අම්මෝ යකෝ අවුරුදු එක හමාරකට විතර පස්සේ ජිම් එකකට ගියේ. 2014ත් ගිය ජිම් එකමටමයි ගියේ. හැබැයි දැන් තැන වෙනස් කරන්නෙත් වෙන කෙනෙක්. බඩුත් සෑහෙන්න තියෙනවා. කාඩියෝමයි කලේ අද තුන් පාරක් විතර කලන්තෙට ආව, වමනෙට ආව, බොක යන්න වගෙත් ආව. ඒ තරම් සුපිරියට ඉන්න එකා ළඟ ඉඳගෙන instruct කරනවා. මෙතුවක් කාලෙකට ගිය ජිම් වල එකෙක්වත් ළඟ ඉඳල කියල දෙන්නේ නෑ. ඉන්න උන්ගෙන් අහගෙන තමයි ගහන්න ඕන. දවස් තුන හතරක් ගියාම හරියයි කලන්තේ සීන් එක නම්. 


