අධිරාජ‍ය්‍යකුගේ අන්තිම කැමැත්ත...

අධිරාජ‍ය්‍යකුගේ අන්තිම කැමැත්ත...

මේ ඇත්ත කතාවක්ද බොරැවක්ද කියන්න දන්නෙ නෑ..මාත් නෙට් එකේ දැකපු එකක්.ඒත් මෙකෙන් අපේ ජීවිතයට ගන්න දෙයක් තියෙන නිසයි ඔයාලට කියන්න හිතුනෙ.:yes:

ඇලෙක්සැන්ඩර් අධිරජ‍ය්‍යා යුධ ජයග්‍රහණ ගොඩකට පස්සෙ තමන්ගෙ රටට එමින් ඉන්නකොට දරැණු විදියට අසනීප වුනාලු.තමන් මරණාසන්න බව දැනෙන කොට රජුට තේරැනාලු තමන්ගේ මහා හමුදාව , එකතු කරපු වස්තුව , තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දෙකින් වැඩක් නැති බව.

ඔහු තමන්ගෙ කිට්ටුම හමුදා ප්‍රධානීන් කැදවලා තමන්ගෙ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් 3ක් ඉදිරිපත් කලාලු.

පළවෙනි ඉල්ලීම - " මගේ දේහය රැගෙන යායුත්තෙ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය."
දෙවන ඉල්ලීම - " මගෙ දේහය රැගෙන ගිය මාර්ගයෙ, මාගේ භාණ්ඩාගාරයෙ ඇති රන් රිදී මැණික් ආදිය විසිරුවා දැමිය යුතුය."
අවසන් ඉල්ලීම - " මිනී පෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුය."

මේ අසාමාන්‍යය ඉල්ලීමෙන් අවුල් උන එක් සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒ වගෙ ඉල්ලීමක් කලෙ කියල.

රජතුමා උත්තර දුන්නලු, පලවෙනි ඉල්ලීම - "ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකි බව පෙන්වීමටත් , දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවක් තමන් සමග අවසන් ගමනට නොපැමිණෙන බව එත්තුගැන්විමටත් , අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොපැමිණි අප නැවත යන්නේ හිස් අතින්ම බව ජනතාවට මතක්කර දීමටත් " , තමන්ගෙ අවසන් කටයුතු මේ අයුරින් කල යුතුබව කිව්වලු.
එහෙම කියල රජතුමා මිය ගියාලු.​

මේ යතාර්ථය රජතුමාට වගෙම අපි හැමෝටමත් අන්තිම මොහොතෙ අවබෝධ වෙන බවනම් මම හොඳටම දන්නව.ඒත් ජීවත් වෙන කාලය අතරෙත් මේ ගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීට වඩා සතුටින් ජීවිතේ ගත කරන්න පුලුවන් වෙවී.
 

DJshamil

Member
Aug 20, 2009
467
30
0
අපේ ලොක්කට මේවා තේරෙන්නේ නෑනේ..

එතුමා මේ ත්‍රේඩ් එකවත් දකිත්වා....
 
Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Oka aththa tamai sahodari... Mamath oka kalin ahalaa tiyanawa..... Rep denna barilu... Puluwan unahama dennam... Ah tawa ekak mulu loketama sellam pennapu Alexsander Indiyaawata gahanna avith Chandra guptha Mavuryaya Rajuta baye panalaa giyaa.... Kohoma hari minihaa oya hena yudhdha godak karalaa anthimata thamunge raajyayata yana athara magadi tamai marune.. Ratata wath yanna une nathilu mama ahalaa tiyena vidihata...
 

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ඔයාත් හොඳ ත්‍රෙඩ් දානවනේ ටයිරා...:D හොඳයි හොඳයි හරි ශෝක්
     
    Oka aththa tamai sahodari... Mamath oka kalin ahalaa tiyanawa..... Rep denna barilu... Puluwan unahama dennam... Ah tawa ekak mulu loketama sellam pennapu Alexsander Indiyaawata gahanna avith Chandra guptha Mavuryaya Rajuta baye panalaa giyaa.... Kohoma hari minihaa oya hena yudhdha godak karalaa anthimata thamunge raajyayata yana athara magadi tamai marune.. Ratata wath yanna une nathilu mama ahalaa tiyena vidihata...

    hmm..me kathawanam aththakda danne na...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    අත්තවෙන්න ඇති පුටෙ
    ඇලෙක්සැන්ඩර් කියල මගේ යාලුවෙක් ඉදල මලා