අධ්‍යාපනයට වෙන්කළ කෝටි 521ක් වතුරේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය 2020 වර්ෂයේ පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට රුපියල් කෝටි 521කට අධික වැඩි මුදලක් වැය කර තිබුණද සැලසුම් කළ පරිදි එම ප්‍රතිසංස්කරණ කිරීමට අපොහොසත්ව තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

    එම අමාත්‍යාංශය මෙම මුදල වැය කර තිබුණේ 2020 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලයේදී බවද වාර්තාවේ දැක්වේ.

    එම රාජ්‍ය අමාත්‍යාංශය පසුගිය 2022 වර්ෂයේ අහෝසිවීමෙන් එහි විෂය පථයට අයත්ව තිබූ කාර්යයන් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා තිබූ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

    මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පසුගිය වර්ෂ තුනක කාලයේදී රාජ්‍ය අමාත්‍යාංශය විසින් දරන ලද මුදල හා ජාතික අධ්‍යාපන ආයතනය දැරූ රුපියල් කෝටි 35ක වියදමද ප්‍රතිඵලදායී නොවීමේ අවදානමක් පැවතුණ බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

    මේ සම්බන්ධයෙන් විගණන අංශයට කරුණු පැහැදිලි කර ඇති අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති කාර්යාලය 2023 මාර්තු 13 වැනිදා නිකුත් කළ ලිපියකින් යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස උපදෙස් දී ඇති බවයි.

    ජනාධිපතිවරයා පත්කර ඇති කැබිනට් අනුකමිටුව දෙන තීරණ අනුව ඉදිරියේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවද එම නිලධාරීන් සඳහන් කර ඇත.

    මේ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන ඊට ප්‍රමුඛතාව දක්වන ලෙස විගණන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත.

    මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය 2021 වර්ෂයේදී පාසල් 622 ක අන්තර්ජාල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි පනස් හතකට වැඩි මුදලක්ද කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පාසල් 831ක භෞතික යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සහ උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 232 කට වැඩි මුදලක්ද වැය කර තිබුණද ජාතික පාසල් බවට පත්කර තිබුණේ පාසල් 22ක් පමණක් බව එම වාර්තාවේ දැක්වේ.

    මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානීන් පවසා ඇත්තේ කිසිඳු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය කොට්ඨාසවල පාසල් 125ක් පමණක් සංවර්ධනය කිරීමට නියමිත බවයි. අධ්‍යාපන අමාත්‍යවරයාගේ තීරණය අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවද එම ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත.

    තවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය 2021 වර්ෂයේදී සකස් කළ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සැලසුම් කළ කාර්යයන් සම්පූර්ණ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට හැකිවී නොතිබුණු බව එම වාර්තාව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් කරුණු දක්වන අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පෙර පාසල් ජාතික ප්‍රතිපත්තිය හා ඊට අදාළ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කාර්යයන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික අධ්‍යාපන ශාඛාවට පවරා ඇති බවයි.

    ඒ අනුව සැලසුම් කළ පරිදි පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමට විගණන නිලධාරීන් නිර්දේශ කර ඇත.

    තොරතුරු සඳහන් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ 2022 විගණන වාර්තාවේය.
     
    • Sad
    Reactions: Naughtykolla48

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,764
    113
    සේදවත්ත
    අවුලක් නැ තව බයි ටොයි ජෙපි අංගජාතය ලම්බකව නැති ඇත්තෙම නැති උන් බිහිවෙයි
     
    • Like
    Reactions: SLK_sri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019

    badu walata karapuwa thamai me.............
     
    • Haha
    Reactions: SLK_sri