මම දැන් සතියකට කලින් බයික් එකේ බ්රේක් මදි නිසා ඒක හදාගන්න ගියා මාස 10ක් ඇති ලයිනර් දාල. මූ ගලවල කියනව කොලිටි අඩු ලයිනර්ලු දාල තියෙන්නෙ ඔරිජිනල් නෙවෙයිලු. වැඩේ කියන්නෙ එතනින්මයි මම කලින් ලයිනර් දාගත්තෙ. ආය දවසක් බයික් එකේම එන්ජින් එක ඇතුලෙ යකඩ කෑල්ලක් වදින සද්දයක් එනව. මම අවුලක් නැතුව කිලෝමිටර් 20ක් විතර පැදගෙනත් ආව. පහුවදා ගෙදර ගෙනල්ල ගෙවල් කිට්ටුවම හදන තැනකට ගෙනිච්චාම හදන පොර කියනව රොඩ් එක ගිහින් 35ක් 40ක් යයි හදන්න දවස් 2ක් විතර තියල යන්න කියලා. මම ඇල්ලුවෙ නෑ කතාව. මම අපහු වෙන තැනකට අරන් ගියාම ඌ ස්ටාර්ට් කරල බලල ෆ්ලයි වීල් එක පැත්ත ගැලෙවුවා ගලවල ඒකේ රේසර් කෑල්ලක් බුරුල්වෙල ඒක වදිනව. මූ විනාඩි 10න් ඒක ගලවල හදල දුන්නා රුපියල් 650යි ගත්තෙ හදන්න අර කෑල්ලට 750යි. දවස් 2කට අතන දාලා ආවනම් අරූ මගෙ 35කට 40කට කෙලිනව අනිවා.