අධිරාජය්‍යකුගේ අන්තිම කැමැත්ත...
මේ යතාර්ථය රජතුමාට වගෙම අපි හැමෝටමත් අන්තිම මොහොතෙ අවබෝධ වෙන බවනම් මම හොඳටම දන්නව.ඒත් ජීවත් වෙන කාලය අතරෙත් මේ ගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීට වඩා සතුටින් ජීවිතේ ගත කරන්න පුලුවන් වෙවී.
මේ ඇත්ත කතාවක්ද බොරැවක්ද කියන්න දන්නෙ නෑ..මාත් නෙට් එකේ දැකපු එකක්.ඒත් මෙකෙන් අපේ ජීවිතයට ගන්න දෙයක් තියෙන නිසයි ඔයාලට කියන්න හිතුනෙ.
ඇලෙක්සැන්ඩර් අධිරජය්යා යුධ ජයග්‍රහණ ගොඩකට පස්සෙ තමන්ගෙ රටට එමින් ඉන්නකොට දරැණු විදියට අසනීප වුනාලු.තමන් මරණාසන්න බව දැනෙන කොට රජුට තේරැනාලු තමන්ගේ මහා හමුදාව , එකතු කරපු වස්තුව , තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දෙකින් වැඩක් නැති බව.
ඔහු තමන්ගෙ කිට්ටුම හමුදා ප්‍රධානීන් කැදවලා තමන්ගෙ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් 3ක් ඉදිරිපත් කලාලු.
පළවෙනි ඉල්ලීම - " මගේ දේහය රැගෙන යායුත්තෙ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය."
දෙවන ඉල්ලීම - " මගෙ දේහය රැගෙන ගිය මාර්ගයෙ, මාගේ භාණ්ඩාගාරයෙ ඇති රන් රිදී මැණික් ආදිය විසිරුවා දැමිය යුතුය."
අවසන් ඉල්ලීම - " මිනී පෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුය."
මේ අසාමාන්‍යය ඉල්ලීමෙන් අවුල් උන එක් සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒ වගෙ ඉල්ලීමක් කලෙ කියල.
රජතුමා උත්තර දුන්නලු, පලවෙනි ඉල්ලීම - "ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකි බව පෙන්වීමටත් , දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවක් තමන් සමග අවසන් ගමනට නොපැමිණෙන බව එත්තුගැන්විමටත් , අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොපැමිණි අප නැවත යන්නේ හිස් අතින්ම බව ජනතාවට මතක්කර දීමටත් " , තමන්ගෙ අවසන් කටයුතු මේ අයුරින් කල යුතුබව කිව්වලු.
එහෙම කියල රජතුමා මිය ගියාලු.

ඇලෙක්සැන්ඩර් අධිරජය්යා යුධ ජයග්‍රහණ ගොඩකට පස්සෙ තමන්ගෙ රටට එමින් ඉන්නකොට දරැණු විදියට අසනීප වුනාලු.තමන් මරණාසන්න බව දැනෙන කොට රජුට තේරැනාලු තමන්ගේ මහා හමුදාව , එකතු කරපු වස්තුව , තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දෙකින් වැඩක් නැති බව.
ඔහු තමන්ගෙ කිට්ටුම හමුදා ප්‍රධානීන් කැදවලා තමන්ගෙ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් 3ක් ඉදිරිපත් කලාලු.
පළවෙනි ඉල්ලීම - " මගේ දේහය රැගෙන යායුත්තෙ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය."
දෙවන ඉල්ලීම - " මගෙ දේහය රැගෙන ගිය මාර්ගයෙ, මාගේ භාණ්ඩාගාරයෙ ඇති රන් රිදී මැණික් ආදිය විසිරුවා දැමිය යුතුය."
අවසන් ඉල්ලීම - " මිනී පෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුය."
මේ අසාමාන්‍යය ඉල්ලීමෙන් අවුල් උන එක් සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒ වගෙ ඉල්ලීමක් කලෙ කියල.
රජතුමා උත්තර දුන්නලු, පලවෙනි ඉල්ලීම - "ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකි බව පෙන්වීමටත් , දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවක් තමන් සමග අවසන් ගමනට නොපැමිණෙන බව එත්තුගැන්විමටත් , අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොපැමිණි අප නැවත යන්නේ හිස් අතින්ම බව ජනතාවට මතක්කර දීමටත් " , තමන්ගෙ අවසන් කටයුතු මේ අයුරින් කල යුතුබව කිව්වලු.
එහෙම කියල රජතුමා මිය ගියාලු.
මේ යතාර්ථය රජතුමාට වගෙම අපි හැමෝටමත් අන්තිම මොහොතෙ අවබෝධ වෙන බවනම් මම හොඳටම දන්නව.ඒත් ජීවත් වෙන කාලය අතරෙත් මේ ගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීට වඩා සතුටින් ජීවිතේ ගත කරන්න පුලුවන් වෙවී.

හොඳයි හොඳයි හරි ශෝක්