අධික වේගයෙන් රිය පැදවීමට දඩුවම් නෑ

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අධික වේගයෙන් රිය පැදවීමට දඩුවම් නෑ

ඉදිරියේදී අධික වේගයෙන් රිය පැදවීමට දඩුවම් නෑ

TRAFIC.jpg


අධික වේගයෙන් රිය පැදවීම් සම්බන්ධයෙන් කිසිම විටෙක රියදුරන් නීතියේ රැහැනට හසුකර නොගන්නා ලෙසට වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වයඹ පළාතේ සියළුම පොලිස් ස්ථානවලට ලිඛිත නියෝගයක් නිකුත් කොට ඇතැයි වාර්තා වෙයි.

අධික වේගයෙන් රිය ධාවනය පරීක්‍ෂාකරන උපකරණ පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන නොයන ලෙසත්, යම් නිළධාරියෙක් මෙම නියෝගය පැහැර හැරියහොත් විනයානුකූල පියවර ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

ඇතැම් පොලිස් නිළධාරීන් අධික වේගයෙන් රියපැදවීම සම්බන්ධයෙන් රියදුරන් කොටුකරගෙන දූෂිත ක‍්‍රියාවල නිරතවන බවට ලැබී ඇති පැමිණිළි සහ තොරතුරු පදනම් කරගෙන මෙම නියෝගය නිකුත්කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

අධිකවේගයෙන් රිය ධාවනය සම්බන්ධයෙන් නඩු නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිසියට නියෝගයක් තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. පසුව පොලිසිය නීතිපති උපදෙස් මත අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන් හසුකරගෙන අපරික්‍ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමට නඩු පැවරීමට පියවර ගත් බව උසස් පොලිස් නිළධාරියෙක් පෙන්වා දුන්නේය.

අධිකවේගයෙන් රිය ධාවනය කිරීම වෙනුවට අපරික්‍ෂාකාරීව රිය ධාවනය කිරීම යැයි අධිකරණය නොමග යවමින් කළ එම ක‍්‍රියාවද නතර කරන්නැයි මේ වනවිට නීතිපති දැනුම්දී තිබෙන බව ද එම නිළධාරියා පැවැසූවේය.

එසේ තිබියදීත් තවදුරටත් එම කටයුත්ත සිදුවන බවත් එය නතර කිරීමට මුලින්ම පියවර ගත්තේ වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පමණක් බවත් එම නිලධාරියා පැවසී ය.

ඊට මුල්වන්නට ඇත්තේ අධිකවේගයෙන් රිය පැදවීමක් සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරයෙක් වයඹ මාර්ගයකදී පොලිසිය නතර කිරීමක් වන්නට ඇති බව එම නිළධාරියා සැකපහළ කළේය. අධිකවේයෙන් රිය පැදවීම් සම්බන්ධයෙන් නඩු ගැනීම් නීති විරෝධී බව පොලිසියට පෙන්වා ඇත්තේද එම විනිසුරු බව එම නිළධාරියා වැඩිදුරටත් පැවසී ය.
 

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඒහෙනම් කට්ටිය පරස්සමට යන්න
    වාහන වල යන මිනිස්සු වගෙම,
    වාහන පදින හරක්,බූරුවන්ද සිටී
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඒහෙනම් කට්ටිය පරස්සමට යන්න
    වාහන වල යන මිනිස්සු වගෙම,
    වාහන පදින හරක්,බූරුවන්ද සිටී

    ඇයි ඇමති පුතාලා..:yes::yes::yes:
     

    indikec

    Active member
  • Oct 28, 2012
    217
    62
    28
    බොහෝම ඉස්තූතියි නිව්ස් එකට.:D
    ගිය සතියේ එකෙක් මාව හයි ස්පීඩ් අල්ලලා,:growl: ඒක උසාවි පොඩි දඩයක් දාල දෙන්නම් කියල, වමෙන් දාවනය නොකිරීම කියල දාල දුන්න.:shocked:
    දෙන්න රෙප් නෑ:no:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    adika wegen riya padoona unwa winaadi 10k nathara karan hitayanun una bahinawa. Nadu danna oni na. kohomath lankawe adhika wegen thiya normal wegenwath yanna ba 3 wheel kaarayo hinda. Hodata thiyana paare lotanawa traffic eke 60ta yanna hadanawa
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බොහෝම ඉස්තූතියි නිව්ස් එකට.:D
    ගිය සතියේ එකෙක් මාව හයි ස්පීඩ් අල්ලලා,:growl: ඒක උසාවි පොඩි දඩයක් දාල දෙන්නම් කියල, වමෙන් දාවනය නොකිරීම කියල දාල දුන්න.:shocked:
    දෙන්න රෙප් නෑ:no:

    පොලිසිය උඹලගෙ ගෙවල් පැත්තෙ එකක් නෙවෙයි නo, ශේප් එකේ ෆෝන් එකෙන් වීඩියෝ කරගනින්. ඊට පස්සෙ උසාවියට ඉදිරිපත් කරපන් වීඩියෝ එක.