අද දිවයින පත්තරේ....ක්‍රීඩා පිටුව (if u missed)
අද දිවයින පත්තරේ....ක්‍රීඩා පිටුව බලන්න බැරි වුණ කට්ටියට....
ජයග්‍රාහී 1996 ලෝක කුසලාන ගමනේ අර්ධ අවසන් පූර්ව වටයේදී තමන් එංගලන්තය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු අයුරු යළි සහිපත් කළ ශ්‍රී ලංකාව පෙරේදා (26 දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී එංගලන්තය තරගාවලියෙන් ඉවත්කරමින් කඩුලු 10 ක අති විශිෂ්ට ජයක් ලැබීය.
ඒ සමගින් පිට පිටම දෙවැනි වරටත් ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකදී නවසීලන්ත - ශ්‍රී ලංකා සටනක් නිර්මානයවූ අතර එම තරගය හෙට (29 දා) ජයග්‍රාහී ආර්. ප්‍රේමදාස පිටියේදීම පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ අදාළ අර්ධ අවසන් පූර්ව ජයත් සමගින් ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු වරට ආසියානු රටවල් තුනක් අවසන් පූර්ව තරග අස්‌ථාව ලබාගැනීම (මේ වන විටත් ඉන්දියා සහ පකිස්‌තානය 30 දා මොහාලිහී පැවැත්වෙන අවසන් පූර්ව තරගයට වරම්ලබා සිටිති) ද සටහන් විය.
එම ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත නායක ඇන්ඩෲ ස්‌ටේ්‍රdaස් දිවා/රාත්‍රී තරගවලදී පළමුවෙන් පන්දුවට පහරදෙන කණ්‌ඩායමට වැඩි වාසි සහිත යෑයි කියවෙන ආර්. ප්‍රේමදාස පිටියේ පළමුව පන්දුවට පහරදුන්නද පන්දුවාර 50 දී කඩුලු 6 ක් දැවී ලබාගතහැකිවූයේ ලකුණු 229 ක් පමණි. පන්දු 63 ක් ඉතිරිව තිබියදී එකදු කඩුල්ලක් හෝ නොදැවී අදාළ ඉලක්‌කය සම්පූර්ණ කිරීමට සමත්වූ ශ්‍රී ලංකාව ලෝක කුසලානක කිසිවකු නොදැවී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ලැබූ ජය ලෙසින් වාර්තාවක් ද (1992 ලෝක කුසලානයේදී පකිස්‌තානය විසින් ලබාදුන් ලකුණු 221 ක ඉලක්‌කය කොදෙව්වන් කිසිවකු නොදැවී සම්පූර්ණ කිරීමේ වාර්තාව බිඳ දමමින්) සිය එක්‌දින තරග ඉතිහාසයේ කිසිදු කඩුල්ලක් නොදැවී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ලැබූ ජය සහ ලෝක කුසලානේ කඩුලු 10 ක ජයක් ලැබූ සිය ප්‍රථම අවස්‌ථාවද වාර්තා කළේය (මෙයට ප්‍රථම ශ්‍රී ලංකාව කඩුලු 10 කින් ජයගත් තරග 4 ක් සටහන් වන අතර ඉන් අවස්‌ථා 2කම ප්‍රතිවාදියා වූයේ එංගලන්තයයි)
මෙම සුපිරි ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි පිතිහරඹයක යෙදුණු උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ශාන් හෙවත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා නොබිඳුණු ලකුණු 231 ක සබඳතාවක් වාර්තා කළේ මෙම ලෝක කුසලානේ දෙවැනි වරටත් ද්විත්ව ශතක සබඳතාවක් පිහිටුවමින් සහ දෙවැනි වරටත් ශතක ලබමිනි.
****
1999 ලෝක කුසලානේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 194 ක සබඳතාවක් පිහිටුවමින් ලෝක කුසලානක පළමු කඩුල්ලේ හොඳම සබඳතාව ලෙසින් පකිස්‌තානයේ සහීඩ් අන්වර් සහ වජහතුල්ලා වස්‌ති විසින් පිහිටුවා තිබූ වාර්තාව මෙම ලෝක කුසලානේ මූලික වටයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 282 ක සබඳතාවයකින් බිඳ දැමූ ඩිල්ෂාන් සහ තරංග පෙරේදා ගොඩනැගූ ද්විත්ව ශතක සබඳතාව සමගින් ලෝක කුසලාන ඉතිහාසයේ ද්විත්ව ශතක සබඳතා දෙකක් පිහිටවූ ප්‍රථම යුගලය ලෙසින් තවත් වාර්තාවක් පිහිටුවන ලදි.
ඒ සියල්ලට අමතරව එම ඉනිම අවසානයේ මෙතෙක් ලෝක කුසලානේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයන් බවට (දෙදනාම හතරේ පහර 48 බැගින් එල්ල කරමින්) පත්වීමටද ඩිල්ශාන් සහ තරංගට හැකියාව ලැබුණි.
******
ඒ අනුව මෙම තරගාවසානයේ එම ලැයිස්‌තුවේ සිව්වැනි තැන පසුවන නායක කුමාර සංගක්‌කාරත් (ඉනිම 6කදී ලකුණු 363) මහේල ජයවර්ධනත් (ඉනිම 5කදී ලකුණු 200 යි) සමග ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්‌තුවේ පළමු සිව්දෙනාගේ එකතුවෙන් මේ වන විට ලෝක කුසලානේ ලකුණු 1320 ක් වාර්තාවීමද සුවිශේෂී වේ
*****
මෙම තරගයේදී ලකුණු 86 ක් ලැබූ ජොනතන් ට්‍රොට් මෙම ලෝක කුසලානේ පළමු වරට ලකුණු 400 ඉක්‌මවා ගිය ක්‍රීඩකයා බවට පත්වෙමින් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්‌තුවේ පෙරමුණ ගැනීමත් (ඉනිම 7 කදී ලකුණු 422 යි) තමන් විසින් ලබාදුන් ඉතා පහසු උඩපන්දු 2 ක් පිළිවෙලින් තිලාන් සමරවීර සහ ඇන්ජලෝ මැතිව්ස් අතින්ද තවත් උඩ පන්දුවක් රංගන හේරත් අතින්ද ගිලිහී යැමෙන් අර්ධ ශතකය වෙතයැමේ අවස්‌ථාව ඉයන් මෝගන්ට ලැබීමත් හැරුණු විට එංගලන්ත ඉනිමේ කැපී පෙනුණු ලකුණු වාර්තාවීමක් නොවීය.
මුරලි විසින් මෙම තරගයේදී ලබාගත් කඩලු 2 ක් දවාගත් අතර ඒ සමගින් කඩුලු 13 ක් දවාගනිමින් මෙම ලෝක කුසාලානේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්‌තුවේ 6වැනි තැනට පත්වීමටද ඔහුට හැකිවිය.
සමස්‌තයක් ලෙසින් සෑම ශ්‍රී ලංකා පන්දුයවන්නෙක්‌ම තම වගකීම මැනිවින් ඉටුකළ අතර ඒ අතුරින් ආරම්භ කඩුල්ල දවාගැනිමේ දස්‌කමද සමගින් තරගයේ වීරයා ලෙසින් තිලකරත්න ඩිල්ෂාන් සම්මාන ලැබීය.
*****
මෙය තවත් එක් ජයග්‍රහණයක් පමණක් ලෙසින් සලකා අධි තක්‌සේරුවකට නොගොස් නවසීලන්තය සමග අවසන් පූර්ව තරගයට සූදානම් විය යුතු යෑයි තරගාවසානයේ ශ්‍රී ලංකා නායක කුමාර සංගක්‌කාර ප්‍රකාශ කළ අතර, වැඩි හැකියාවට තැන දී සමුගැනීමට සිදුවුවත් මෙය තවත් ආරම්භයක් හෝ අවසානයක් ලෙසින් නොසලකන බව එංගලන්ත නායක ඇන්ඩෲ ස්‌ට්‍රොස් පවසන ලදී
............අද දිවයින