වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ
" අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "
කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්රහ තාරකා කුමක් කරන්නද කියල.
ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන්
හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං
අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..