අද මරණය!!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    8,832
    20,222
    113
    මන් මේ මාස දෙක පුරාම හොස්පිටල් එකට ගියා යාලුවෙක්ගෙ තාත්තකෙනෙක් ඇක්සිඩන්ට් වෙලා නිසා. ( කලින් ඒ ගැන ත්‍රෙඩ් එකක් දැම්මා.) ජීවිතේ මොකක්ද කියල හිතෙනවා එතන ඉද්දි. අද මන් පහට ගියාම ඉස්සරහ ඇදේ අන්කල් කෙනෙක් ඉන්නවා දැන් ටික දවසක ඉදන්. කකුලෙ තුවාල නිසා ඇවිත් තිබුනේ. දිය වැඩියා තුවාල. එයා කතා කරන්නෙ නෑ කියල නර්ස් ඇවිත් එක පාර බැලුවා මොකක් හරි මොනිටර් එකක් ගහල තිබ්බෙ පොඩි. පස්සෙ ඩොක්ට ඇවිත් පපුව ප්‍රෙස් කරල කරල ට්‍රයි කලා. ඒතන ඒ අන්කල්ගෙ පුතා ඉදියා එයත් බයෙන් බලාගේන එයත් ටිකක් වයසයි. පොර බයවෙලා මගෙන් අහනවා මොකද වෙන්නෙ කියල. කොහොම හරි ට්‍රයි කරල කරල ඩොක්ට අන්තිම චෙcක් එකක්ත් කලා ටූච් එක ගහල ඇස් දෙකට. අන්කල් මැරිලා. ඩොක්ට පුතා ලගට ගිහින් කිව්ව තාත්ත නැති උනා කියල පොර ටිකක් වෙලා ශොක් වෙලා ඉදලා මල්ලිට කෝල් එකක් ගන්න ට්‍රයි කරනවා පෝන් එකේ මොකක් හරි අවුලක්.මන් මගේ පෝන් එකෙන් නම්බර් එක ගහල කෝල් එක අරන් දුන්නා. එහා පැත්තෙන් ආන්සර් කරා විතරයි පොර හිර කරන් ඉදපු ශොක් එක පිපිරුව අහයියෙන් අඩාගෙන බාතෲම් පැත්තට ගියා.

    දැකපු මරණ වලින් මෙක ටිකක් හෝ සහනයක් තියෙන මරණයක් ඒත් පුතා බලන් ඉදිය විදිය මට ශොක් උනේ.

    මේ ටිකේ හොස්පිටල් එකෙ පුදුම සිද්දි දැක්කෙ කියන්න බැරිතරම් අවුල්. :( :( :(
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    24,641
    1
    42,972
    113
    ප*යාගල
    sorry.com
    Hospital nm ohoma thamai.
    e kale mn homagama hospital ekata giya ex wa balanna. eki beheth beela nidi.
    ekita issaraha ade hitiye kellek aurudu 20ka withara. dokiyek awa ekiwa balanna. eki kelinma adan idapu top eka galewwa gedi 2 eliye.
    lassna kellek habai leda wela nisada koheda matath kisima feeling ekak awe na. hospital kiyannema musala spots
     
    • Sad
    Reactions: pathaleiretta

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,983
    28,565
    113
    ඒකනෙ බං ඩොක්කු නර්ස්ලා එහෙම බැදලා ඉන්න අමාරුයි කියලා නාහෙන් අඩන්නෙ බැදපු උන්. හොස්පිට්ල් වලම ඉදලා ඔයවගේ සීන් ඩේලි දැකලා
    දැකලා ඒවට ෆේස් කරලා උන්ගෙ තියන සංවේදී ගතිය නැති වෙලාම යනවා
     

    code_infinity

    Active member
  • Sep 20, 2023
    149
    178
    43
    පොල් ගහකින් වැටුන මනුස්සයෙක් (අවුරුදු 35) යන්තං පන තියෙද්දී වාට්ටුවට ගෙනාවා. එයාගේ නෝනාත් ආවා අඩ අඩ. ඒත් එක සැරේම හුස්ම ගියා. මන් පුළුවන් තරම් ට්‍රයි කලා ලොකු ඩොක්ටත් එක්ක CPR දෙන ගමන්. මන් CPR දෙනකොට ආයේ සිහිය ආවා. විනාඩි දහයක් විතර නෝනාත් එක්ක කතා කළා. ආයේ හුස්ම ගියා. ආයේ මන් CPR දුන්නා. ආයෙත් සිහිය අවා. විනඩියකින් දෙකකින් ආයේ සිහිය නැති උනා. මගේ ජීවිතේ පළවෙනියටම අස් ඉස්සරහ සිහිය නැති වෙනවා දකින නිසා දරාගන්න අමාරුයි. අර මනුස්සයා අඩද්දි තව දුකයි. ලොකු දොස්තර කියන එක අහන්නේ නැතුව මන් ඇඟ උඩ නැගගෙන ආයෙත් CPR දුන්නා. මන් දන්නෙත් නෑ මගේ මාත් ඉකි ගාගහ අඩනවා. එක දිගට විනාඩි 30ක් විතර ට්‍රයි කලා. ඒත් ආයේ පන ආවේ නෑ. 😭😭😭
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    15,482
    11,541
    113
    Piliyandala
    මමත් නැවතිලා හිටියා ඩෙංගු නිසා...

    මහා මුස්පේන්තු vibe ekak enne ban..

    Gedara gihillath kisima go ekak naha ..

    Maha muspenthu feeling ekak enava .
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    6,423
    5,268
    113
    පොල් ගහකින් වැටුන මනුස්සයෙක් (අවුරුදු 35) යන්තං පන තියෙද්දී වාට්ටුවට ගෙනාවා. එයාගේ නෝනාත් ආවා අඩ අඩ. ඒත් එක සැරේම හුස්ම ගියා. මන් පුළුවන් තරම් ට්‍රයි කලා ලොකු ඩොක්ටත් එක්ක CPR දෙන ගමන්. මන් CPR දෙනකොට ආයේ සිහිය ආවා. විනාඩි දහයක් විතර නෝනාත් එක්ක කතා කළා. ආයේ හුස්ම ගියා. ආයේ මන් CPR දුන්නා. ආයෙත් සිහිය අවා. විනඩියකින් දෙකකින් ආයේ සිහිය නැති උනා. මගේ ජීවිතේ පළවෙනියටම අස් ඉස්සරහ සිහිය නැති වෙනවා දකින නිසා දරාගන්න අමාරුයි. අර මනුස්සයා අඩද්දි තව දුකයි. ලොකු දොස්තර කියන එක අහන්නේ නැතුව මන් ඇඟ උඩ නැගගෙන ආයෙත් CPR දුන්නා. මන් දන්නෙත් නෑ මගේ මාත් ඉකි ගාගහ අඩනවා. එක දිගට විනාඩි 30ක් විතර ට්‍රයි කලා. ඒත් ආයේ පන ආවේ නෑ. 😭😭😭
    hammata siri, defibrillator use karala balanne nadda
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,931
    113
    Nugegoda
    ඔයවගේම සීන් කීපයක් මට වෙලා තියෙනව. මගේ මාමා (අම්මගෙ අයියා) 2008 හොස්පිටල් එකේ මාසයක් විතර හිටිය අන්සභාගේ හැදිලා මම තමයි ඒ මාසෙම ලඟ හිටියෙ. මුලු දවසම හොස්පිටල් එකේ පැය 4ක් ගෙදර ඇවිල්ල යනව කාල ටිකක් නිදාගන්න එච්චරයි.

    දවසක් මම හවස ඉන්නකොට පොරක් ඔපරේශන් එකක් හරි මොකක් හරි කරල වාට්ටුවට දාල. ගෙදර කට්ටිය එක්ක හිනා වෙවී කත කර කර ඉන්නව දොස්තරලත් හිටිය ලඟම නර්ස්ලත් හිටිය. මම ඉතින් ඒක බලල අනිත් පැත්ත හැරිල පෝන් එක ටිකක් විනාඩියක් විතර බලලා එහෙම අපහු බලනකොට කට්ටිය අර මනුස්සය දමාගෙන ප්‍රෙස් කරනව හාට් එක නැවතිල විනාඩි 5ක් වත් ගියෙ නෑ බං මේ පවුලෙ අය එක්ක හිනා වෙවී කතා කර කර හිටපු මනුස්සය මැරිලා. 2008 විතර ඕක උනේ. ඔහොම සීන් නිතරම මම දකිනව අපේ මාම ලෙඩා නිසා ගෙදර ගෙනල්ල හිටියත් මාසෙකට සැරයක් 2සැරයක් අනිවා හොස්පිටල් එකට යන්න වෙනව ගොඩක්ම පාන්දරට යැවෙන්නෙ පොරට අසනීප වැඩිවෙන්නෙ පාන්දරට. මාර දේවල් ඒ කාලේ දැක්කෙ මට 2020 විතර වෙනකල් ජීවිතේම කලකිරිල හිටියෙ තවමත් ඒක ඇරිල නෑ හිතින්.

    ආය මගේ ඉස්සරහම මනුස්සයෙක් මැරුන වහ බීල ඇවිල්ල කොල්ලෙක්. හෝස් බට කෑල්ලක් උගුරට දාල මොනවද පොවල වමනෙ කරවනව ඒත් හරිගියේ නෑ මැරුන ඊට පස්සෙ බොඩි එක එතනම කොරිඩෝ එකක් ගාව දාල තිබුන උදේවෙනකල් වහල.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,099
    1,069
    113
    හඳේ ...
    මමත් ඔය වගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් ගාව හිටියා. කැන්සර් එකක් තිබ්බේ. නර්ස් කෙනෙක් කීවා කරන්න ඕනේ හැමදේම අපි කරලා තියෙන්නෙ සතුටින් තියන්න කියලත්. මේ හොදට ඉද්දි කීවෙ. උන් දන්නවනෙ ඉතින් කන්ඩිශන් එක ඉතින්. යාලුවාට එහෙම කීවමත් මල. හපෝ පුදුම දුකක් වින්දෙ බන්. මනුස්සයා මැරෙන බව දැන දැන අන්තිම මොහොත වෙනකන් අල්ලන් හිටියා ජීවිතෙ. පිටට පෙන්නුවෙ නෑ වේදනාව. අරහෙන් මෙහෙන් බට ගහලා, කටු ගහලා මාර වේදනාවකින් ඉන්න ඇත්තෙ. දරුවන්ටවත් පෙන්නුවෙ නෑ ඒක මැරෙනකන්. අන්තිමට මලා 😓..එක පාර පන යන එක හොදයි බන් එහෙම වෙනවට වඩා.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    930
    1,012
    93
    අපේ ගෙදර !
    මම නම් අනන්ත ඔහොම ඒව දැකල තියෙනව. ඉස්සර තාත්ත ලග ඉන්නකොට අල්ලපු ඇදේ ලෙඩා රෑට මැරෙනව. උදේ වෙනකන් කවර් කරල තියනව. ඔක සාමාන්‍ය දෙයක්.

    එක දවසක් උන දෙයක් කියන්නද? අල්ලපු ඇදේ හිටිය දියවැඩියාව නිසා කකුල කපල තුවාලෙ එක්ක හිටපු අන්කල් කෙනෙක්. මම ඉන්නකොට එයාගෙ පුතා ඇවිල්ල අන්කල්ට හොදටම බනිනව දේපල අක්කට දෙන්න යනව කියල. කොහොම හරි පොර බැනල ගියා. ඊලග ඩවසෙ උදේ අන්කල්ගෙ දුව ආව. දුව නම් නිකන් කතා කරල ගියා. දවල් වෙද්දි අන්කල් මැරුන.
    දවල් පුතා ඇවිල්ල කදුලු පුරවගෙන බලන් ඉන්නව.

    කරපුව ආයෙ ගන්න බෑ.
    ඒ වගේම ඌ උගේ මුලු ජීවිත කාලෙම පසුතැවෙන්න දෙයක් එක විනාඩි කිපෙකින් හදාගත්ත ඊට කලින් දවසෙ.

    මම උගත් පාඩම තමයි ඔනම ප්‍රශ්නෙකදි ඒ මොහොත ගැන හිතන්නෙ නැතුව, ජීවිතකාලයක් මට තියෙනව ඒකෙ පසුතැවෙන්න ඔනි නෑ කියන මයින්ඩ් එක ඇතුව ඩිසිශන් ගන්න ඔනි කියන එක.

    එදා ඉගනගනිපු එක ගොඩක් තැන් වලදි මට ඔනි උනා. ඉස්සරහටත් ගොඩක් තැන් ඒවි.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,001
    3,934
    113
    අනිත් ඉස්පිරිතාල වලටත් වඩා පිළිකා රෝහලේ ඔය සීන් එක තදටම වෙනවාලු. මේ ඉන්න ලෙඩා මේ බලද්දි මැරිලාලු. මමනම් ගිහින් නෑ ලෙඩෙක් ගාව හිටපු කෙනෙක් කිව්වේ. බයෝ කරලා දොස්තර කෙනෙක් වෙන්න බැරි උන එක ගැන මම සතුටු වෙන්නේ ඕකයි.ඒත් මම කල්පනා කරන්නේ මට ඒ වගේ ශොක් එකක් ආවොත් මොනවා වෙයිද කියලා. අනාථයෙක් ඇරෙන්න අනිත් හැම කෙනෙක්ම මූණ දෙන්න වෙන සිදුවීමක් ඒක. අම්මා තාත්තා මැරෙන්න කලින් තමන් මැරෙන අයත් ඔය ශොක් එකෙන් බේරෙනවා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,257
    12,334
    113
    කරපුව ආයෙ ගන්න බෑ.
    ඒ වගේම ඌ උගේ මුලු ජීවිත කාලෙම පසුතැවෙන්න දෙයක් එක විනාඩි කිපෙකින් හදාගත්ත ඊට කලින් දවසෙ.

    ....

    එදා ඉගනගනිපු එක ගොඩක් තැන් වලදි මට ඔනි උනා. ඉස්සරහටත් ගොඩක් තැන් ඒවි.

    මේක නම් හරියට හරි ...
    කොච්චර තරහා ගියත් බනින්න නම් හොඳ නෑ..

    අම්මලා තාත්තලා එක්ක හිතින් වත් තරහා වෙන්න හොඳ නෑ ..
    දවසින් දවස අපිට එයාලා එක්ක ඉන්න තියන කාලේ අඩුවෙන එක තමා වෙන්නේ

    අනිත් ඉස්පිරිතාල වලටත් වඩා පිළිකා රෝහලේ ඔය සීන් එක තදටම වෙනවාලු. මේ ඉන්න ලෙඩා මේ බලද්දි මැරිලාලු. මමනම් ගිහින් නෑ ලෙඩෙක් ගාව හිටපු කෙනෙක් කිව්වේ. බයෝ කරලා දොස්තර කෙනෙක් වෙන්න බැරි උන එක ගැන මම සතුටු වෙන්නේ ඕකයි.ඒත් මම කල්පනා කරන්නේ මට ඒ වගේ ශොක් එකක් ආවොත් මොනවා වෙයිද කියලා. අනාථයෙක් ඇරෙන්න අනිත් හැම කෙනෙක්ම මූණ දෙන්න වෙන සිදුවීමක් ඒක. අම්මා තාත්තා මැරෙන්න කලින් තමන් මැරෙන අයත් ඔය ශොක් එකෙන් බේරෙනවා
    පිළිකා වගේ තියන ලෙඩ්ඩු හොඳ කරන්න බැරි බව අපි දන්නවා නේ ගොඩක් වෙලාවට..

    පොඩි උන්.. මැරෙනවා දැක්කම 🥺
    තව හොදට හිටපු අයියා කෙනෙක් නැතිවුණා. හීනෙන් වත් හිතුවේ නෑ ඌ මරෙයි කියලා..

    උගේ මරණෙන් පස්සේ මට මේ ජීවිතේ කියන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඇවුරු ගානක් කල්පනා කළා ..
    ------ Post added on Apr 20, 2024 at 3:35 AM