move karanna puluwan machan GTZ aiyyata poddak pm ekak dala balanna![]()
පරණ කතා වලට කලින් අද ඒ කියන්නෙ 2013 මාර්තු 08 වෙනිද ගැන කියලම පටන් ගන්නම්. අද දවසේ ලංකාවත් බංග්ලාදේශයත් අතර සහ එංගලන්තයත් නවසීලන්තයත් අතර පැවති ටෙස්ට් තරග දෙකේදිත් සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සිදුවුණා.
ඒ අතරින් නවසීලන්තයේ ආරම්භක පිතිකරු හමීෂ් රදර්ෆර්ඩ් තම මංගල ටෙස්ට් ඉනිමේදීම ලකුණු 171ක් වර්තා කරන්නට සමත් වුණා. මෙය එදා මෙදා තුර ක්‍රීඩකයෙකු තම මංගල ටෙස්ට් තරගයේදී ලබාගත් 7වැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නව පිටුවක් පෙරලමින් ඇන්ජලෝ මැතිව්ස් අද ලංකාවේ 13වන ටෙස්ට් නායකයා ලෙස වැඩ ඇරඹුවා. ඒ ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව මෙහෙයවූ ලාබාලතම නායකයා බවට පත්වෙමින්. 1991දී නායකත්වයට පත් අරවින්ද ද සිල්වා මීට පෙර එම වාර්තාවට හිමිකම් කිව්වා.
ඒ වගේම අද තරගයේ ශතකයක් වාර්තා කළ කුමාර් සංගක්කාර ඉන්දියාවේ සුනිල් ගවස්කාර් අභිබවා වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරුවන් 10දෙනා අතරට පැමිණියා. ඒ වගේම අද ඔහු රැස්කළ 31වෙනි ටෙස්ට් ශතකයත් සමග වැඩිම ටෙස්ට් ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ 8වන තැනට (දැන් සංගා සහ මහේල දෙදෙනාම සිටින්නේ 8වන ස්ථානයේ) පැමිණියා.
ඒ වගේම අද තරගයට ක්‍රීඩා නොකරපු හිටපු නායක මහේලට ටෙස්ට් තරගයක් මගහැරුණේ දශකයකට අධික කාලයකට පසුව. 2002 නොවැම්බර් 08 වෙනිදා සිට එකදිගට ටෙස්ට් තරග 93ක් ක්‍රීඩා කළ මහේල පිට පිට ටෙස්ට් තරග වැඩිම ගණනක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 5වැනි ස්ථානයේ සිටිනවා. මේ ලැයිස්තුවේ මුල් තැන සිටින්නේ ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයෙකු වූ ඇලන් බෝඩර්. බෝඩර් එක දිගට ටෙස්ට් තරග 153ක් ඕස්ට්‍රේලියාව නියෝජනය කරල තියෙනවා.
![]()
සර් ජැක් හොබ්ස්
සංගා අද ලකුණු 142ක් ගත්තනෙ. මීට වසර 85කට කලින් ඒ කියන්නේ 1928 අද වගේ දවසක එංගලන්තයේ සර් ජැක් හොබ්ස් මෙල්බර්න් වලදි ලබා ගත්තෙත් ලකුණු 142යි. විශේෂත්වය වෙන්නෙ ඔහු මේ ශතකය ලබා ගන්නකොට වයස අවුරුදු 46යි. ටෙස්ට් ශතකයක් ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙස හොබ්ස් අදටත් වාර්තා පොත්වල සටහන් වෙනවා.(එක්දින තරගවල නම් මේ වාර්තාවේ හිමිකරුවා සනත් ජයසූරිය.) පළමු පෙළ තරගවලදී ලකුණු 61760ක් සහ ශතක 199ක් රැස් කළ හොබ්ස් ක්‍රිකට් ලොව වැඩිම ලකුණු ලාභියායි.
ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩා කළ සුපිරිතමයා ලෙස සැලකෙන සර් ඩොන් බ්‍රැඩ්මන් අවසාන වතාවට පළමු පෙළ තරග බිමේ දකින්නට ලැබුණෙත් අද වගේ දවසක. ඒ 1949 දකුණු ඕස්ට්‍රේලියාව සහ වික්ටෝරියා ප්‍රාන්ත අතර තරගයකදී.
බටහිර ඉන්දීය සුපිරි වේග පන්දු යවන්නෙකු වූ මැල්කම් මාර්ෂල් අවසාන වතාවට එක්දින් තරගයක් ක්‍රීඩා කළෙත් 1992 අද වැනි දවසක.
1981 මාර්තු 8වෙනිදා ඕස්ට්‍රේලියාවේ පැවති ප්‍රාන්ත තරගයකදී දුර්ලභ සිදුවීමක් වුණා. ඒ කවුරුත් හඳුනන ඕස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලී විසින් ලබාදුන් උඩපන්දුව ඔහුගේ නමම ඇති ඩෙනිස් ලිලී නැමති ක්‍රීඩකයෙක් විසින් රැක ගැනීමයි.
අද දින උපන්දින යෙදී ඇති ක්‍රීඩකයින් වන්නේ සිම්බාබ්වේහි චාර්ල්ස් කොවෙන්ට්‍රි (එක්දින තරග්යකදී නොදැවී ලකුණු 194ක් ලබා කලක් ලෝක වාර්තාවට හිමිකම් කිවූ ක්‍රීඩකයා), නවසීලන්තයේ හිටපු නායක රොස් ටේලර් සහ ලොව බිහිවූ හොඳම පන්දු රකින්නා ලෙස සැලකෙන දකුණු අප්‍රිකාවේ ජොන්ටි රෝඩ්ස්. ජොන්ටි රෝඩ්ස් පළමු වරට ක්‍රීඩා ලොව අවධානය දිනා ගත් ඔහුගේ සුපිරි පන්දු රැකීමක වීඩියෝවක් පහළින් බලන්න.


elakiri wade machan. niyamai
Habai maath mehema Run out karala thiyenawa a nisa mata nam meeka maha loku run out ekak newei![]()