අනංමනං

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද? අස්වැසුම

    •පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද? සිවුරු හොරා ... ...

    •තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද? කට්ට සම්බෝලය

    •ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද? කැරලිකරු

    •තමන්ගේ ගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද? ගෝලීයකරණය

    •ලංකාවේ අඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්රපටය කුමක්ද? සත පනහ

    •ලංකාවේ වැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්රපටය කුමක්ද? හතර මහ නිධානය

    •ලංකාවේ දේශපාලනය සමබන්ධ කර ගනිමින් නිපදවූ චිත්රපටය කුමක්ද? කඩවුනු පොරොන්දුව

    •රෝහලකදී පලදෙන කර්මය කුමක්ද? ශල්යකර්මය

    •බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් කෑමට කැමතිම ආහාරය කුමක්ද? මනිපිට්ටු

    •ලියුම් කවර ඇලවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගෙන ඇති සේවකයා කවුද? ගම් භාර නිළධාරියා

    •ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද? පළා පොළඟා

    •මැණික් ගැරීමට අධිපති යක්ෂයා කවුද? ගරා යකා

    •ලෝකයේ පැරණිතම සත්ත්වය කවුද? සීබ්රා (Black & White)

    •ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය කුමක්ද? පෙම්බස්

    •ඉතා කුඩා බර ප්රමාණ මැනීම සඳහා ශ්රී ලංකාවේභාවිතා කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද? අබ මල් රේණුව

    •රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ? ඔට්ට පාලු

    •ක්රිකට ක්රීඩකයින් වැඩි වශයෙන් නැරඹූ ටෙලි නාට්යය කුමකද? කඩුල්ල

    •අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන පුද්ගලයා හඳුන්වනුයේ කුමන නමකින්ද? අවිවාහකයා

    •මුහුදේ ජීවත්වන වේගවත්ම ජීවියා කවරෙක්ද? මුහුදු අශ්වයා

    •මාළුවන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද? මින්දද

    •ලෝකයේ සර්ප ගහණය වැඩිම රට කුමක්ද? නයිජීරියාව

    •මැර බලය උපයෝගී කරගෙන ජයග්රහණය කල හැකි ක්රීඩාව කුමක්ද? මැරතන්

    •තොර තෝංචියක් නැතිව කාන්තාවන් අතරේ සිදුවන කතාබහ හඳුනවන නම කුමක්ද? ලියකියවිලි

    •නිතරම කිරිල්ලියන්ට ඉඟි බිඟි පාන කුරුල්ලා කවුද? පැණි කුරුල්ලා
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ෆට්ටයි සහෝ ඇ....
    11.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට හැබැයි එකක්නම් අදකාලේ විදිහට වෙනස්වෙන්න ඕනේ

    •තමන්ගේ ගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද? රාජපක්ෂකරණය
    රිදෙයිද මන්දා

    rainbowdash-as-troll-face-smiley-emoticon.png


    රේප් +2
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පට්ට පට පට !
    :rofl::rofl:අලුත් අවුරුද්දෙත් වැඩ අල්ලලා තියෙන්නේ..!
    +++++