ඈ බෝල උබ පිටියෙ අප්පු එහෙම නෙවෙයි නේද 

මම දන්න තරමින් අදාල සර්පයාගෙ විෂ වෙනමම එලියට අරගෙන ඒ විෂම සැර බාල කරල තමයි ප්‍රති - විෂ හදන්නේ.. වැරදි නම් නිවැරදි කරන්න.. එහෙම හදපුවා තියෙනවා සර්පයා හරියටම දන්නවනම් දෙනව ඇති..
View attachment 102731
View attachment 102733
View attachment 102732
සර්පයන් දෂ්ඨ කිරීම
01.සර්පයන් දෂ්ටකිරීමේ අවධානමට ලක් වන පුද්ගලයින් කවුද?
සර්පයන් බහුල පෙදෙස් වල ජීවත් වන පුද්ගලයන්
සර්පයන් සැඟව සිටින තණකොල ,කුඩා පදුරු ,වියලි කොල සහිත බිම් හරහා නිතර ගමන් කරන පුද්ගලයින්
කුඹුරු අසල , මඩ වලවල් අසල නිතර ඇවිදින පුද්ගලයින් තිත් පොලගන් දෂ්ට කිරීම් වලට ලක්වීමේ අවදානම වැඩි වේ.
කුඩා පොකුණු,කුඩා දිය දහරාවන් අසල නිතර ඇවිදින පුද්ගලයන් නාගයන් දෂ්ට කිරීම් වලට ලක්වීමේ අවධානම වැඩි වේ.
රාත්‍රීයේ වැසි කාලයට බිම නිදාගන්නා පුද්ගලයින් කරවලුන් දෂ්ට කිරීමේ අවධානමට ලක් වේ.
ගෙවත්තේ උද්‍යාන වල ,කුණු ගොඩවල් අසල දැත් උපයෝගී කරගෙන වැඩකරන පුද්ගලයන් කුණකටුවා දෂ්ට කිරීම් වලට බහුලව ලක් වේ.
සර්පයන් ඇල්ලීමට,අතපත ගෑමට උත්සාහ කරන පුද්ගලයින්
02.සර්පයකු දෂ්ට කල විට ඇති වන ලක්ෂණ මොනවාද?
සර්පයන් දෂ්ට කල විට ඇති වන රෝග ලක්ෂණ දෂ්ඨ කල සර්පයා සහ ඇතුලු වූ විෂ ප්‍රමාණය අනුව වෙනස් වේ.
විෂ සහිත සර්පයකුගේ විෂ දළ වල විෂ වර්ග කිහිපයක් පවතී.ඒවා මගින් හෘදයේ ,ස්නායු පද්ධතියේ,රුධිර කැටි ගැසීමේ ක්‍රියාකාරීත්වය අඩපණ වේ.සර්ප දෂ්ටනයට ලක් වු පටක වලට හානි කරයි.
මෙහිදී හෘදය වස්තුවේ ස්නායු පද්ධතියේ සහ රුධිර කැටගැසීමේ වෙනස්කම් සර්ප විෂ සමස්ථ සිරුරටම බලපා ඇති විට ඇති වේ.සර්ප දෂ්ටනයට ලක් වු අවයවයේ ඇති වන වෙනස්කම් එම ස්ථානයේ පටක වලට විෂ ඇතුලු වී ඇති බව දක්වයි.
මෙම ලක්ෂණ ඇති වන කාලය ඇතැම් විට පැය කිහිපයකින් වුවද විය හැක.
1.සර්ප දෂ්ටනයට ලක් වු ස්ථානය රතු වේ.සමේ පැහැය වෙනස් වේ.එමෙන්ම එම පෙදෙස ඉදිමීමට ලක් වේ.
2.විෂ දළ වල ලකුණු සම මත දැකිය හැකිය.
3.දෂ්ඨ කල ස්ථානයේ දැඩි වේදනාවක් ඇති වේ.
4.කරකැවිල්ල ,වමනය ,ක්ලාන්තය ඇති වේ.
5.පෙනීම දුර්වල වීම ,දෙක බැගින් පෙනීම ,පෙනීම අපහැදිලි වීම දැකිය හැකිය.
6.හුස්ම ගැනීමේ අපහසුව
7.දහඩිය දැමීම වැඩි වීම , කෙල බේරීම
8.අත් පා පන නැති වීම සහ සමායෝජන හැකියාව දුර්වල වීම.
9.සමේ ලේ ගැලූ ස්ථාන දක්නට ලැබීම ,ලේ වමනය ,ගුද මාර්ගයෙන් ලේ ගැලීම,මැලීනා තත්වය (තද කලු තාර මෙන් මලපහ පිට වීම)ඇති වේ.එමෙන්ම සිරුරේ අභ්‍යන්තරයේ රුධිර වහනය වීම් සිදු විය හැකිය.
03.සර්ප දෂ්ටනයකදී සිදු කල යුත්තේ කුමක්ද?
රෝගියා සනසන්න.ඔහුගේ/ ඇයගේ සිතෙහි බිය ඉවත් කරන්න.එවිට විෂ සිරුර පුරා ව්‍යාප්ත වීමේ වේගය අඩුය.
රෝගියා හාන්සි කරන්න.සර්පයා දෂ්ට කල අත හෝ කකුල හෘදයේ මට්ටමට වඩා පහලින් තබන්න.
තුවාලය හොදින් සබන් ගා සෝදන්න.දෂ්ට කල ස්ථානය පිරිසිදු වියලි රෙදි කඩකින් වසන්න.
අත් වල දමා ඇති මාල වලලු සහ තද ඇදුම් ඉවත් කරන්න.
දෂ්ට කල ස්ථානය සොලවන විට විෂ පැතිරීම වැඩි බැවින් ස්පිලින්ට් එකක් ලී පතුරක් තබා නොසෙලෙන ලෙස බදින්න.
හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන්න.
සර්පයා ආරක්ෂාකාරීව අල්ලා ගත්තේ නම් හෝ මරා දමා ඇත්නම් ආරක්ෂිත බෝතලයක දමා රැගෙන යන්න.
04.සර්ප දෂ්ටනයකදී ඔබ නොකල යුතු දෑ මොනවාද?
තුවාලයට කට තබා ඉරීමෙන් වලකින්න.
තුවාලය වටා සම බ්ලේඩ් තල ,පිහිය ආදියෙන් කැපීමෙන් වලකින්න.
තුවාලයට කොන්ඩිස් ,බෙටාඩීන් ආදිය දමා සුද්ද කිරීමෙන් වලකින්න.
තුවාලය සෝදන විට තදින් ඇතිල්ලීමෙන් වලකින්න.
සර්ප දෂ්ටනය සිදු වු ස්ථානයට අයිස් තැබීමෙන් හෝ වතුරේ ගිල්වා තැබීමෙන් වලකින්න.
සර්ප දෂ්ටනයට ලක් වු අත හෝ පාදයේ තදින් පටි වලින් ගැට ගැසීමෙන් (tourniquet) වලකින්න.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝග ලක්ෂණ මතු වන තෙක් නොසිටින්න.හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න.
ඇල්කොහොල් හෝ කැෆේන් අඩංගු දෑ බීමෙන් වලකින්න.
05.දෂ්ට කල සර්පයා හදුනා ගැනීමේ ඇති වැදගත්කම කුමක්ද?
සර්පයා හදුනා ගැනීම මගින් සිරුරට ඇතුලු වු විෂ වර්ගය දැන ගත හැක.එමගින් ඇති විය හැකි රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර සිදු කල හැක.උග්‍ර විෂ සහිත සර්ප දෂ්ඨනයකදී හැකි ඉක්මනින් ප්‍රති විෂ ලබා දීම සිදු කල හැක.සර්පයා රැගෙන යාමේදී තදින් කරකවා මුඩිය වැසිය හැකි ඝනකම් ප්ලාස්ටික් විනිවිද පෙනෙන භාජනයක දමා රැගෙන යන්න.
06.සර්ප දෂ්ටනයට ඇති ප්‍රතිකාර මොනවාද?
ශ්‍රී ලංකාවේ ජීවත්වන බොහෝ සර්පයන් නිර්විෂ සර්පයන් වේ.මද විෂ සහිත සර්පයන් අඩු විශේෂ සංඛ්‍යාවක් ජීවත් වන අතර උග්‍ර විෂ සහිත සර්පයන් ඇත්තේ අතලොස්සක් පමණි.මෙහිදී ප්‍රතිවිෂ ලබා දෙනුයේ නාගයා , තිත් පොලගා ,තෙල් කරවලා ,මුදු කරවලා සහ වැලි පොලගා යන උග්‍ර විෂ සහිත සර්ප දෂ්ටන වලදී පමණී. සර්ප දෂ්ටනයේදී ප්‍රතිවිෂ ලබා දෙනුයේ සර්ප විෂ සමස්ථ සිරුරට බලපා ඇති විට පමණි.දෂ්ටනයට ලක් වු අතේ හෝ පාදයේ විෂ ඇතුල් වු බවට සාදක ඇතත් ප්‍රතිවිෂ ලබා නොදේ.නමුත් නාගයා දෂ්ටකල අවස්ථාවක අතේ හෝ පාදයේ බාගයකට වඩා ඉදි මී ඇත්නම් ප්‍රතිවිෂ ලබා දේ.
රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම .
වේදනා නාශක ලබා දීම. උදා - පැරසිටමෝල්
07.සර්ප දෂ්ඨනය නිසා ඇති වන සංකූලතා මොනවාද?
මෙය දෂ්ට කල සර්පයා සහ ඇතුලු වූ විෂ ප්‍රමාණය මත වෙනස් වේ.
දෂ්ට කල ස්ථානයේ ඉදිමුම , විෂ නිසා ස්නායු රුධිරවාහිනී, මාංශ පේශී සහ අවට සම මිය යා හැක.එම නිසා අත්,පා මිය ගොස් ඉවත් කිරීමට සිදු හැක.
ලේ වලට විෂ බීජ ඇතුල් වීම නිසා සෙප්ටිසීමීයා රෝග තත්වය ඇති වීම.
රුධිර පීඩනය දැඩි ලෙස අඩු වීම.
සිරුරේ අභ්‍යන්තර රුධිර වහනයන්
හුස්ම ගැනීමට උපකාරී වන මාංශ පේශී අඩපණ වීම.
වකුගඩු අකරණිය
කුණකටුවා දෂ්ට කිරීම නිසා ත්‍රීව හෝ නිදන්ගත වකුගඩු අකරණිය
තිත්පොලගා දෂ්ට කිරීම නිසා ත්‍රීව ( Acute renal failure) වකුගඩු ආතතිය
08.සර්ප දෂ්ටනය වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
සර්ප දෂ්ටනය නිසා සිදු වන අනතුරු බොහොමයක් වලක්වා ගත හැකි ඒවා වේ.සර්පයන් හට අනතුරක් දැනුනු විට හැර අන් සෑම අවස්ථාවකදීම ඔවුන් මිනිසුන් මග හැර යයි.
සර්පයන් නිතර ගැවසෙන කොලරොඩු ,පොල්ලෙලි කුඩා පදුරු ,උසට වැඩුනු තණකොල ඇති ස්ථාන වලදී පරිස්සම් වන්න.
සර්පයන් බහුල පෙදෙස් වල රාත්‍රී ගමන් වලදී සපත්තු පලඳින්න.
කලුවරේ රාත්‍රියේ ගමන් කිරීමෙන් වලකින්න.සෑම විටම එලියක් රැගෙන යන්න.
හැකි නම් සැරයටියක් වැනි ලීයක් රාත්‍රී කාලයේදී බිමට තට්ටු කරමින් යන්න.මෙවිට කම්පනය නිසා සර්පයන් පාරෙන් ඉවත් වේ.
සපත්තු පැලදීමේදී දණහිස දක්වා ආවරණය වූ ඝණකම් රබර් හෝ ලෙදර් සපත්තු වඩා සුදුසු වේ.
සර්පයන් අතින් ඇල්ලීමට උත්සාහ නොකරන්න.මරා දැමු හෝ හිස කදින් වෙන් කල මිය ගිය සර්පයන් වුවද ඇල්ලීමට උත්සාහ කිරීමේදී සර්ප දෂ්ඨනයට ලක් විය හැකිය.