අද මට හිත ටිකක් රිදුනා මචන්ලා

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න උඔට නිදහස් මනසකින් මනුස්සයෙක් විදියට හිතන්න ලැබිලා....එළකිරි ඔහොම්මම යමු
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අද පුදුම වැඩක් උනා මචන්, මම විතරයි දවල් ගෙදර හිටියෙ, එක පාරටම කවුරුහරි කතා කරනවා අහුනා ගේ ඉස්සරහයින් මමත් ක්ශනිකව බැලුවා, අදහා ගන්න බැරුව ගියා ස්වාමින්වහන්සෙ නමක් දොර ඉස්සරහා.. උන්නාන්සෙ අල්ලපු ගමේ පන්සලේ වැඩ ඉන්නවා මම දැකලා තියනවා, ඒත් කවදාවත් කතා කරලා තිබුනෙ නැ, අපේ පන්සලට මොකක් හරි වැඩකට වැඩම කරන ගමන් වැස්සට ගොඩ වැදුනා වගේ දෙයක් තමා මට තෙරුනේ.. උන්නාන්සෙ මොකක් හරි කිව්වත් එක්ක ඒත් ඒකවත් මට් හරියට ඇහුනේ නැ පුදුම වෙච්ච පාර.. ගේ හරියෙ සුදු පිරුවටයක්වත් තිබුන් නැ බන් හදිස්සියට, මම සට ගාල ගැනිගෙ අල්මාරියෙන් සුදු බෙඩ් ශීට් එකක් ගෙනත් පුටුවට දාලා වැන්දා, උන්නන්සෙ ගොඩක් මහන්සි පාටෙන් උන්නෙ, මගෙ හිත හෙනම අප්සෙට් උනා ඒකෙන්.. මෙච්චර අල්ලපු ගමේ වාහන තියන උන් ඉන්නවා, පන්සලෙත් වාහනයක් තියනවා, ඒත් ඇයි මේ වැස්සෙ මේ උන්නාන්සෙ පයින් වැඩියෙ කියලා.. වැඩි විස්තරයක් උන්නන්සෙ කිව්වෙත් නැති නිසා නායක හමුදුරුවො හම්බු වෙන්න යනවා කිව්ව නිසත් මම වාහනේ ගිහින් ඇරලුවා, ඒ වෙලාවෙ ඉදන් මට හෙනම අප්සෙට් මචන්, තෙරෙන්නෙ නැ මොකක්ද කියලා, දවල් ගිලන්පස පූජ කරන වෙලාවටමයි උන්නාන්සෙත් ආවෙ, මට දෙන්න දෙයක් තිබුනෙත් නැ, ඒකත් හිතට වැදුනා.. ඔක හිත හිතම ඉදලා හවස ගැනිත් එක්කම අපි පන්සලටත් ගිහින් අල්ලපු ගමේ පන්සලටත් ගිහින් අර උන්නාන්සෙ එක්ක කතා කරලා දහවල් දානෙ බාරගෙන ආවා බන් ලබන සතියෙට, දැනුයි ආවෙ, හිතට සහනයක් දැනුනු ගමන්මයි මේක එලකිරියෙ දාන්න හිතුනෙ.. මෙහෙම දෙයක් ම මීට කලින් කරලත් නැ වෙලත් නැ බන්.. මිනිහෙකුට වෙනස් වෙන්න එක තත්පරයක් ඇති කියන එක අද මට ඇස් පනා පිටිම පෙනුනා..

    Good work. Appreciate !!

    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආඩම්බර වෙනවා උඹ ගැන
    බෞද්ධ කියලා බෝඩ් එල්ලගෙන, සද්ද දාගෙන හිටියට මදි
    ඔන්න ඕවා තමා වෙන්න ඕන
    නමට පමණක් බෞද්ධයන්ට ආදර්ශයක්

    තෙරුවන් සරණයි!