එක්දින තරගවල නම් මේ වාර්තාවේ හිමිකරුවා සනත් ජයසූරිය.) පළමු පෙළ තරගවලදී ලකුණු 61760ක් සහ ශතක 199ක් රැස් කළ හොබ්ස් ක්‍රිකට් ලොව වැඩිම ලකුණු ලාභියායි.

    ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩා කළ සුපිරිතමයා ලෙස සැලකෙන සර් ඩොන් බ්‍රැඩ්මන් අවසාන වතාවට පළමු පෙළ තරග බිමේ දකින්නට ලැබුණෙත් අද වගේ දවසක. ඒ 1949 දකුණු ඕස්ට්‍රේලියාව සහ වික්ටෝරියා ප්‍රාන්ත අතර තරගයකදී.

    බටහිර ඉන්දීය සුපිරි වේග පන්දු යවන්නෙකු වූ මැල්කම් මාර්ෂල් අවසාන වතාවට එක්දින් තරගයක් ක්‍රීඩා කළෙත් 1992 අද වැනි දවසක.

    1981 මාර්තු 8වෙනිදා ඕස්ට්‍රේලියාවේ පැවති ප්‍රාන්ත තරගයකදී දුර්ලභ සිදුවීමක් වුණා. ඒ කවුරුත් හඳුනන ඕස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලී විසින් ලබාදුන් උඩපන්දුව ඔහුගේ නමම ඇති ඩෙනිස් ලිලී නැමති ක්‍රීඩකයෙක් විසින් රැක ගැනීමයි.

    අද දින උපන්දින යෙදී ඇති ක්‍රීඩකයින් වන්නේ සිම්බාබ්වේහි චාර්ල්ස් කොවෙන්ට්‍රි (එක්දින තරග්යකදී නොදැවී ලකුණු 194ක් ලබා කලක් ලෝක වාර්තාවට හිමිකම් කිවූ ක්‍රීඩකයා), නවසීලන්තයේ හිටපු නායක රොස් ටේලර් සහ ලොව බිහිවූ හොඳම පන්දු රකින්නා ලෙස සැලකෙන දකුණු අප්‍රිකාවේ ජොන්ටි රෝඩ්ස්. ජොන්ටි රෝඩ්ස් පළමු වරට ක්‍රීඩා ලොව අවධානය දිනා ගත් ඔහුගේ සුපිරි පන්දු රැකීමක වීඩියෝවක් පහළින් බලන්න.

    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0

    elakiri wade machan. niyamai

    Habai maath mehema Run out karala thiyenawa a nisa mata nam meeka maha loku run out ekak newei:D;)
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අද ක්‍රිකට් පිටිය - මාර්තු 09

    1996 විල්ස් ලෝක කුසලානයේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය (quarter final) ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පකිස්ථානයේ ෆයිසලාබාද් වලදි පැවැත්වුණේ අද වගේ දවසක. මෙහිදී සනත් ජයසූරිය පන්දු 44කදී රැස්කළ වේගවත් ලකුණු 82 කාටත් අමතක නැහැ.

    sanath96qf.jpg

    එදාම තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව තරගයක් බැංගලෝරයේදී පැවැත්වුණේ ඉන්දියාව සහ පකිස්ථානය අතර. මුල් ඉනිමේ අවසන් පන්දු වාර කිහිපයේදී ක්‍රියාත්මක වූ ඉන්දියාවේ අජේ ජඩේජා ඉන්දීය ලකුණු සංඛ්‍යාව 287 දක්වා ඉහළ නැංවීමට සමත් වුණා. මෙහිදී සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වකාර් යූනුස් යැවූ අවසන් පන්දු වාර 2 තුළ ලකුණු 40ක් වාර්තා වීමද කැපී පෙනෙනවා. තරගයෙන් ජය ලැබූ ඉන්දියාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. පකිස්ථානයෙන් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවා ලෙස සැලකෙන ජාවෙඩ් මියැන්ඩාඩ් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගයත් මෙයයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වතාවට පකිස්ථානයට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළේ 2000 වසරේ අද වගේ දවසක. තරග 3කින් සමන්විත තරගාවලියේ දෙවන තරගය පේශාවර් හිදී ලකුණු 57කින් ජයගනිමින් ලබාගත් තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාව එරටදී ලබාගත් 3වන ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයයි. තරගයේ වීරයා බවට පත්වුණේ කඩුළු 10ක් දවා ගත් මුත්තයියා මුරලිදරන්.

    ඕස්ට්‍රේලියාවේ පිල් හියුස් 2009 අද වගේ දවසක ලෝක වාර්තාවක් තැබුවා. ඒ ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමින්. පිල් ඩර්බන් වලදි දකුණු අප්‍රිකාවට එරෙහිව මේ දස්කම කරනකොට ඔහුට වයස අවුරුදු 20යි.

    එහෙම කියනකොට මතක්වුණේ ලංකාවෙ ලාබාල ක්‍රීඩකයන් දෙදෙනෙකුත් අද තමන්ගෙ මංගල ටෙස්ට් ශතක වාර්තා කරන්නට සමත් වුණා. ඒ ළහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල්. ඒ විතරක් නෙමෙයි, එංගලන්තයේ නික් ක්‍රොම්ප්ටන් අද නවසීලන්තයට එරෙහිව වාර්තා කළෙත් ඔහුගෙ මංගල ටෙස්ට් ශතකය. ඒ අනුව ක්‍රීඩකයින් තුන්දෙනෙකු තමන්ගේ මංගල ටෙස්ට් ශතක වාර්තා කළ පළමු අවස්ථාව ලෙසත් අද දිනය ඉතිහාසගත වෙනවා.

    ඉන්දියාව නියෝජනය කළ කඩුළු රකින ක්‍රීඩක පාර්තිව් පටේල් අද උපන්දිනය සමරනවා. එහෙනම් අද ක්‍රිකට් පිටිය තුළින් හෙටත් හමුවෙමු.

    ගත්තෙ මෙතනින්.