අධිවේගයේ_ආදායම_කෝටි_4500ක්

Jul 18, 2014
155
31
0
අධිවේගයේ_ආදායම_කෝටි_4500ක්

විපක්ෂයේ චෝදනා පුස්සක්. අධිවේගයේ ආදායම කෝටි 4500ක්
දක්ෂිණ අධිවේගයෙන් දැනට කෝටි 3300ක වාර්තාගත ආදායමක්
ගිය වසරේ ඇරැඹූ කටුනායකින් මේ වනවිට ‍කෝටි 1200ක්
කොළඹ-රත්නපුර අධිවේගයේ ඉදිකිරීම් මාස තුනකින් ඇරැඹේ
මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල හෙළි කරයි


n1407231-1.jpg


විපක්ෂයේ සියලු චෝදනා පුස්සක් බවට පත් කරමින් දක්ෂිණ සහ කටුනායක අධිවේගි මාර්ග විවෘත කළ දා සිට මේ වන තෙක් රුපියල් කෝටි 4500ක වාර්තාගත ආදායමක් උපයා තිබේ.

දක්ෂිණ අධිවේගි මාර්ගය විවෘත කළ 2011නොවැම්බර් 27දින සිට ක්‍රමක්‍රමයෙන්ආදායම ඉහළ ගිය බවද මේ වන විට රුපියල් කෝටි 3300ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයිද මහාමාර්ග වරාය හා නාවික කටයුතු ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ කරයි.

දක්ෂිණ අධිවේගි මාර්ගය මසකට රුපියල් කෝටි 15 ක පමණ ආදායමක් උපයන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

කටුනායක අධිවේගි මාර්ගය විවෘත කළ 2013 ඔක්තෝම්බර් 27 දා සිට මේ දක්වා රුපියල් කෝටි 1200ක එහි ආදායම උපයා ඇතැයිද එහි ආදායම දිනෙන් දින ඉහළ ගිය බවකී ඇමැතිවරයා මේ වනවිට එහි ආදායම රුපියල් කෝටි 14 ක් පමණ වන බවද සඳහන් කරයි.

ජනතාවගේ අධිවේගි මාර්ග භාවිතය මේ වනවිට වැඩි වීම ඊට හේතු වි ඇතැයි කියන ඇමැතිවරයා සති අන්තයේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආදායම වඩාත් ඉහළ යන බවත් සති අන්තයේ එහි ආදායම රුපියල් මිලියන හත ඉක්මවන බවත් කියයි.

සති අන්තයේ ගම් බිම් බලා යන වාහන 20000ක් පමණ දක්ෂිණ අධිවේගයේ ධාවනය කෙරෙන බව කී ඇමැතිවරයා මෙය ආශ්චර්යක් බව පවසයි. රත්නපුර-කොළඹ අධිවේගි මාර්ගයේ මෙන්ම පිටත වට රවුම් මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට උපදෙස් දි ඇතැයි කී ඇමැතිවරයා මේ වසර අවසන් වීමට පෙර එම අධිවේගි මාර්ග දෙකේම වැඩ අරඹන බව කියයි. කොළඹ-රත්නපුර මාර්ගයේ තදබදය අවම කිරීම සඳහා තෙමසක් ඇතුළත නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අරඹන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට උපදෙස් දි ඇතැයිද හෙතෙම පවසයි.

ඒ අනුව කොළඹ සිට රත්නපුරය දක්වා කිලෝ මීටර් 71.8ක දුරකින් නව අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් තෙමසක් ඇතුළත ජනාධිපතිවරයාගේ සුරතින් අරඹන බව ඇමැති කොතලාවල මහතා ප්‍රකාශ කරයි .

කොළඹ සිට රත්නපුර දක්වා විනාඩි 45කින් ගමන් කළ හැකි අයුරින් නව ‍අධිවේගී මාර්ගය ඉදි කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇතැයිද හෙතෙම පවසයි. ශ්‍රී ලංකාවේ තෙවන අධිවේගී මාර්ගය ලෙස ඉදිවන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට හොරණ ඉංගිරිය රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි එමඟින්කොළඹ සිට රත්නපුර දක්වා මෙතෙක් ගමන් කිරීමට ගත වූ පැය තුනක කාලයක් ඉතිරි කර ගත හැකි බවත් එහෙයින් මේ මාර්ගය ඉදිකිරීමට සැලසුම් කළ බවත් ඇමැතිවරයා කීය‍.

n1407231-2.jpg


මේ මාර්ගය ප්‍රවේශ මාර්ග 14කින් සමන්විත වන බවද කහතුඩුව, ගැලනිගම, හොරණ , හඳපාන්ගොඩ, ඉංගිරිය, මුණසිංහපුර, කිරිඇල්ල, ඔටුවාගල, ඇහැළියගොඩ, කිතුල්පේ , දොඩම්පේ, කොස්ගොඩ, කුරුවිට, රත්නපුර හරහා පැල්මඩුල්ල ඊට අයත් වෙන බවද ‍ඒ මහතා සඳහන් කළේය.

එසේම පිටත වටරවුම් මාර්ගය අතුරුගිරියේ සිට කඩුවෙල, කඩවත හරහා කෙරවළපිටිය දක්වා ඉදි කරන බවත් එහි ඉදිකිරීම්ද සිදු වෙමින් පවතින බව වැඩි දුරටත් පැවැසීය.
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ලෝකෙ වැඩිම වියදමක් කරල හදපු හයිවේ එක ගැනද කියන්නෙ?
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මේ ඔක්කොම අපේ රටේ සල්ලි...අපේ රටේ සල්ලි අපේ වටේම කැරකෙනවා....එහෙම නෙමෙයි විදේශ විනිමය හොයමු.වෙන රටවල සල්ලි අපේ රටට අද්ද ගමු.එතකොට රට දියුණු වේවි​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,234
    31,965
    113
    ඇයි බං මෙච්චර ආඩම්බරකාර තාත්තට කඩේ යන්නේ? එපාවෙන්නේ නැද්ද? :P
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    එක වාහනයකින් රු1000 ගානේ ගියත් වාහන කීයක් යන්න ඔනෙද බන් කෝටියක් හැදෙන්න මම නම් හිතන්නේ නැහැ...
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මේක පට්ට බොරුවක් බන්...2011 නොවැම්බර් ඉඳන් මේ මාසෙට මාස 32 යි. ඒ 3300/32 ~ කෝටි 100 වෙන්න ඕන මාසික අදායම. ඒ කියන්නේ දවසකට කෝටි 3.35 ක් වගේ. විනාඩියකට රු 25000 ක් වගේ. කොට්ටාවේ ඉඳන් ගාල්ලට සම්පූර්ණ ගාන ගත්තත් තත්පරයට වාහනය ගානේ එලියට යන්න ඕන.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කටු කාල ආවඩන උන්ට දැන් ඇති මේක අවුරුද්දක් කියන්න , මේවා හැදුවේ උබලගේ අම්මගේ දැවද්දෙන් වෙන්ටය....අහිංසක මිනිස්සු බාගෙට බඩට කාල ගෙවන ටැක්ස් එකෙන් කියන එකත් හිතපල්ලා..... මේවායෙන් ලැබෙන ආදායමත් සුවිස් බැංකු දාන්නේ නැතුව..... ඒ ටැක්ස් ගෙවපු උන්ගේ යහපත් වෙනුවෙන් යොදපල්ලා (කොරයි මේන් කියලා )
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මේක පට්ට බොරුවක් බන්...2011 නොවැම්බර් ඉඳන් මේ මාසෙට මාස 32 යි. ඒ 3300/32 ~ කෝටි 100 වෙන්න ඕන මාසික අදායම. ඒ කියන්නේ දවසකට කෝටි 3.35 ක් වගේ. විනාඩියකට රු 25000 ක් වගේ. කොට්ටාවේ ඉඳන් ගාල්ලට සම්පූර්ණ ගාන ගත්තත් තත්පරයට වාහනය ගානේ එලියට යන්න ඕන.
    :oo: sirada?:oo: