🪐 ඉරාන ජනපතිගේ මරණය ඝාතනයක් ද? - Was The President Of Iran, Ebrahim Raisi Assassinated? 🚁💥💀 (Astrology)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    10,232
    18,645
    113
    kvO83kb.png

    ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගේ Ebrahim Raisolsadati / Ebrahim Raisi (14 December 1960 – 19 May 2024) ඉරණම මේ ලිපිය ලියන මොහොත වනතුරුත් නිශ්චිතව නිල වශයෙන් තහවුරු කර නොමැත. එවන් අවිනිශ්චිත පසුබිමක ඔහුගේ ජීවන ඉරණම පිළිබඳ පෙරදිග වෛදික ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත ඇසුරෙන් යම් ගවේශනාත්මක විශ්ලේෂණයක් සිදුකිරීම මේ ලිපියේ අරමුණ වේ.
    --
    1960 දෙසැම්බර් 14 දින ඉරානයේ මෂාඩ් (36.2972° N, 59.6067° E) හි උපත ලැබූ ඉබ්‍රහිම් රයිසි ගේ ජන්ම කේන්ද්‍රය පහතින් දැක්වෙයි.

    LtUxycg.png

    උපන් වෙලාව නිශ්චිත නැතත් සොයාගත් තොරතුරු අනුව මෙය ඔහුගේ ජන්ම කේන්ද්‍රයේ ඉතාම නිවැරදි පිළිඹිබුවක් වේ.
    මෙම ජන්ම පත්‍රයේ කැපීපෙනෙන ලක්ෂණ වන්නේ;
    1. වර්ගෝත්තම වෘශ්චික ලග්නය
    2. විසි දෙවැනි (22) දෙර්කාර්ණාධිපති මෙන්ම සතුරු කාරක මාරක බුධ සහ රිහඃභාවාධිපති රවි ලග්නයේ තැන්පත්ව තිබීම
    3. ලග්නාධිපති කුජ මාරකස්ථානයේ (8) තැන්පත්ව තිබීම
    4. රාහු කර්මස්ථාන ගතවීම
    5. ප්‍රබල ගුරු - ශනි සංයෝගය ධනස්ථානයේ වීම
    6. අන්තරීක්ෂ භාවධිපති (9) ජලකාරක චන්ද්‍රයා වායුස්ථානයේ (12) තැන්පත් වීම
    7. රාහුගේ මහදශාවේ රාහුගේ අතුරු දශාවේ උපත ලබා තිබීම
    වේ.
    මෙහි රවි සහ චන්ද්‍ර රාශි නාම වශයෙන් වෙන්ව සිටියද අංශකයේදී ඉතා සමීපව අන්‍යොන්‍ය රශ්මි මාලාව තුල සිටිමින් වෘශ්චික ලග්න හිමියාට සුවිශේෂ වූ බලවත් රාජ යෝගය ලග්න භාවයේ උදාකර ඇත. තවද අයස්ථානාධිපති රාජ කාරක රවි ට ලග්නයේම සිටිමින් දෘෂ්ටි දී මෙම රාජ යෝගයට උත්ප්‍රේරක සපයන බැවින් රාජ යෝග බල ප්‍රදීප්ත වී ඇත. තවද ධනස්ථානාධිපති ගුරු සහ ගෘහස්ථානාධිපති ශනි ධනස්ථානයේ යෝගවී තිබේ. ද්වීග්‍රහ සංයෝග අතර ඉතාම බලවත් සංයෝගය වන්නේ
    ගුරු - ශනි සංයෝගය බව මීට පෙර මා විසින් ලියා ඇති ලිපි කීපයකම සඳහන් කර ඇත. ශනිට යෝග වියයුතු හොඳම ග්‍රහයා වන්නේ ගුරුය. මෙසේ ශනිගේ නපුරු රෞද්‍ර ගති ගුරුගේ බලවත් සෞම්‍ය ගතියෙන් යටපත් වීම සිදුවේ. උපන්නේ රාහුගේ මහදශාවෙන් බැවින් 2017 දී බුධ ගේ මහදශාව ලැබුවේය. මේ ජන්මියාට බුධ මාරක බැවින් 2017 - 2021 අතර ලැබූ බුධගේ සහ කේතුගේ අතුරුදශා එතරම් ශුභ ඵල දී නැත. 2017 පැවති ජනාධිපතිවරණයෙන් රයිසි පරාජයට පත්වී ඇතිබව සඳහන්වේ. එහෙත් 2021 දී රාජයෝග කාරක රවිගේ අතුරු දශාව සහ බලවත් කර්මස්ථානයේ (10) සිටි රාහුගේ විදසාව ලැබූ බැවින් 2021 දී පැවති ජනාධිපතිවරණය ජයගෙන එරට ජනාධිපති ධූරයට පත්විය.
    --
    වෘශ්චික රාශියේ අධිපතියා වන්නේ නෛසර්ගික පාපියකු ලෙස සැලකෙන කුජ ග්‍රහයාය. කුජ මේෂ රාශියේ ද අධිපතියා වෙයි. ශාස්ත්‍රයට අනුව කුජ වෘශ්චිකය ට වඩා මේෂය ට කාරක බලය පාන්නේ ය. ග්‍රහ වළල්ලේ සෙන්පතියා නම් වන මේ කුජ ග්‍රහයා යුධයට ද රුධිරරයට ද අධිපති වේ. නරකට සිටියොත් අතිශය බිහිසුණු ප්‍රතිවිපාක ලබාදෙන අශුභ ග්‍රයෙකි. කේන්ද්‍රයක කුජට අනිසි නරකම ස්ථානය වන්නේ අට වැන්න (8) හෙවත් මාරකස්ථානයයි. කුජ අටේ සිටීම භයානක පිහිටීමක් වන්නේ එබැවිනි. කවදාක හෝ දරුණු මරණයකට මුහුණ පාන්නට සිදුවේ. හදිසි අනතුරු, ශල්‍යකර්ම, කල් දුක් නොවිඳ එවෙලේම මැරෙන අසනීප, සතුරු ප්‍රහාර ආදි දෙයකින් මරණය සිදුවේ. මේ කේන්ද්‍රයේ ලග්නාධිපති (1) සහ සතුරුස්ථානාධිපති (6) කුජ අටේ තැන්පත්වී තිබේ. තවද වෘශ්චික ලග්නය හිමි මේ ජන්මියා ගේ මාරකස්ථානයට (8) අධිපති බුධ ග්‍රහයා මරණකාරක 22 වැනි දෙර්කාණාධිපති ද වෙමින් ලග්නයේ තැන්පත් වීඇත. එනම් ලග්නාධිපති කුජ මාරකස්ථානයේ (8) සහ මාරකස්ථානාධිපති බුධ ලග්නයේ (1) තැන්පත් වෙමින් ලග්නය සහ මාරකස්ථානය අතර බලවත් මාරක පරිවර්තන යෝගයක් උදාකර තිබේ. මේ හා සමඟම 2024 මැයි 18 දින පවතින මාරක බුධගේ මහදශාවේ සඳුගේ අතුරු දශාව, රාහු ගේ විදශාව සහ රාහුගේ සුක්ෂ්ම අතුරු දශාව ලැබුවේය.

    18/05/2024
    බුධ > චන්ද්‍ර > රාහු > රාහු

    මේ කේන්ද්‍රයේ චන්ද්‍රයා නම වැන්නට (9) හෙවත් අන්තරික්‍ෂයට අධිපති වෙමින් අශුභ කෝණය වන වායුස්ථානයේ (12) තැන්පත්ව සිටියි. චන්ද්‍රයා යනු ජලයට අධිපති ජලකාරක ග්‍රහයාය. ජන්මියා මෙම චන්ද්‍ර අතුරු දශාවේ ජලය හෝ ජලාශ ආශ්‍රිත කටයුතු වල වැඩිමනත් යෙදී සිට ඇත. තවද නම වැන්න (9) යනු විදේශ සම්බන්ධතා සහ පිං පවු, පෙර කලකම් ආදිය පෙන්වන තැනය.

    XN5vzKK.png

    රාහු තැන්පත්ව සිටියේ බලවත් කර්මස්ථානය වන දස වැන්නේය (10). දශාවේදී දහයේ සිටි රාහු රැකිරක්ෂාදිය චංචල කරයි. එහෙත් මහත් ප්‍රසිද්ධිය ලබාදෙයි. මෙය දේශපාලන කටයුතු සඳහා ඉතා සුදුසු පිහිටීමකි. ජන්මියා ද ඉතා ප්‍රසිද්ධ දේශපාලකයෙකි. තවද රාහු යනු ධුමයට (දුම්), වාෂ්පයට (ජල වාෂ්ප, මීදුම) සහ වෙඩිබෙහෙත් වැනි ගිණිගන්නා සුළු හෝ පුපුරණ ද්‍රව්‍ය වලට බලපවත්වන ග්‍රහයා වේ.

    TWGnOpj.png

    ඉහත විස්තර කළ ග්‍රහ පිහිටීම්, ග්‍රහයන්ගේ ස්වභාව, දශා ඵල යන මේ සියල්ල එක්ව සැලකීමේදී ඉරාන ජනාධිපතිවරයාගේ අකල් මරණය සිදුවූ ආකාරය, එකී කාල වකවානුව මෙන්ම එය සිදුවූ පාරසරික සහ භෞතික තත්වයන් පවා ඉතා සියුම් ලෙස විග්‍රහ කරගත හැකිය.

    මෙය ඝාතනයක් ද?

    YOhW2Tk.png

    මෙම ග්‍රහ තත්වයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ස්ථිර වශයෙන් කිවහැකි කරුණක් වන්නේ මෙය ඝාතනයක් බවයි. ඉහතින් විස්තර කර ඇති පරිදි ලග්නය, සතුරුස්ථානය සහ මාරකස්ථානය (6, 8, 12 - ත්‍රික / දුෂ්ට ස්ථාන), ඒවා හා සමබන්ධ ග්‍රහයන් සහ ඔවුනගේ හැසිරීම් මෙන්ම යෙදී ඇති මාරක පරිවර්තන යෝගය සහ දශා ඵලය පරීක්ෂාවෙන් සනාථවන කරුණ වන්නේ;

    g5T6NPO.png

    මෙය ඉතාම බලවත් ස්වදේශීය පාර්ශවයක ඍජු මෙහෙයවීම මත සිදුකල කුමන්ත්‍රණකාරී සාහසික ඝාතනයක් වන බවය. තවද මේ කුමන්ත්‍රණය ට විදෙස් පාර්ශව කිහිපයක්ම සම්බන්ධවී ඇත. යානයේ අභ්‍යන්තරයේ පිපිරීමක් සිදුවී තිබේ. එම පිපිරීමෙන් හිසට සිදුවූ බරපතල හානිය හේතුවෙන් යානය බිමට පතිත වීමටත් පෙර ලග්නකරු ගේ මරණය සිදුවී තිබේ.

    --
    xzf7sIz.png

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,409
    52,326

    Ado dan western widiyata baluwanam dial eka marenne nadda 🤭 🤭
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,126
    3,857
    113
    වෙනකන් කිසි දෙයක් කියා ගන්න බෑ ,ඒත් මොකක් හරි උනාට පස්සෙ එනවා මැරිච්ච එකාගෙ පුකේ හිලට දිව දාන්න.කැරි ගෝත නැකතා 😆😆😆
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,059
    6,428
    113
    ඕක පරීක්ෂණ වලදි දැනගන්න පුළුවන් වෙයි අභ්‍යන්තර පිපිරීමක්ද, කාර්මික දෝශයක්ද, ඩ්‍රෝන් ඇටෑක් එකක් වගේ බාහිරින් ඇති කරපු පිපිරීමක්ද කියලා. අභ්‍යන්තර පිපිරීමක් නම් උඹ වැඩ්ඩෙක්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    10,232
    18,645
    113
    ඕක පරීක්ෂණ වලදි දැනගන්න පුළුවන් වෙයි අභ්‍යන්තර පිපිරීමක්ද, කාර්මික දෝශයක්ද, ඩ්‍රෝන් ඇටෑක් එකක් වගේ බාහිරින් ඇති කරපු පිපිරීමක්ද කියලා. අභ්‍යන්තර පිපිරීමක් නම් උඹ වැඩ්ඩෙක්.
    ඕකේ ඇත්ත තත්වය කවදාවත් හෙළිකරන්නේ නැහැ. ලංකාවේ වගේම තමයි. බඩුයි, හොරුයි, නඩුයි ඔක්කොම හාමුදුරුවන්ගේ :censored:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    10,232
    18,645
    113
    ඒ හැප්පුන විදියට පණපිටින් ඉන්න බැහැනේ බන්.
    උබ හැමදේටම මේ හදහනක් අරන් දුවනවනෙ.
    මම ඕක ගැන වෙන thread එකක කිවුවේ. ඒ වෙලාවේ හැප්පිච්චි කතාවක් කියලා තිබ්බේ නැහැ. hard landing කියලා නේ කිවුවේ. @you are ugly but I මේ ගැන විස්තරයක් ඉල්ලපු නිසා මේක දැම්මේ. මළමිනි වලින් ආතල් ගන්න තරම් sick නැහැ මට