Wimale nan me para illanema nalu paradena bawa danna hinda
"
විමල් නිහඬ වනවිට රත්නපුරෙන් ආරාධනාවක්
මහමැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග ජාතික නිදහස් පෙරමුණේ ඉදිරි පෙළ නායකයන් මෙන්ම ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවන ලදී. විමල් මුලින්ම මැතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණය කළේය.
“දැන් සහෝදරවරුන්ට තීරණය කරන්න පුළුවන් මොකක්ද කරන්නේ කියලා” විමල් කීවේය.
“මොන ප්‍රතිඵලය ආවත් අපි ඉල්ලමු” සියලු දෙනාගේම පොදු අදහස වූයේ එයය. එහෙත් විමල් සිටියේ වෙනත් මතයකය.
“ඉල්ලලා පරදිනවට වඩා අපි මේක දේශපාලන ජයග්‍රහණයක් බවට පත් කරගමු” විමල් කීවේ එවැනි දෙයකි.
“විමල් සහෝදරයා… මට රත්නපුරෙන් දිනන්න පුළුවන්. සහෝදරයට කොළඹ ෂුවර් නැත්නම් රත්නපුරෙන් ඉල්ලමු. මට සහතික කරලා කියන්න පුළුවන් සහෝදරයට දිනන්න පුළුවන් කියලා” ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වළේබොඩ කීවේය.
එහෙත් විමල්ගේ තීරණයේ වෙනසක් නොවීය. මෙම පරිසරය තුළ ජාතික නිදහස් පෙරමුණේ නායකයෝ අවස්ථා කිහිපයකදීම විමල් සමඟ සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාවලට ජාතික නිදහස් පෙරමුණේ ලේකම් දම්පහළ හෙවත් විජේසිරි ද වෛද්‍ය වසන්ත බණ්ඩාර ද සහභාගි වී ඇත. එහෙත් එම සාකච්ඡාවලදී ද විමල්ගේ ස්ථාවරයේ වෙනසක් වී නැත.
මේ අතර උදය ගම්මන්පිලගේ ජංගම දුරකතනයට විමල්ගෙන් ඇමතුමක් ලැබිණි."
https://www.gossiplankanews.com/2024/10/political-stories-week.html