අද තමයි පරණ අවුරුද්දට නාන්න තියෙන්නේ.. 🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    සිස්ටම් චේන්ජ් වෙන්නත් එක්ක මේ චාරිත්‍රවත් හරියට කොරලා බලපල්ලා සිංහලුන්ට හරියයිද කියලා බලන්න අද බාර් එකට දුවන්නේ නැතිව..අඩුම තරමින් ළමයි හම්බෙන්නැති එකවත් නවතීද බලන්න..🤭🤭🤭.නානු කඩේ ගන්න තියනවද ? @pitiye.appu :confused: ඒවගේම ඔබේ ඉෂ්ට දෙවි සිහිපත් කර පින් දෙන්නත් අමතක කරන්න එපා..:yes:


    ඔබට පිහිටවන ඉෂ්ට දේවතාවා ඔබ ම සොයා ගන්න


    ෂ්ට දේවතාවා යනු ජන්මියාට ආරක්‍ෂාව සපයන ජන්මියාව පාලනය කරන දේවතාවාය. ලොව ජීවත්වන ඕනෑම ජන්මියකුට ඉෂ්ට දේවතාවෙක් සිටියි. එම ඉෂ්ට දේවතාවා සොයා එම දෙවියන්ට පුද පූජා පවත්වා පින් පෙත් දීමෙන් අදාළ ජන්මියාට අවශ්‍ය ආරක්‍ෂාව රැකවරණය නොවඩුව ලබාගත හැක. තමන්ගේ ඉෂ්ට දේවතාවා සොයා ගන්නා ආකරය ජෛමිණි සූත්‍රයේ පැහැදිලිව සඳහන් වේ.

    මෙහිදී මුලින්ම ජන්මියාගේ කේන්ද්‍රයේ වැඩිම අංශක ගාණනක් ගිය ග්‍රහයා හෙවත් ඔහුගේ ආත්මකාරක ග්‍රහයා සොයා ගත යුතුය. එම ආත්ම කාරක ග්‍රහයා ඔහුගේ නවාංශක කේන්ද්‍රයේ කුමන ස්ථානයේ සිටී දැයි බැලිය යුතුය. එම ග්‍රහයා සිටින තැන සිට දොළොස් වැන්නට අදාළ කොටුවේ ඇති ග්‍රහයාට අදාළ දේවතාවා එම පුද්ගලයාගේ ඉෂ්ට දේවතා මේ යම් සෙයකින් දොළොස්වන කොටුවේ ග්‍රහයෙකු නොමැති නම් එම කොටුවට අදාළ රාශියේ අධිපති ගෙන ඒම අධිපතිට අයත් ඉෂ්ට දේවතාවා සොයා ගන්න.

    ග්‍රහයින් නව දෙනාට අයිති ඉෂ්ට දේවතාවුන් පහත වේ.

    රවි ග්‍රහයා නම් ඊශ්වර දෙවියන්

    සඳු ග්‍රහයා නම් පත්තිනී දෙවියන්

    කුජ ග්‍රහයා නම් කතරගම දෙවියන්

    බුධ ග්‍රහයා නම් විෂ්ණු දෙවියන්

    ගුරු ග්‍රහයා නම් මහා බ්‍රහ්මයා හෝ සරස්වතී දේවිය

    ශුක්‍ර ග්‍රහයා නම් ලක්‍ෂ්මී දේවිය

    ශනි ග්‍රහයා නම් විෂ්ණු දෙවියන්

    රාහු ග්‍රහයා නම් මහා බ්‍රහ්මයන් හෝ සරස්වතී දේවිය

    කේතු ග්‍රහයා නම් විෂ්ණු දෙවියන්

    ඉහත කේන්ද්‍ර හිමියාගේ ඉෂ්ට දේවතාවා වන්නේ සිකුරුට අදාළ ඉෂ්ට දේවතාව ය. ඒ අනුව ලක්‍ෂ්මී දේවිය එම ජන්මියාට ආරක්‍ෂාව වාසනාව උදාකරන ඉෂ්ට දේවතාවා වේ.

    මෙම ක්‍රමයට අමතරව ලග්නයේ ලග්නාධිපති ග්‍රහයා බලා එම ග්‍රහයා ට අදාළ දෙවියන් ඔහුගේ ඉෂ්ට දේවතාව ලෙස ගැනීම ද බොහෝ දෙනා සිදු කරයි. එම ක්‍රමය ඉහත ජෛමිණි සූත්‍රයේ සඳහන් ක්‍රමයට ඇතැම් අවස්ථාවල පරස්පර වේ. නමුත් එය ද මෙහි සඳහන් කරමි.

    මේෂ හා වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්නාධිපති කුජ බැවින් මෙම ලග්න හිමියන්ගේ ඉෂ්ට දේවතාවා කරතගම දෙවියන්ය.

    වෘෂභ හා තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති ශුක්‍ර බැවින් මෙම ලග්න හිමියන්ගේ ඉෂ්ට දේවතාවා ලක්‍ෂ්මී දේවිය වේ.

    මිථුන ලග්නය හා කන්‍යා ලග්නය ගත් කළ එම ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ වේ. ඒ නිසා මෙම ලග්න හිමියන්ගේ ඉෂ්ට දේවතාවා වන්නේ විෂ්ණු දෙවියන්ය.

    කටක ලග්න හිමියන්ගේ ලග්නාධිපති සඳු බැවින් මොවුන්ගේ ඉෂ්ට දේවතාවා වන්නේ පත්තිනි දෙවියන්ය.

    සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති රවි වේ. ඒ නිසා මොවුන්ගේ ඉෂ්ට දේවතාවා ඊශ්වර දෙවියන්ය.

    ධනු ලග්නය හා මීන ලග්නය හිමි අයගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා වේ. එනිසා මොවුන්ගේ ඉෂ්ට දේවතාවා වන්නේ මහා බ්‍රහ්මයන් හෝ ඔහුගේ බිරිය සරස්වතී දේවියයි.

    මකර හා කුම්භ ලග්නවල ලග්නාධිපති ශනි ග්‍රහයා වේ. එබැවින් මෙම ලග්න හිමියන්ගේ ඉෂ්ට දේවතාවා වන්නේ විෂ්ණු දෙවියන්ය.

    රාහු හා කේතු ග්‍රහයින්ට ස්වක්ෂේත්‍ර රාශි වන කන්‍යා හා මීන ලග්නවලට රාහු හා කේතුට අයිති ඉෂ්ට දේවතාවන්නේ ද පිහිට පැතිය හැක. ඒ අනුව කන්‍යා ලග්න හිමියන් විෂ්ණු දෙවියන්ට අමතරව මහා බ්‍රහ්මයන්ට හෝ සරස්වතී දෙවියට පුද පූජා කර පිහිට පැතිය හැක. එමෙන්ම මීන ලග්න හිමියන්ට ද මහා බ්‍රහ්මයන්ට අමතරව විෂ්ණු දෙවියන්ගෙන් ද පිහිට ලැබේ.

    ඉහත සඳහන් ක්‍රම දෙකම ජන්මියාගේ ඉෂ්ට දේවතාවා සෙවීමට භාවිත කරය.ි පළමුවන ක්‍රමය වඩා නිවැරදි යැයි හැඟෙන අතර දෙවන ක්‍රමය වඩා පහසුවේ. ජ්‍යොතීෂවේදීන් වන අප කවුරුත් මෙම ක්‍රම දෙකම දැන සිටී ම වටී.

    - Divaina -
     
    • Like
    Reactions: pitiye.appu

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නැකතට නාන නිසාද මන්දා, රටක් හැටියට අවුරුද්ද පුරාම නාන එකනම් නානවා මදි නොකියන්න
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    නැකතට නාන නිසාද මන්දා, රටක් හැටියට අවුරුද්ද පුරාම නාන එකනම් නානවා මදි නොකියන්න
    බහුතරයක් නැකතට නාන්නේ නෑ බන් අද කාලේ.. හොඳට චෙක් කරලා බලපල්ලා.. :yes: