අධිවේගී මාර්ගයක් ට්රැෆික් වූ හැටි
adaderana
චීනයේ මංතීරු 50ක අධිවේගී මාර්ගයක් ට්රැෆික් වූ හැටි
ලොව සීඝ්රයෙන් දියුණුවන ආර්ථිකයක් හිමි චීනය එරට ජනගහණය දිනෙන් දින වර්ධනය වීමට සාපේක්ෂව මංමාවත් ඇතුළු සෑම ක්ෂේත්රයකම ඉහළ දියුණුවක් අත්කර ගනිමින් සිටියි. කෙසේ වුවද චීනය පසුගිය දිනක මුහුණදුන් ඇදහිය නොහැකි පුවතක් ගැනයි මේ ඔබව දැනුවත් කරන්න යන්නේ.
ඒ චීනයේ මංතීරු 50ක අධිවේගී මාර්ගයක ඇති වූ රථවාහන තදබදයක් ගැනයි. මේ මාර්ගය G4 Beijing-Hong Kong-Macau Expressway ලෙස නම් කර තිබේ.
චීන ජාතික දිනය යෙදෙන මේ මස 1 වැනිදාට පෙරාතුව ලැබෙන සති අන්ත දීර්ඝ නිවාඩුව (ගොල්ඩන් සතිය) ගත කිරීමට ගොස් නැවත සිය නිවෙස් බලා පැමිණෙන පිරිසක් මෙලෙස අධිවේගී මාර්ගයේදී දැඩි රථවාහන තදබදයකට මුහුණපාන අයුරු දැක්වෙන ඡායා රූප හා වීඩියෝවක්ද අන්තර්ජාලයට මුදාහැර ඇත.
චීනය කෙතරම් දියුණුවුවත්, එරට ජනගහණය හා සැසඳීමේදී මංතීරු 50ක අධිවේගී මාර්ගයක සිදුවන මෙම රථවාහන තදබදය ගුවනේ සිට දිස්වන්නේ මෝටර් රථ නැවතුමක් (carparks) මෙනි.