වහල්ලු 19 සංශෝධනය දියාරු කරති : දීර්ඝ සාකච්ඡා වලින් පසු සම්මුතියකට එති
(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.28, ප.ව.6.10) 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මීට ස්වල්ප වේලාවකට පෙර ආණ්ඩුව සහ කචල්කාර වහලුන් සමග සම්මුතියකට පැමිණි බව වාර්තා වේ.
ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වැඩි වී ස්වාධීන පුද්ගලයන් ගණන අඩු වනු ඇත. එනම් ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරන ස්වාධීන කොමිෂන් සභා තවදුරටත් දේශපාලනීකරණය වූ ඒවා වීම වැළැක්විය නොහැකිය.
වහලුන් විසින් ගෙන ආ අනෙක් යෝජනාව වූ ජනාධිපතිට අත්තනෝමතිකව ඇමැති වරුන් පත් කිරීමට ඉඩ දිය යුතුය යන්න වහලුන් ඉවත් කර ගත්හ.
දහවල් පැවැති විවාදය අත් හිටුවා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවූ අතර එය පැයක දෙකකට ආසන්න කාලයක් පැවැත්විණ. ඉන්පසුව විවිධ කණ්ඩායම් වෙන වෙනම ජනාධිපතිවරයාත් අගමැති වරයාත් හමුවූහ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙවතාවක්ම හමුවූහ. අවසානයේ පෙර කී සම්මුතියට පැමිණියහ.
මෙම එකඟතාවයට අනුව 19 වන සංශෝධනය දියාරු සංශෝධනයක් ලෙස සම්මත වනු ඇත. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පක්ෂ දෙකකින් පත්වීම අහම්බයක් මිස අනාගතයේ නිතර සිදුවිය හැක්කක් නොවන බව මෙම දියාරුවට වගකිව යුතු වහලුන්ට නොතේරීම කරුමයකි.
ලංකා ඊ නිව්ස් විසින් ඊයේ හෙළි කළ පරිදි ජනාධිපතිවරයාට අගමැතිවරයාගෙන් නොවිමසා අත්තනෝමතික ලෙස ඇමැතිවරුන් පත් කිරීමට ඉඩ දිය යුතු යැයි ද ස්වාධීන කොමිෂන් වලට පුද්ගලයන් පත් කෙරෙන ව්‍යවස්ථාදායක සභාවට ස්වාධීන පුද්ගලයන් වෙනුවට මන්ත්‍රීවරුන් පත් කළ යුතු යැයි සංශෝධන දෙකක් ශ්‍රීලනිප වහලුන් විසින් ගෙන ආවේය. ජනතා අභිලාශයන්ට පටහැනිව නිර්ලජ්ජිත ලෙස ඔව්හු ඒ වෙනුවෙන් අවසානය දක්වාම කකුලෙන් ඇද්දාහ. පාර්ලිමේන්තුවේ බහුතරය ශ්රීලනිපක්ෂයට අයත් වේ. එහි නායකයා ජනාධිපතිය.
කෙසේ වෙතත් 19 වන සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හරින බව ජනාධිපතිවරයා පවසා තිබේ. මීළඟ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට ප්‍රධාන පක්ෂ දෙකේම නායකයෝ එකඟ වී සිටිති. ඒ සඳහා වසර 2 ක ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කළ යුතුයයිද එකඟ වී සිටිති.
---------------------------
All the best everybody