අද වැනි දවසක කෙනඩි සහ ජැකලීන්

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
අද වැනි දවසක කෙනඩි සහ ජැකලීන්

John-F-Kennedy-Assassination-Reenactment.jpg


වසර පනස් තුනකට පෙර අද වැනි දවසක , ජනපති ජෝන් එෆ් කෙනඩි සාහසික වෙඩි උණ්ඩයකට ගොදුරු වුයේ ඇමරිකානු ඉතිහාසය කණපිට හරවමිනි.

1963 වසරේ නොවැම්බර් මස 22 වැනි දින ටෙක්සාස් නගරයේ ඩලාස් නගරය ජනී ජනයාගෙන් පිරෙමින් පැවතිණ. ඔවුන් අපේක්ෂාවෙන් සිටියේ ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි ගේ සහ ඔහුගේ රූමත් ආර්යාව ජැකලීන් කෙනඩි සම්ප්‍රාප්තියයි. ඔවුන් ගත කරන්නේ ඇල්මැරුණු යුග දිවියක් වුවද ලෝකයා ඉදිරියේ ප්‍රේමණීය ඉරියවු පල කළ ජැකී-කෙනඩි යුවල රැගත් විවෘත ලිමොසින් මෝටර් රථය දෙපස පොදි කන මහා සෙනග අතරින් ඉදිරියට ඇදී ගියේය.
600x400

kenadi 2එක්වරම නිකුත් වන වෙඩි හඬකි. තම ගෙල පෙදෙස දෑතින්ම ආවරණය කරන ජනපතිවරයා ආර්යාව දෙසට නැඹුරු වන අතර , ඇයට යමක් සිතන්නට ඉඩ නොතබන අසුරු සැණකින් තවත් වෙඩි හඬක් පිට විය . ඒ ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනෙඩි ගේ දිවියට නැවතීමේ තිත තබන්නට තරම් භයානක වූත් - රූමත් ජැකලීන් වැන්දඹුවක් බවට ඇද දමන්නට තරම් අකාරුණික වුත් මරණයේ වෙඩි උණ්ඩයයි.



ලේ මස් සමග හිසෙහි පැත්තක් සුණු විසුණු වී යන කෙනඩි අප්‍රාණිකව ඉදිරියට නැමෙයි. එසැණින් රූමත් ජැකී , ඉදිරියට ධාවනය වන රථයේ පසුපස බඳ පෙදෙස මත දණ ගාන අයුරු ද පසුපසින් දිවවිත් රථයට ගොඩවන ප්‍රභූ ආරක්ෂකයා ඇයව වලක්වන අයුරුද දක්නට ලැබිණි. කම්පනයට පත් ජැකී තම ආරක්ෂාව පිණිස එසේ කරන්නට ඇතැයි බොහෝ දෙනා සිතුවද එහි සිදුව තිබුණේ අනෙකකි. මේ වෙඩිපහර සමග පියවි සිහිය අහිමි වන ඒ සියුමැලි රූමතිය අනතුර නොතකා රිය බඳ වෙත පිවිසෙන්නේ සැමියාගේ ගේ මොළයෙන් විසි වී යන කැබැල්ලක් වැටෙන්නට නොදී අසුලා ගැනීමටය.

19620hv9xzqbmjpg.jpg
ඔවුන් ගත කළ යුග දිවිය කෙතරම් අමිහිරි වුවද අනතුර දුටු තැන අවදි වන ජැකී ගේ ගැහැණු සිත කෙනෙඩි වෙනුවෙන් කැප වන්නී,සැමියා මෙලොව හැර යනතෙක්ම වෛද්‍යවරුන් සමග අරගල කරමින් ඔහුගේ සිරුර අත් නොහැර රැදී සිටීමට ධෛර්යසම්පන්න විය.


කෙනඩි ඝාතනයට චෝදනා පිට අත්අඩංගුවට ගත් සැකකරුවා පොලිස් රැකවල් මැද සිටියදී හදිසියේ කඩා වදින තුන්වැනි පාර්ශවයක් විසින් වෙඩි තබා මරා දමන අතර කෙනෙඩි ඝාතනය අදටත් අබිරහසක් බවට පත් කරමිනි.kenadi 1


ඉනික්බිතිව එළඹුණු දුර්ගාන්ත කාල වකවානුවේදී ජැකලීන් කෙතරම් නම් චිත්ත පීඩාවෙන් පසු වූයේද යත් කිහිප වරක් ම සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ බව පසුව ඇය විසින්ම හෙළිදරවු කරන ලදී. වෙනකක් තබා තම සැමියා ජීවතුන් අතර සිටියදී ඔහු හා හොර රහසේ ඇසුරු කළ ලෝප්‍රකට සරාගිනිය මැරිලින් මොන්රෝ ගේ සිය දිවි නසා ගැනීම පිළිබඳව ද ඇයට ඇගේම අදහසක් තිබිණි. " අඩුම තරමේ මොන්රෝ නම් එහෙම හරි මේ පීඩාවෙන් ගැලවුණා" ජැකලීන් පසුකාලීනව තම සැමියාගේ රහස් ප්‍රේමවන්තිය පිළිබඳව පැවසුවේ එපමණකි.

....................................................

1963 වසරේ නොවැම්බර් මස 22 වැනි දින ජෝන් එෆ් කෙනඩි මිය යන්නේය.

ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයට එක් ජනපතිවරයෙක් අහිමි වී යද්දී විශාල, ගැඹුරු හදවතක් ඇති සියුමැලි ළඳකට තම සැමියාගේ දුක්ඛදායක වියෝගය සහ කම්පනය උරුම වන්නේය.



THANKS