පුරා දින කිහිපයක් තිස්සේ අරගල, උද්ගෝෂණ හමුවේ රජයේ ඇමති කොටස වැඩ ටික එසේම දමා පලාගියේය.
කිසිවෙක් වගකියන්නේද නැත.
හිරේ දැම්මාට අලාභය පියවන්නේද නැත.
සියල්ල මජනයා විසින්ම විඳ දරාගනු ඇත.
අද රජය ගෙදර ගියත් හෙට සිට විදුලිය නොලැබේ, ඩිසල් නොලැබේ, පැට්රොල් නොලැබේ, ගෑස් නොලැබේ.
දැන් ඊළඟ සෙට් එක ඇවිත් කියන අලුත් දේ ගැන දෙස බලා සිටිමු.
සිංහලයා හිටිය තැනමය. අනිත් එවුන් ගව් ගණනක් දුර ගොස් නේද?
රාජපකයා එලවා දැමුවාට මේ රට හැදෙන්නේ නැත.
දිව එලියට දාගෙන බලාගෙන ඉන්නේ, සජිත්, සිරිසේන, අනුර, විමල්, රනිල් වැනි කණ්ණාඩියේ අනිත් පැත්ත වගේ එවුන්ම සෙට් එකක්.
අපේ අරගලයට පිළිතුරු තවමත් ලැබී නොමැත.
උන් හෙටත් අලුත් විදිහකින් එනු ඇත.