අද මට හිත ටිකක් රිදුනා මචන්ලා

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සාමාන්‍යෙන් වාහන පිරිවරාගනෙ ඉන්න ස්වාමින් වහනෙසේ කෙනෙක් කියන කෙනෙක්ව දකිනවට වැඩිය අවන්කව මහන්සියෙන් ශාසනේ වෙනුවෙන් දැක්කම පුදුම දුක සතුට මිශ්‍ර හැඟීමක් එන්නෙ, ඉස්සර බුදුහාමුදුරුවන් ගෙ කාලෙදී හාමුදුරුවරු කිලෝමීටර් සියගනන් වැඩපු කාලෙ හුඟක් අය බුද්ධාගමට එකතුවුනේ මේ හාමුදුරුවරු දැකීම නිසා ඇතිවන පැහැදීමෙන්.දැන්වත් පිඬු සිඟා වැඩීම ආරම්භකලොත් බුද්ධාගමෙන් මිනිස්සු ඈත් වෙන එක අඩු වේවි,


    කාලෙකින් දැකපු බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ලියවුන වටිනාම අදහස.
     

    GihanRox

    Junior member
  • Dec 12, 2008
    257
    4
    18
    නියම කොල්ලෙක්නේ උඹ.. උන්වහන්සෙට අසනයක් පැනවපු එකත් ලොකු පුන්‍යකර්මයක් මචන් මමත් අනුමෝදන් වෙනවා.. සාදු සාදු සාදු... ! බාරගත්තු දානෙත් ලස්සනට කරගන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.... ! පුලුවන්නම් දිගටම එවගේ පින්කම් කරන්න...

    ඇත්තටම වැඩ පොලේ වැඩයි මින්ස්සුන්ගේ තිරිස්න වැඩත් එක්ක කළකිරලා රැම්එකට ඇවිත් මේ ත්‍රෙඩ් එක දාක්කාහාම මටනම් හරිම සතුටුයි...
    තෙරුවන් සරණයි....ර්‍
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද පුදුම වැඩක් උනා මචන්, මම විතරයි දවල් ගෙදර හිටියෙ, එක පාරටම කවුරුහරි කතා කරනවා අහුනා ගේ ඉස්සරහයින් මමත් ක්ශනිකව බැලුවා, අදහා ගන්න බැරුව ගියා ස්වාමින්වහන්සෙ නමක් දොර ඉස්සරහා.. උන්නාන්සෙ අල්ලපු ගමේ පන්සලේ වැඩ ඉන්නවා මම දැකලා තියනවා, ඒත් කවදාවත් කතා කරලා තිබුනෙ නැ, අපේ පන්සලට මොකක් හරි වැඩකට වැඩම කරන ගමන් වැස්සට ගොඩ වැදුනා වගේ දෙයක් තමා මට තෙරුනේ.. උන්නාන්සෙ මොකක් හරි කිව්වත් එක්ක ඒත් ඒකවත් මට් හරියට ඇහුනේ නැ පුදුම වෙච්ච පාර.. ගේ හරියෙ සුදු පිරුවටයක්වත් තිබුන් නැ බන් හදිස්සියට, මම සට ගාල ගැනිගෙ අල්මාරියෙන් සුදු බෙඩ් ශීට් එකක් ගෙනත් පුටුවට දාලා වැන්දා, උන්නන්සෙ ගොඩක් මහන්සි පාටෙන් උන්නෙ, මගෙ හිත හෙනම අප්සෙට් උනා ඒකෙන්.. මෙච්චර අල්ලපු ගමේ වාහන තියන උන් ඉන්නවා, පන්සලෙත් වාහනයක් තියනවා, ඒත් ඇයි මේ වැස්සෙ මේ උන්නාන්සෙ පයින් වැඩියෙ කියලා.. වැඩි විස්තරයක් උන්නන්සෙ කිව්වෙත් නැති නිසා නායක හමුදුරුවො හම්බු වෙන්න යනවා කිව්ව නිසත් මම වාහනේ ගිහින් ඇරලුවා, ඒ වෙලාවෙ ඉදන් මට හෙනම අප්සෙට් මචන්, තෙරෙන්නෙ නැ මොකක්ද කියලා, දවල් ගිලන්පස පූජ කරන වෙලාවටමයි උන්නාන්සෙත් ආවෙ, මට දෙන්න දෙයක් තිබුනෙත් නැ, ඒකත් හිතට වැදුනා.. ඔක හිත හිතම ඉදලා හවස ගැනිත් එක්කම අපි පන්සලටත් ගිහින් අල්ලපු ගමේ පන්සලටත් ගිහින් අර උන්නාන්සෙ එක්ක කතා කරලා දහවල් දානෙ බාරගෙන ආවා බන් ලබන සතියෙට, දැනුයි ආවෙ, හිතට සහනයක් දැනුනු ගමන්මයි මේක එලකිරියෙ දාන්න හිතුනෙ.. මෙහෙම දෙයක් ම මීට කලින් කරලත් නැ වෙලත් නැ බන්.. මිනිහෙකුට වෙනස් වෙන්න එක තත්පරයක් ඇති කියන එක අද මට ඇස් පනා පිටිම පෙනුනා..


    පින් කරන්නත් වාසනාව තියන්න ඕන සහෝදරයා. මිනිස්සුන්ට ධර්මය ගැන හිත් වදින්නේ හිතන්නේ නැති වෙලාවල් වලදී. බුද්ධ ශාසනයේ පැවිදි උන උතුමෙක් ගෙදරට අහම්බෙන් වැඩියම මෙහෙම හිත පැහැදිලා පිනට නැඹුරු උනානම් බුදුහාමුදුරුවෝ දැකපු අන්ගුලිමාලලා වගේ උදවියට කොහොම දැනෙන්න ඇතිද?
    අහම්බෙන් හරි මේ වැටුන ට්‍රැක් එකෙන් පිටට එන්න දෙන්නම එපා. පලුවන් තරම් පින් දහම් කරගන්න. ඥාති හිතමිතුරු හැමදෙනාමත් කොහොමහරි එකතු කරගන්න. පිනක් දහමක් කරලා ඒ දැනෙන සන්තෝසේ විඳින්න ඒ පින මුළු හදවතින්ම කරන්න ඕන. ඒ සන්තෝසේ තමයි මේ උඹ ලියල තියෙන්නේ.
    වෙලාවක් තියෙනවනම් රේරුකානේ ස්වාමින් වහන්සේ ලියපු බෞද්ධයාගේ අත්පොත කියවන්න. අද උදේ ත්‍රෙඩ් එකක් දාල තිබුන රේරුකානේ ස්වාමින්වහන්සේ ලියපු පොත් ඔන්ලයින් නොමිලේ ගන්න පුළුවනි ඒ ත්‍රෙඩ් එකෙන්.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ආඩම්බරය් මචන් උබ ගැන..හරක් මරල ළමය්නට උකල ජිවත් වෙන සමජෙක..වෙනස්ම විධියකටය් මචන් අපි ජිවත් වෙන්න ඕන
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83


    උබ හරි සංවේදී බුවෙක්
    මට පේන්නෙ දුක හිතන්න තරම් දෙයක් නෑ
    නිකම්ම ඉන්නෙ නැතුව පස්සෙ, පන්සලට ගිහින් හොයල බලපු එක මාර වැදගත්........
    ඔය වගේ දෙවල් තමයි මචන් අපිට කවදහරි ඉතුරු වෙන්නෙ,
    ලබන ආත්මෙට නෙමෙයි,
    මේ ආත්මෙම හිත සනසගන්න....​

    images
     

    "යම"

    Member
    Jun 22, 2013
    17
    3
    0
    මෙන්න ඉන්නවා නියම කොල්ලෝ ආ... ? හාමුදුරැ නමක් වඩිනවා දකිනකොට කලින්ම් දොරත් වහගෙන කවුරුත් නෑ වගේ බොරු බයිලා පෙන්නන්න උන් ඉන්න රටේ උබ වගේ එකෙක් ගැන අහන්නත් ලැබීමත් සන්තෝසයක්. පට්ටයි ආහ්?

    කියල වැඩක් නෑ , මේක උබ බොක්කෙන්ම කරපු දෙයක් හින්ද ඇත්තටම අගේ කරන්න ඕනෙ. සිරාවටම...