අද සතුටක් වගේ ම අපහසුතාවයකටත් ලක් උනා......

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අද සතුටක් වගේ ම අපහසුතාවයකටත් ලක් උනා......

    අද සතුටක් වගේ ම අපහසුතාවයකටත් ලක් උනා......
    අපහසුතාවය ඉසෙල්ල........මගේ පුතා පන්තියට එන ඉන්ග්ලිශ් ටීචර් පීරියඩ් එක ඉවර වෙලා යනකොට කියල ආයෙනම් එන්න එපා ටීච කියල...ඒක ලග හිටපු ලමය එවලෙම කෑ ගහල කියල...ටීචර් පුතාව ප්‍රින්සිපල් ලගට ගෙනිහිල්ල.......අපි ඉස්කෝලෙ යන කාලෙ කරපු දේවල් මතක් උනා.....මට තාම මතකයි ඔය වගේ මමත් කිව්ව ගනන් උගන්වන ටීචට....කිව්වෙ ටීච මැරෙනවනම් හොදයි කියල....ඒ ටීච ලගට ඇවිත් කිව්වෙ මැරුනත් ගනන් ටික ඇවිත් බලනව කියල...අද හිතනකොට කොච්චර සොදුරුද? අපිට හිටියෙ උපාධිධාරී ගුරුවරු.....යම්තාක් ජීවිතේ විදි......වෙනස සහ වැරැද්ද මගේ.......ඉන්ටර්නැෂනල් යවන එක.......මේ අවුරුද්ද විතරක් යවනව....

    සතුටු දේ...පුතා කියල ඔව් මම ඒක කිව්ව තමයි කියල...මම එදා ඉදලම එයාගෙ මේ හැසිරීමට ගරු කරනව...හැමෝම බොරු කියන බොරු කරන ලෝකෙක..තමන්ගෙ වැරැද්ද නොබියව බාරගන්න එක...ඉස්සරත් ඒ වගේමයි..කරපු කියපු දෙයක් නෑ කිව්වෙ නෑ කිසිම දවසක...ඔයා අද කරපු දේ අද මම ඔයා ඉස්සරහ අගය නොකලත්..... හිතින් සතුටු වෙනව ඔයා ගැන...දවසක ඔයත් මේ ගැන ආඩම්බර වේවි මගෙ පැටියෝ....
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Salli tibba paliyata international yawanna epa ban lamayawa. or Anagathe hoda wenna kiyala yawannath epa. lamaya Loku wenakota thamai therenne. Oya dan Company wala inna Lokko okkoma Internatioanl school giya ewnda? na ne.
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගේ හිතේ අමාරුවට බන් දැම්මේ......තවම අවුරුදු 9 යි......මම එයාව හුගක් යොමුකරන්නේ සමාජ සත්කාර වලට,,,එයා ලියෝ කෙනෙක් නෙමෙයි..ඒත් ඒ ප්‍රෝග්‍රෑම් වලටත් යනව සතුටින්.....කුබුරු වල ගොයම් කපනකොට.....ඇලවල් වල මාලු අල්ලන්න...වැස්සෙ තෙමෙන්න...ඔය වගේ ගොඩක් දේවල් වලට,විශේශයෙන් අපි පොඩි කාලෙ කල දේවල් එයාටත් කරන්න ඉඩ දෙනව.....අනිත්දෙමව්පියො වගේ ශිශ්ශත්ව පන්ති කියල වැඩිය යවන්නේත් නැහැ.....මට හුගක් කනගාටුයි ඇත්තටම අද වුන දේට.....
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ආහ් එළ එළ හොඳ තාත්ත කෙනෙක්. උබේ වචන ටිකෙන්ම කියන්න පුළුවන් පුතාට කොච්චර ආදරෙයිද, මොනාද පුතාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම පුතා ගැන ආඩම්බරයි කියලා. මේ ගුරුවරු ගැන කතා කරල වැඩක් නෑ. අපි ඉස්කෝලෙ යන කාලෙ නම් ඉස්කෝලෙන් පැනල ගිහින් බේකරියෙන් රෝස් පාන් අරන් ඇවිත් මිස්ලටත් දීල කන්නේ. ඒ නිදහස පොඩි එකාට පොඩිකාලෙම දීපන්. මට නම් 23යි ඕව ගැන අත්දැකීම් නම් නෑ.:no:
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආහ් එළ එළ හොඳ තාත්ත කෙනෙක්. උබේ වචන ටිකෙන්ම කියන්න පුළුවන් පුතාට කොච්චර ආදරෙයිද, මොනාද පුතාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම පුතා ගැන ආඩම්බරයි කියලා. මේ ගුරුවරු ගැන කතා කරල වැඩක් නෑ. අපි ඉස්කෝලෙ යන කාලෙ නම් ඉස්කෝලෙන් පැනල ගිහින් බේකරියෙන් රෝස් පාන් අරන් ඇවිත් මිස්ලටත් දීල කන්නේ. ඒ නිදහස පොඩි එකාට පොඩිකාලෙම දීපන්. මට නම් 23යි ඕව ගැන අත්දැකීම් නම් නෑ.:no:

    මටත් හොද අත්දැකීම් තියනව බන්....උබ කියන්නේ මම අර කියල තියෙන්නේ ගනන් ටීච කෙනෙක් ගැන.....මච0 එයා පන්තියට එනකොට අපිව ඉබේම වාඩිවෙනව....වේවැල අතේ තියාගෙන චක්කරේ අහනකොට...පිලිගනින් මච0 පාඩම් කරගෙන ගිය චක්කරේ වරදිනව.....ගුටි තමයි ඉති0...ඒ විතරක් ද...ඇයි යකෝ දනගස්වන එක......සතුටුයි ඒව මතක් වෙනකොට
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට දැන් අවුරුදු 5ක් ගුරුවරු ගැන අත්දැකීම් තියනව බන්......අපිට හිටියෙ දෙවිවරු වගේ ගුරුවරු....දඩුවම් කලත් පහුවෙනිද ඒව අමතකයි....ඒකට දැන්.....ලමයව මරාගන කන්න හදන්නේ.....උබල කියන්නේ ගිය අවුරුද්දේ සිද්දියක් උනා ඉන්ග්‍රීසි ටීච අතින් පොතක් නැතිවෙලා....මම පන්ති බාර ගුරුතුමියට කිව්ව මම අලුත් පොතක් එවන්නම් කියල ..එතකොට එයා කිව්ව දැන්ම එපා පුතාට ඉන්ග්‍රීසි ටීච ගෙන් අහන්න කියල.....පුතා ඉතින් අහල...මේ යක්සනී බැනල අපි පොත් හොරකම් කරනවද ? කියල...ගියා මම පහුවෙනිද උදේ ම බොන්ඩිව හම්බවෙන්න,,වෙලාවට ආවෙනෑ...මම ක්ලාස් ටීචට කතාව කියල..ගුරුවරු හැසිරෙන්න ඔනේ විදිහ කියල දීල ව......ඔන්න ඕකයි බන් දැන් ඉන්න ගැටිස්සි ගුරුන්ගෙ තරම
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මමනම් කොල්ලව ඉන්ටර්නැෂනල් දාන්නෙ නෑ බං..
    ගමේ ඉස්කෝලෙ අපි කට්ට කාපු විදියටම ඉගෙන ගද්දි තමයි වටිනාකමක් තියෙන්නේ..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කොල්ලව හොදට බලා ගනින්.. උඹලට බුදු සරනයි..
    කසිප්පු සිරා මාමා මතක් කරා කියහං..

    මච0 ඉසෙල්ලම මම දැම්මේ සෙමි ගවන්මනට් ඉස්කෝලෙකට...එයා ජනවාරි නිසා හරියටම අවුරුදු 5 න් ඉස්කෝලෙ ගියා.....එයාට මැයි මාසෙ වෙනකම් විතරයි ඉස්කෝලෙ යන්න පුලුවන් උනේ,...ටීච ගහල තිබුන වේවැලෙන් අත පුපුරන්න..හේතුව පිටුවක් අතඇරල ලිව්ව කියල.....මේ පොඩි උන් මොනව දන්නවද?ඉස්කෝලෙන් අයි කලා පහුවෙනිදම...ගෙව්ව සල්ලිත් ගත්ත...ඊටපස්සෙ තමා බන් මේකට දැම්මේ......මට පුලුවන් මේයාව හොද ඉස්කෝලෙකට දාන්න...ඒත් නිදහස සීමාවෙන නිසා දැම්මේ නැහැ......එයාව මැශිමක් කරන්න මම කැමති නැහැ...පුන්චි කාලෙ තියෙන්නේ ටික කාලයයි බන් ඒසතුට මම එයාට විදින්න දෙනව.......මට ඕනේ එයාව ගුන ගරුක මහත්මයෙක් කරන්න.....ලොකු බලාපොරොත්තු නැහැ බන්...කාටවත් කරදරයක් නැතුව..එයත් කරදර වල වැටෙන්නේ නැතුව ජීවත් උනොත් ඇති ...........
     
    • Like
    Reactions: Kasippu Sira