අද සිට නොමිලේ WI-FI

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථානවල නොමිලේ වයිෆයි කලාප ඇති කිරීම අද ආරම්භ වනවා. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ කොළඹ කොටුව දුම්රියපොලින් ආරම්භ කරන මෙම වැඩපිළිවෙළ ක්‍රමයෙන් රටපුරා ව්‍යාප්ත කරන බවයි.

    එ් අනුව අදාළ ස්ථානවලදී අන්තර්ජාල පහසුකම් නොමිලයේ ලබා ගැනීමට මහජනතාවට හැකිවනු ඇති. රාජ්‍ය සේවා ජංගම දුරකතනයෙන් ලබාදීම හෙවත් එම්. ගවර්මන්ට් නමැති ක්‍රමය ශ්‍රී ලංකාවේද ඇති කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.

    කොළඹ කොටුව හැරුණු විට දෙහිවල, ගාල්ල, මාතර, කටුනායක, පේරාදෙණිය, මහනුවර සහ යාපනය යන දුම්රිය ස්ථානවලද අද නොමිලයේ වයිෆයි කලාප ඇති කෙරෙනවා.

    කෙසේ වෙතත් කිසියම් එක් පුද්ගලයෙකුට අදාළ ස්ථානවලදී නොමිලයේ ලබාගත්ත හැකි දත්ත ප්‍රමාණය මෙගාබයිට් සියයකට සීමා වන බවයි වාර්තා වන්නේ.


    අවශ්‍යතාව පරිදි පසුව එය වැඩි කිරීමට අදහස් කරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියා. නොමිලයේ වයිෆයි කලාප ඇති කිරීම වත්මන් ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළටද ඇතුළත් වන්නක්.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    The 26 public locations are: Fort Railway Station, Pettah Public and Private Bus Stands, the Temple of the Tooth Kandy, Floating Market in Pettah, Colombo Law College, Colombo Public Library, Dehiwela Zoo, Colombo Racecourse, Colombo Police Head Quarters, Galle Railway Station, Jaffna Railway Station, Fort Dutch Hospital, Galle Face Colombo, Battaramulla Foreign Employment Bureau, Colombo Museum, Karapitiya Hospital, Rathnapura Museum, Polonnaruwa Base Hospital, Matara Bus Stand, Polonnaruwa Railway Station, Matara Railway Station, Mirijjawila Botanical Garden, Jaffna Public Library, Kandy Railway Station and Peradeniya Railway Station. -
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දින සියයයේ වැඩපිළිවෙළෙහි තවත් පෙරොන්දුවක් ඉටු කරමින් රට පුරා නොමිලයේ වයි ෆයි කලාප ඇති කිරීම අද ආරම්භ වුණා. එ් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදීයි.

    නොමිලේ වයි ෆයි කලාප ඇති කිරීම මීට බොහෝ කලකට පෙර සිදුකළ යුත්තක්ව තිබූ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. කෙසේ වෙතත් ඉකුත් ආණ්ඩුව විසින් එ් බව නොසලකා හැර තිබුුණු බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    රටේ ඉදිරි ගමනට තොරතුරු තාක්ෂණය ඉවහල් වන ආකාරයද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර දුන්නා. හැකි පමණ අන්තර්ජාල පහසුකම් භාවිත කරන ලෙසයි ඔහු සියලූ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

    මංගල සමරවීර, රවි කරුණානායක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන්ද, අජිත් පී පෙරේරා සහ එරාන් වික්‍රමරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා. මීට සමගාමීව යාපනය, ගාල්ල, මාතර, පොළොන්නරුව සහ රත්නපුර යන නගරවල තවත් ස්ථාන 20ක පමණද අද සිට නොමිලේ වයි ෆයි කලාප ඇති කරන බවයි වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


    අදාළ ස්ථානයන් හි අන්තර්ජාල වේගය තත්පරයට කිලෝබයිට් 512ක් වනවා. එක් අයෙකුට ලබාගත හැකි උපරිම දත්ත ප්‍රමාණය මෙගාබයිට් සියයක්.


    නිකන් දෙන දේට දොස් කියන්න ඕනා නෑ. නමුත් කනෙක්ශන් වල ස්පීඩ් එකයි දත්ත ප්‍රමානයයි වැඩි කරල, ගාන අඩු කරාඅ නම් මීට වඩා වටිනව නේද? කොම්පැනි කාරයෝ අපිව හූරගෙන කන්නේ. ඒකට මොනා හරි කලොත් නම් ගොඩක් දෙනෙක්ට වාසියක් වෙයි. අනෙක් අතට මෙගාබයිට් 100ක් කියන්නේ අද කාලෙ හැටියට මදිනෙ. අනික එකතැන රැදිල ඉන්න කෙනෙකුට හොදයි,ඒත් කොච්චියෙ, බස් එකේ යන කෙනෙකුට හරි යන්නේ නෑ. ඒ නිසා මොබයිල් කම්පැනිත් එක්ක එකතුවෙලා 3ජී, 4ජී ජාලත් එක්ක මේ පහසුකම දුන්න නම් හරි
     

    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    100MB ගන්නත් Wi-Fi Tower ඒකක් හොයාගෙන යන්න ඹිනි. මීට වඩා හොද නැද්ද ජංගම දුරකථන සමාගමි හරහා එක්කෙනාට 100MB ගා‍නෙ Free Data දුන්න නමි ?