අධිකරණ මරණ පර්යේෂණ වල සාක්ෂි ලබා ගන්නා අය&#354

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අධිකරණ මරණ පර්යේෂණ වල සාක්ෂි ලබා ගන්නා අය&#354

    OQuEvgy.jpg




    මෙම ලිපිය වෛද්‍ය නීති පර්යේෂණ අනුව මරණ පර්යේෂණ හෙළි කර ගන්නා ආකාරය පිළිබඳවයි.



    පුද්ගලයෙකු එල්ලා මැරුණේද ඝාතනය කලේද යන්න සෙවීම

    මෙයට සම්බන්ධ වන්නේ උගුරු දණ්ඩේ ඇති කාටිලේජ නවයෙන් එකකි.එය පිහිටා ඇත්තේ උගුරු දණ්ඩේ පහළින්ම වන අතර නමින් එය "තයිරොයිඩ් කාටිලෙජය"ය.මෙය" යූ "හැඩයක් ගන්නා අතර "වයියාභ"නොහොත් "කණ්ටක නමින් ද හැඳින්වේ .පිරිමින්ගේ මෙය දික්ව පිහිටන අතර ඉදිරියට නෙරීමක් දැකිය හැකි ය.කාන්තාවන්ගේ මෙය නෙරීමක් ආකාරයෙන් දැකිය නොහැක්කේ සාපේක්ෂව කෙටි බැවිනි .එල්ලී මිය යාමකදී මෙය බිඳෙන්නේ නැත.එහෙයින් මෙය බිඳීමක් දක්නට හැක්කේ ගෙල පෑගීමක් හෝ මිරිකීමක් තුලින්ම පමණි.





    ස්ත්‍රී පුරුෂ බව සෙවීම

    උකුල් අස්ථියේ සාක්ෂිය

    උකුල් අස්ථියෙන්ද වෛද්‍ය විද්‍යාවේ මරණ පිලිබඳ බොහෝ කරුණු හෙළි දරවු කල හැක.සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ උකුල් ප්‍රදේශය පුළුල් වන අතර පිරිමින්ගේ එය පටුය.උකුල් අස්ථිය සෑදෙනුයේ උකුල් ඇට දෙකකින් හා ත්‍රිකෝණ හැඩති "ත්‍රිකය"කින්ය .
    ත්‍රිකය යනු කොඳු ඇට පෙලේ අවසාන පුරුක් කිහිපයයි.කලවා අස්ථි යාවන උකුල් ඇට දෙකෙහි ඇතුල් පැත්තේ වක්‍ර දෙකක් ඇත.කාන්තාවන් ගේ මෙය පුළුල් වන අතර පිරිමින්ගේ මෙය පටුවේ.මෙතුලින් මරා දැමු පුද්ගලයා ගේ ස්ත්‍රී පුරුෂ භාවය පිලිබඳ නිගමනයක් කල හැක.උකුල් අස්ථිය නොමැති වුවහොත් ත්‍රිකයෙන්ද සාක්ෂි රැස් කර ගත හැක්කේ ත්‍රිකය උසින් වැඩි වී පුළුල් නැති කල පිරිමියෙකුගේද ,ත්‍රිකය උසින් අඩුවී පුළුල් වී නම් පිරිමියෙකු ගේද වීම තුලිනි.

    හිස් කබලේ සාක්ෂිය

    පුළුස්සා මරා දැමීමකදී හෝ සෑහෙන කලක් සිරුර සොයා ගැනීමට නොහැකි වූ කලක හෝ වෙනයම් හේතුවක් නිසා හිස් කබල පමණක් සාක්ෂි වශයෙන් තිබියදී එතුලින් ස්ත්‍රී පුරුෂ භාවය පිලිබඳ සෙවිය හැක්කේ නළලත් නාසයත් අතර ඇති ඉඩ ප්‍රමාණයෙනි.එය කාන්තාවකගේ වක්‍ර වන අතර පිරිමියකුගේ කෝණාකාර වේ..එමෙන්ම කාන්තා හිස් කබල සැහැල්ලුය.නළල ද ඉදිරියට නෙරා ඇත.එමෙන්ම නිකට ප්‍රදේශයේ ද වෙනස්කම් පවතියි.


    ප්‍රගණ්ඩය

    ප්‍රගණ්ඩය යනු උරපතු අස්ථියට ගෝලාකාරව හාවෙන අස්ථියයි.හිසේ සිට දික් අතට විෂ්කම්භය මැන බැලූ විට ,

    පිරිමියෙකු ගේ 46 - 47 m.m
    කාන්තාවකගේ 40 - 41 m.m
    උකුල් ඇටයට හාවෙන මෙම අස්ථිය ,
    පිරිමියෙකු ගේ 87.7 m.m
    කාන්තාවකගේ 42.6 m.m
    ඉලඇට කූඩුවට ඉහළින් හා ගෙලට පහලින් ,දෙපැත්තෙහි උරහිස ඉදිරියෙන් පවතින අස්ථිය "අක්ෂය"නම් වේ.
    පිරිමියෙකු ගේ 151 m.m - 153 m.m අතර
    කාන්තාවකගේ 138 m.m
    පපුවෙහි ඉදිරි කොටසෙහි පිහිටා ඇති ඉල ඇට සවිවන පපු ඇටය "ක්‍රෝඩකය" නම් වන අතර ඉහල කොටස "හස්තකය" පහල කොටස "දේහය"නම් වේ.

    හස්තකයේ දිග / දේහයේ දිග

    පිළිතුර 46.2 වූ විට පිරිමියෙකු ගේ ය.
    පිළිතුර 54.3 වූ විට කාන්තාවක ගේය
    ............................................................................................................


    අධිකරණ පර්යේෂණයන්ට වැදගත් මෙහෙයක් ඉටු කල "පියර්සන්"ගේ පර්යේෂණ අනුව ,


    කලවා තුල පිහිටන උඩින් උකුල් ඇටය හා පහලින් දණහිසට යා වන සිරුරේ දිගින් වැඩිම අස්ථිය "කලවා අස්ථිය "යි.ඇට සැකිල්ල නොමැතිව වුවද මෙයින් පුද්ගලයෙකුගේ උස සොයා ගත හැක..මෙහිදී කලවා අස්ථියේ දිග එහි හිසේ සිට පාදාන්තය දක්වා සෙන්ටි මීටර වලින් මැනීම කල යුතුය.
    පිරිමියෙකුගේ = ( 1.880* කලවා අස්ථියේ දිග) + 81.306 cm
    කාන්තාවකගේ = ( 1.954* කලවා අස්ථියේ දිග) + 72.844 cm
    කලවා අස්ථිය බොහෝ විට සිදු නොවන්නකි.නමුදු උඩ බාහුවේ අස්ථියක් හමු වූ විට,


    පිරිමියෙකුගේ = 2.894 * ප්‍රගන්ඩයෙහි දිග + 70.641 c.m
    කාන්තාවකගේ= 2.754 * ප්‍රගන්ඩයෙහි දිග + 71.475 c.m
    දණහිසෙහි පහළ අස්ථියක් එනම් "ජංඝකය"පරික්ෂකයාට ලැබුණු විට එ තුලින්ද සාක්ෂි රැස් කර ගත හැක.


    පිරිමියෙකුගේ =1.159*(කලවා අස්ථියේ දිග + ජංඝකයේ දිග) + 71.272
    කාන්තාවකගේ =1.176*(කලවා අස්ථියේ දිග +ජංඝකයේ දිග )+ 69.154
    {වෛද්‍ය විද්‍යාවට අනුව තවත් පර්යේෂණ ක්‍රම රාශියකි }

    වයස සෙවීම

    පුද්ගලයෙකුගේ මුවෙහි යටි හනුවෙහි දත් නොපිහිටන අතර මාස 6 ක්‌ ගතවූ පසු ක්‍රමයෙන් මෝදු වේ.වයසටයත්ම එනමලය ගෙවීම,කල්ක කුහරය තුල"දන්තනිය "තැන්පත් වේ.දත් බදාමය දත් මුල් වටා පිරේ.මෙවන් වෙනස් වීම් තුලින්ද මළ සිරුරක වයස නිගමනය කල හැක.



    {වෛද්‍ය විද්‍යාවට අනුව මෙයටද තවත් පර්යේෂණ ක්‍රම රාශියකි }

    ............................................................................................................

    නිය පහරවල්

    ගෙල මිරිකමකදී ,ඝාතකයා යමෙකුගේ ඉදිරියෙහි සිට ගෙල මිරිකිමකදී ද පසු පස සිට එම කාර්යය කිරීමකදී ඇති වන නිය පහරවල් හීද මනා වෙනස් කමක් දැකිය හැක.




    ලේ පැල්ලම්

    පිහි ඇනුමක්‌ වැනි ලේ වගුරුම් සහිත මරණයකදී එකී අදාල පැල්ලම් සහිත රෙදි කැබලිද ,පිහියක් ඇත්නම් එයද "බෙන්සිසීන්"නම් ද්‍රව්‍යයක් ඇසිටික් අම්ලයේ දිය කර පිළියෙළ කරන ද්‍රාවණයක (දුඹුරු පැහැති )ගිල්වා එහි පැහැය වෙනස් වීම පිලිබඳ නිරීක්ෂණය කරන අතර පසුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (තුවාල සේදීමට ගන්නා )බිංදු කිහිපයක් එකතු කර පැහැය නිරීක්ෂණය කරයි.මෙහිදී පැහැය වෙනස් නොවුවොත් රුධිරය විය නොහැකි බව උපකල්පනය කරන අතර එයින් නොනැවතී ස්පටික පරීක්ෂාවක් ද සිදු කරයි.(මෙය 1853 ටිශ්මාන් නම් අයෙකු සොයාගෙන ඇත).එහිදී ස්පටික ද දුඹුරු පැහැයක් ගනී නම් රුධිරය බව තහවුරු කර ගනියි.


    වෙඩි තැබීම්

    ගිනි අවියකට "බුසිය"නම් කොටසක් ඇති අතර වෙඩි තැබීමේදී එයින් කොටසක් සිරුර තුලට කිඳා බසියි.වෙඩි බඳිනා තුවක්කුවක නම් එය සමන්විත වන්නේ බොහෝ විට කඩදාසි ඇබයකින් හෝ රෙදි කැබැල්ලකිනි.මෙය පතරොම් තුවක්කුවක ඇත්තේ මනා ලෙස රවුම් හැඩයට කැපු ඝනකම් කඩදාසියකි.මෙයින් තුවක්කු බටයේ බඳ ප්‍රමාණය පිලිබඳ තොරතුරු ලබා ගත හැකිය.සාමාන්‍යය තුවක්කුවක දැමිය හැකි පතරොම් ප්‍රමාණය එකකි.එනිසා එක ප්‍රහාරයක් අවසන් වී අනෙක්‌ පතරොම දැමීමේදී පරණ පතරොම් කොපුව එලියට පැනීමක් දැකිය හැක.සාමාන්‍යය අවස්ථාවකදී ප්‍රහාරකයා මෙය අහුලා ගන්නා අතර මිනී මැරුමකදී ඇති වන කලබලයත් සමඟ ඝාතකයාට මෙය බොහෝ විට ගැනීමට අමතක වී යයි.මෙහිදී පොලිස් නිලධාරීන්ට සැක පිට තුවක්කු අත්අඩංගුවට ගත හැකි අතර ආසෘත ජලය දමා සෝදා ඉවත් වන ජලයෙන් නිවැරදිව අදාල ඝාතක තුවක්කුව සොයා ගත හැක.

    උපුටා ගැනීම "පෝරකය ඉවකල මිනිසුන් " - ඩබ්ලිව්.ටී.එම්.මහින්දරත්න
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය වගේ පොත් නැද්ද මචන් ඩවුන්ලෝඩ් කරගන්ඩ?
    අපරාධ විද්‍යාවට සම්බන්ද පොත් එහෙම