අද ගත්තු ෆොටො එකක්.....

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අද ගත්තු ෆොටො එකක්.....

    අද මම පිලියන්දල බස් ස්ටැන්ඩ් එකේ ඉන්නකොට මේ අම්මා ඉස්කෝලේ යන පුන්චි දුවව ඉස්කෝලෙට දාන්න හොල්ට් එකට ආව. අතේ තව පොඩි ලමයෙකුත් වඩාගෙන.ඉස්කෝලෙ බෑග් එකත් අම්මගෙ කරේ.අහින්සක අම්ම කෙනෙක්.බාටා දෙකක් දාගෙන හිටියේ.ටික වෙලාවකට පස්සේ ආපු සෙනග පිරිච්ච බස් එකක අමාරුවෙන් ලමයි දෙන්නවත් රින්ගගෙන මේ අම්ම ඉස්ස්කොලේට යන්න ගියා.

    1418v1u.jpg


    මට මේ අම්මව දැක්කම මහා සන්වෙගයක් ඇති වුනා. දරුවො හදන්න අම්මලා විදින දුක මතක් වෙලා.ඒ හැගීම උඹල එක්ක බෙදා ගන්න හිතුන ඒකයි ෆොටො එක දැම්මෙ.
    මෙන්න මේ වගේ තමයි අපි හැමොගෙම අම්මල. දරුවන්ට උගන්වන්න ඕනෙම දෙයක් කරනවා.ඉගෙනගෙන දෙමව් පියන්ටහොදට සලකපල්ලා.
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔයිටත් වඩා දුක් විදින දෙමවුපියෝ කොච්චර ඉන්නවද බන්...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔයිටත් වඩා දුක් විදින දෙමවුපියෝ කොච්චර ඉන්නවද බන්...
    ඒක ඇත්ත බන් මම මේක දැම්මේ සන්කේතයක් විදිහට විතරයි...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෙමව්පියෝ තමන්ගේ දරුවෝ වෙනුවෙන් කරන දේවල් වලින් ඔය එක පුංචි දෙයක් විතරයි බං........ අපේ දෙමව්පියන්ගේ ඒ කැපවීම, ආදරේ මනින්න ලෝකේ කිසිම මිම්මක් තාම හොයාගෙන නෑ......... ඒ වගේම තමයි ජීවමාන බුදුවරු වගේ ඉන්න තමන්ගේ අම්ම තාත්තාට බල්ලන්ට වගේ සලකන අමන දරුවොත් ඉන්නවා....... දැක්කනේ පහුගිය සතියෙත් අර දඹුල්ලෙයි තව කොහේදැයි අම්මලාව ගෙයින් එළියේ කාමරයක හිරකරන් හිටපු ළමයි ගැන කිව්වා........
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපේ අම්මත් ඔහොම තමයි බං....මමනම් ජොබ් එකක් කරල තත්වෙකට එනකං කෙල්ලෙක්කත් ගන්නේ නෑ මොකද ඉස්සෙල්ලා අම්මල තාත්තලාට හිතේ හැටියට සලකනවා ...කෙල්ලෙක් ගන්නවනං අපේ අම්මට තමන්ගේ අම්මට වගේ ආදරේ කරන කෙල්ලෙක් ගන්න ඕන....එහෙම එක්කෙනෙක් ලැබුනොත් එයා අපිට ආදරේ කරන එක ගැන හිතන්න බයවෙන්න ඕන නෑ....
     
    • Like
    Reactions: ruwantheekshana
    Dec 30, 2013
    1,235
    166
    0
    අපේ අම්මත් ඔහොම තමයි බං....මමනම් ජොබ් එකක් කරල තත්වෙකට එනකං කෙල්ලෙක්කත් ගන්නේ නෑ මොකද ඉස්සෙල්ලා අම්මල තාත්තලාට හිතේ හැටියට සලකනවා ...කෙල්ලෙක් ගන්නවනං අපේ අම්මට තමන්ගේ අම්මට වගේ ආදරේ කරන කෙල්ලෙක් ගන්න ඕන....එහෙම එක්කෙනෙක් ලැබුනොත් එයා අපිට ආදරේ කරන එක ගැන හිතන්න බයවෙන්න ඕන නෑ....

    උබට සදා අත පමණි. :yes: