මෙහෙව් අහින්සක මිනිස්සු ඉන්න රටක තමයි නිදහස් අද්යාපනේ මේ කාබාසිනියා කරන්නේ. පුද්ගලික උපාදි කඩ දැම්මට මේ මිනිස්සුන්ට වැඩක් තියෙයි ද. උපාදි කඩ එපා ඉගෙන ගන්න එකෙකුට යන්න තිබ්බ ශිශත්වෙත් නැති කරන්න ගිහින් ඔක්කොම කෑ ගහපු නිසා දැන් අකුල ගත්තා. රටකට යන කලක්. කැම්පස් එකේ කොල්ලෙක් නිදහස් අද්යාපනේ ගැන කෑ ගහපුවාම ඌ කුඩු දුමින්දයාට වඩා අපරාද කාරයෙක් කියල හිතන තැනට මිනිස්සුන්ගෙ මොලේ ලස්සනට හොදලා තියෙන්නේ අපේ මහ රජතුමා.
උඹලා ඊයෙ තිබ්බ රතු ඉර විවාදේ බැලුවද බන්දුලයයි ගම්මන්පිලයි අතර තිබ්බ එක. මට නම
බන්දුලයව අල්ලලා පොලොවෙ ගහන්න හිතුනා ඌ එතන දීපු ටොක් වල හැටියට. එතන නිදහස් අද්යාපනය සුරකිනව කියන ඌ ගෙ කෙරුවාව බලන්න ඕනේ. පුද්ගලික අද්යාපනයේ බාප්පව නියොජ්ය ඇමතිකමේ තියාගෙන ඊයේ මහලොකුවට කන්නගර මහත්තයාගෙ ෆොටො පෙන්න පෙන්න ඌ දීපු ටොක් බලන්න ඕනේ. මුයි එස්.බී යයි අද්යාපනේ කාල ඉවරයි දැන් මල පහ කරන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.