අනංග වාදය - ගීත ලෝකයේ අමරණීය වූ අනංග වාදය

lasa1106

Member
Apr 26, 2012
626
197
0
අනංග වාදය - ගීත ලෝකයේ අමරණීය වූ අනංග වාදය

අනංග වාදය - ගීත ලෝකයේ අමරණීය වූ අනංග වාදය

එක්දහස් නවසිය පනස් ගනන්වල ලංකා ගුවන්විදුලි සේවයේ ප්‍රචාරය වූ ගීතයක් නිසා වාදයක් ඇති වී, ඒ ගීත වාදය සංගීත ලෝකයේ නොමැකෙන ලෙස සටහන් විය . ජනප්‍රිය ගායකයෙකු වූ H R ජෝතිපාල ගැයූ මේ ගීතය රචනා කලේ ගුණරත්න අබේසේකර ය. ඔහු එදා ගීත රචනය සහ නිවේදන කලාවේ හිනිපෙත්තේ සිටි කරුණාරත්න අබේසේකරයන් ගේ බාල සොහොයුරෙකු වීය



අනංග වාදය ඇරබු “අනංගයා මං” ගීත රචක ගුණරත්නයන්, එදා ලංකා ගුවන් විදුලියේ නිබන්ද සම්පාදකයෙකු ලෙස කටයුතු කළේය.

ජෝතිපාලයන් තම හිතමිතුරු කරුණාරත්න අබේසේකරයන් හමු වීමට ඔහු පදිංචිව සිටි මාලිගාකන්ද පාරේ සීගිරි නිවසට යන අවස්තාවලදී ගුණරත්නයන් සමග ද පිලිසදරේ යෙදීමට අමතක නොකළේය.

“ගුනේ මට සින්දුවක් ලියල දෙන්නකෝ ” ජෝතිපාලයන් ඇවිටිලි කල අවස්ථා ද බොහොමයක් විය .

රොබින් හුඩ් වගේ ලක්දිව පතලවුණු නම යි .. උතුවන් කන්දේ සූර සරදියෙල් මමයි.. වැනි ගීත රචනාවූ යේ එහි ප්‍රතිපලයක් ලෙස ජෝති මේසයකට ගසමින් මිමිණු තනුවකට ය .

දිනක් හදිසියේම ” කරු අයියා ” හමුවීමට ජෝති පැමිණියේ පසුදා ගුවන්ගතවීමට තිබු වැඩසටහනකට අලුත් ම ආදර ගීයක් ලියවා ගැනීමටය . නමුත් කරු අයියා චිත්‍රපට ගීත පටිගත කිරීමක් සදහා ශබ්දාගාරයට ගොස් සිටි බැවින් , ජෝතිගේ ඇවිටිලි මත “අනංගයා මං අනංගයා ” ගීතය ලියවුනේ ගුණරත්නයන් අතින්ය.

පසු දා ගුවන්විදුලියෙදී කරු හමු වූ ජෝති, එම ගීතය රචනය ඔහුට පෙන්වූවා. එය බැලු කරුට අපුරු අදහසක් පහලවුනා, ඒ ඊට පිළිතුරු ගීතයක් ලිවීමයි . සුළු මොහොතකින්ම රචනාවූ පිළිතුරු ගීතය ගයනා කරවීමට කරු තෝරාගත්තේ, ජෝති මෙන්ම එදා ජනප්‍රිය ගායකයෙකු වූ J A මිල්ටන් පෙරේරා ය .

“සුපෙම් ලොවේ කුසුම් සරා මල්සරා .. ” යනුවෙන් අනංගවාදයට පිළිතුරක් ලැබිණ




මේ අනංග වාදය එදා ගුවන්විදුලි අසන්නන් අතර ලැව් ගින්නක් සේ පැතිර ගිය අතර විශේෂයෙන් අනංග හී සර වැදුන තරුණ පෙම්වතුන් අතර මෙය විශාල රසයක් ගෙනදුන් මාතෘකාවක්‌ බවට පත් විය .

“මේකට හොද උත්තරයක් ලියන්න ඕනේ ගුනේ ” ජෝතිපාලයන් නැවතත් ගුණරත්න අබේසේකරයන්ට බලකරන්නට විය .

“පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ .. ” යනුවෙන් පිළිතුරු ගීතයක් යලිත් ගුණරත්නයන් අතින් බිහිවන්නේ එලෙසිනි.





කරුණාරත්න අබේසේකරයන් මේ ගීතයටද පිළිතුරු ගීතයක් ලියා නැවතත් මිල්ටන් ලවා ගායනා කරවීය .
ජෝතිපාල හා මිල්ටන් අතර ඇති වූ මේ වාදය කෙතරම් දුරදිග ගියාදැයි කිවහොත් ,එය එදා මෙන්ම අද ද රසවින්දනයේ ඉහලම තලයකට පැමිණියේය .

“අනංගයා සරණේ පෙම්වතුන්ට මරණේ ..” යලිත් මිල්ටන් ගේ හඬින්

(Couldnt find this song in you tube.)

මෙම අනංග වාදය නිසා, කරුණාරත්න සහ ගුණරත්න අබේසේකර සොයුරන් විරසක වී ඇතයි, ගුවන්විදුලි අසන්නන් තුල සැකයක් පැනනැගුන අතර එදා ගී ලොව සුපිරි තරු වූ ජෝතිපාල හා මිල්ටන් අමනාප වී ඇතැයි යන රාවයක් ද පැතිර ගියා.

කෙසේ වෙතත් ජෝතිපාල හා මිල්ටන් අතර තිබුනේ කිසිදා වෙන් කල නොහැකි අමිල මිතුදමකි. එලෙසම ගී රචක අබේසේකර සොයුරන් තුල තිබුනේද අපුර්ව සහෝදර බැම්මකි.

කටකතා බහුලව පැතිර යද්දී, ජෝතිපාල සහ මිල්ටන් ගේ මිතුදම ගීලොවට කියාපෑමට ගුණරත්න අබේසේකරයන් ගේ අතින් තවත් අපුර්ව ගීත රචනාවක් ලියැවිණි . ජෝති හා මිල්ටන් ගේ යුගල ගායනක් වූ එය අනංග වාදයේ නිමාව බවට පත්වීය .

” අපි සන්තෝසෙන් ඉන්නේ .. අය්යා මල්ලි වාගේ ..




යුගයක් ගුවන්විදුලි රසිකයන් සංගීත රසයෙන් අමන්දානන්දයට පත්කළ, ජෝති, මිල්ටන්, ගුණරත්න හා කරුණාරත්න යන කලාකරුවන් අපගෙන් වියෝවූයේ කලකට ඉහතදීය. එනමුදු ඔවුහු කලා ලෝකය තුල සදා අමරණීයය ………..

You can listen more about in this link

https://www.facebook.com/photo.php?v=531083716997907

කරුණාරත්න අබේසේකර – 1930 ජුනි 3 – 1983 අප්‍රේල් 21

ගුණරත්න අබේසේකර – 1934 මැයි 18 – 1992 දෙසැම්බර් 15

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල – 1936 පෙබරවාරි 12 – 1987 ජුලි 7

ජයසිංහ ආරච්චිගේ මිල්ටන් පෙරේරා – 1938 මැයි 5 – 1991 ඔක්තෝබර් 24



H-R-Jothipala.jpg


J-A-Milton-Perera.jpg
 
Last edited:

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අර අපෙත් කාලයක් මල් සින්දු trend එකක් ආවා වගේ ඒ කාලෙත් මේක trend එකට යන්න ඇති නේද බන්? අනික වැඩිය සින්දු තිබ්බෙත් නෑනේ. තිබ්බ ඒවා ටික නම් තිබිල තියෙනවා ඇට්ටි හැලෙන්නම. තාමත් අපි අහනවා නේ බන්.
    :yes:

    දැන් හදන සින්දු මිනිස්සු අහන්නේ සතියයි.

    ඉරාජ්ගේ එකකුත් release කලේ ලඟදි සෑහෙන්න කෑ ගහලා

    සුදු නෝටි කෙල්ල ස්වීටි මැණික මාගේ
    මං ඔන්න ආවා උම්මා උම්මා ඕනේ...
    :lol: