අද ක්‍රිකට් පිටිය

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අද ක්‍රිකට් පිටිය

    අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුවා. බලන්න හොදයිද කියල...

    පෙබරවාරි 24

    අද පෙබරවාරි 24 වෙනිද… මීට හරියටම අවුරුදු 3කට කලින් ඒ කියන්නෙ 2010 පෙබරවාරි 24 වෙනිද තමයි සචින් ටෙන්ඩුල්කාර් එක්දින ක්‍රිකට් තරගයකදි ලකුණු 200 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා බවට පත්වුණේ. (හැබැයි ඔස්ට්‍රේලියාවේ බෙලින්ඩා ක්ලාර්ක් කාන්තා එක්දින තරගයකදි ද්විත්ව ශතකයක් වාර්තා කලේ 1997 තරම් අතීතයේ!) දකුණු අප්‍රිකාවට එරෙහිව Gwalior හිදී පැවති එක්දින තරගයකදි තමයි සචින් පන්දු 147කදි නොදැවී මේ දස්කම කළේ. (2011 අගදි ඉන්දියාවෙම විරේන්ද්‍ර ශෙවාග් බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 219ක් ලබාගෙන සචින්ගෙ වාර්තාව බිද දැම්මා.) සාමාන්‍යයෙන් කතාවක් තියෙනවනෙ සචින් score කරන මැච් පරදිනව කියල, හැබැයි මේ මැච් එක නම් ඉන්දියාව ලකුණු 400 සීමාවත් පහු කරල උඩින්ම දින්නා.

    sachin1-420x0.jpg


    මැච් එකේ score card එක බලන්න ඕනෙ අය මේ ලින්ක් එකට යන්න.

    සචින්ගෙ මේ සුපිරි ඉනිම



    මීට අමතරව පකිස්තානෙ යූනිස් කාන් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් වාර්තා කලෙත් 2009යෙ අද වගේ දවසක. ඒ විතරක් නෙවෙයි අදට තමයි චාමර කපුගෙදරගෙ උපන් දිනය යෙදිල තියෙන්නෙත්.
    ඔහොම ලියාගෙන යනකොට ඔන්න ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි ඔස්ට්‍රලියාවට එරෙහිව ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගත්ත මේ දැන්. ටෙස්ට් ද්විත්ව ශතකයක් වාර්තා කළ ලෝකයේ 7ත් වෙනි කඩුලු රකින්නා ලෙස දෝනි වාර්තා පොත් අතරට යනවා.

    මගේ බ්ලොග් එකෙන් තමයි ගත්තෙ... --> http://wp.me/p1h1vp-10
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සචින් 200 ගහන්න කලින් අපෙ සනාට මේ චාන්ස් එක ලඟින් මිස් උනා.එතකොට පවර් ප්ලේ ඔප්ෂන් තිබුනෙත් නෑ.අපරාදේ මිස් උනේ 189ක් ගහලත්.
    කොහොම උනත් රට මොකක් උනත් දක්ෂ කම් වලට තැනක් දෙන එක හොඳ දෙයක්.
    දිගටම කරමු...මොකද අපෙ රෙකෝර්ඩ්ස් තමයි තවම කිට්ටු කරන්න බැරුව තියෙන්නෙ.
    රෙප් +8
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    දිගටම කරමු..+9 rep

    සචින් 200 ගහන්න කලින් අපෙ සනාට මේ චාන්ස් එක ලඟින් මිස් උනා.එතකොට පවර් ප්ලේ ඔප්ෂන් තිබුනෙත් නෑ.අපරාදේ මිස් උනේ 189ක් ගහලත්.
    කොහොම උනත් රට මොකක් උනත් දක්ෂ කම් වලට තැනක් දෙන එක හොඳ දෙයක්.
    දිගටම කරමු...මොකද අපෙ රෙකෝර්ඩ්ස් තමයි තවම කිට්ටු කරන්න බැරුව තියෙන්නෙ.
    රෙප් +8

    බොහොම ස්තුතියි... දිගටම කරන්න තමයි බලාපොරොත්තුව. :yes:
    එලකිරි එකේ මට ඉස්සෙල්ලාම reps දුන්නට thanx :)
     
    • Like
    Reactions: Anushanga777

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අද ක්‍රිකට් පිටිය - පෙබරවාරි 25

    පෙබරවාරි 25

    මීට අවුරුදු 12කට කලින් ඒ කියන්නෙ 2001 පෙබරවාරි 25වෙනිද තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස සැලකෙන සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මෙලොවින් සමුගත්තෙ.
    ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හෙවත් ඩොන් ගැන ලියන්න ගියොත් පිටු ගානක් ලියතහැකි. තමන්ගෙ අවසාන ටෙස්ට් තරගයට එනකොට ඔහුගෙ batting average එක 101.39යි. නමුත් එහිදී තමන් මුහුණ දුන් දෙවන පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා. Average එක 100ට වැඩියෙන් තියා ගන්න බ්‍රඩ්මන්ට ඕන වුණේ ලකුණු 4ක් විතරයි. නමුත් ප්‍රතිවාදී එන්ගලන්ත කණ්ඩායම ඉනිමක පරාජයකට ලක්වුණු නිසා අවාසනාවන්ත ලෙස Average එක 99.94 ලෙස ක්‍රිකට් පිටියෙන් සමුගන්න ඔහුට සිදුවුණා.

    ඊයෙත් ලිව්වනෙ ටෙන්ඩුල්කාර් ගැන. අදින් හරියටම වසර 25කට පෙර ඒ කියන්නෙ 1988 පෙබරවාරි 25 වෙනිද තමයි සචින් ටෙන්ඩුල්කාර් කියන නම ඉතිහාස පොත් අතරට එකතු වෙන්නෙ. ඉන්දියාවෙ පාසල් අතර පැවැත්වෙන Harris Shield තරගාවලියෙ semi final එකේදි සචින් සහ ඔහුගේ ගජ මිතුරා ලෙස සැලකෙන විනොද් කම්බ්ලි (කම්බ්ලිව මතකයිනෙ 96 semi final එක පැරදිලා අඩපු හැටි ) තුන්වන කඩුල්ලට නොබිදුණු ලකුණු 664ක සම්බන්ධතාවක් ගොඩනැගුවා. මේක තමයි ඕනෑම ක්‍රිකට් තරගයක ඒ වෙනකොට වාර්තාවෙලා තිබුණු වැඩිම සම්බන්ධතාව.

    vinod-sachin.jpg


    හැබැයි මීට අවුරුදු කිහිපයකට කලින් ඉන්දියාවෙම වයස 13ක ක්‍රීඩකයන් දෙදෙනෙක් ලකුණු 721ක සම්බන්ධතාවයක් ගොඩනගමින් මේ වාර්තාව බිද හෙලුවා. පුදුම කාරණේ තමයි ඒක පන්දු වාර 40 තරගයක්ලු...

    ඒ විතරක් නෙමෙයි 1998 අද වගේ දවසක තමයි සචින් ටෙන්ඩුල්කාර් තමන්ගෙ ප්‍රථම පළමු පෙළ ද්විත්ව ශතකය වාර්තා කලේ. ඒ මුම්බායි පිළ වෙනුවෙන් සංචාරක ඕස්ට්‍රේලියා පිළට එරෙහිව.

    ක්‍රිකට් ක්‍රීඩාවේ බිහිවූ විශිෂ්ඨතම all rounder කෙනෙක් ලෙස සැලකෙන එන්ගලන්තයේ Ian Botham තමන්ගෙ පළමු ටෙස්ට් ශතකය වාර්තා කලෙත් 1978 අද වගේ දවසක.

    අද දිනයේ උපත ලැබූවන් අතර ඉන්දියාවේ ෆාරුක් ඉන්ජිනියර්, ශ්‍රී ලංකාවේ දොන් අනුරසිරි සහ ඕස්ට්‍රේලියාවෙ ස්ටුවට් මැක්ගිල් සිටිනවා.

    ඔන්න ඔහොම තමයි අද දවස ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් වෙන්නෙ. පස්සෙ හම්බෙමු.
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අද ක්‍රිකට් පිටිය -පෙබරවාරි 26

    පෙබරවාරි 26

    හරියටම මීට අවුරුදු 83කට කලින් ඒ කියන්නෙ 1930 අද වගේ දවසක තමයි බටහිර ඉන්දීය කොදෙව්වන් තම පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළේ.

    ඒ වගේම 1982 පෙබරවාරි 26 තමයි නවසීලන්තයෙන් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවකු වූ Martin Crowe ටෙස්ට් වරම් ලබා ගත්තෙත්.

    1993 අද වගේ දවසක තමයි ඕස්ට්‍රේලියාවේ ඇලන් බෝඩර් එතෙක් ඉන්දියාවේ සුනිල් ගවස්කාර් සතුව තිබූ වැඩිම ටෙස්ට් ලකුණු සඳහා වන වාර්තාව බිඳ හෙලුවෙත්.

    ශ්‍රී ලංකාවේ අසංක ගුරුසිංහ නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක වාර්තා කිරීමට (twin tons) සමත් වුණෙත් 1991 අද වගේ දවසක.

    ඉන්ටනෙට් එකේ කරක් ගහනකොට මට අසංක ගුරුසිංහගෙ දුර්ලභ ෆොටෝ එකක් හම්බ වුණා. මේක අරන් තියෙන්නෙ එක්දාස් නවසිය බර ගණන්වල ඕස්ට්‍රේලියාවත් එක්ක තිබ්බ ටෙස්ට් මැච් එකකදි. ඩේවිඩ් බූන්ගෙ කවර් ඩ්‍රයිව් එකකින් බෙරෙන්න ගුරා උඩ පනින හැටි තමයි මේකෙ තියෙන්නෙ.

    asanka-gurusinghe-a-rare-picture.jpg


    අද දින උපත ලැබූ ක්‍රීඩකයන් අතර ඉන්දියාවේ වෙනුගෝපාල් රාඕ සහ එන්ගලන්තයේ මැතිව් ප්‍රයර් සිටිනවා.

    එහෙනම් පස්සෙ හම්බෙමු.