අනතුරුදායක ගෑස් වැඩපොළක්

keyawala +rep1kuth dela yannoooo
අධෝවාතය හෝ ගුදවාතය පිට කිරීම වාතේ අරිනවා, පඩ අරිනවා හෝ පඩිනවා යයි කීම ඊයා, චීයා කතා වුනාට එහෙම ගෑස් පිට නොකරපු කෙනෙක් මේ ලෝකෙ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට පයින්ට් 1-3 ත් අතර (ලීටර් .5 – 1.5 ත් අතර) වාතය පිට කරනවා.
මහ බඩවැල් සහ කුඩා බඩවැල් වලට වාතය පිරෙන විදි මෙහෙමයි: අපි ගිලින සුළං, අපේ ලේ වලින් බඩවැල් වලට ඇදෙන වායුව, රසායනික ප්‍රතික්‍රියා නිසා බඩවැල් නිපදවන වාතය, බඩවැල්හි ජීවත්වන බැක්ටීරියා විසින් නිපදවන වාතය.
අපි හුස්ම ගනිද්දි වැඩියෙන් ගන්න ඔක්සිජන් වායුව ශරීරය විසින් උරා ගන්නවා. මහා බඩවැල වෙතට යද්දී ඉතිරි වෙන්නෙ නයිට්රජන්. ආමාශයේ තියන ඇසිඩ් හා බඩවැල්හි තියන ද්‍රාවණ කරන රසායන ප්‍රතික්‍රියා නිසා කාබන් ඩයොක්සයිඩ් වායුවත් නිපද වෙනවා. බැක්ටීරියාවන් විසින් ද හයිඩ්රජන්, මෙතේන් වායු නිපදවනවා.
වාතය (gas) පිටවෙද්දී එහි ඇත්තේ මොන සංකලනයක් ද කියන එක තීරණය වෙන්නෙ අපි කෑවේ මොනව ද? අපි කොච්චර සුළං (air) ගිලලා දාල ද? මොනවගේ බැක්ටීරියා ද අපේ බඩවැලේ තියෙන්නෙ? අපි කොච්චර වෙලාවක් වාතේ පිට නොකර හිටිය ද? කියන කාරණා මත.
චුවින්ගම් හපන අය, කට වහන්නෙ නැතිව කෑම හපන අය, දුම්බොන අය එහෙම අනිත් අයට වඩා සුළං බොනවා.
ගෙන්දගම් (sulfur) බහුල ආහාර වලින් බඩවැල් වල වාසය කරන බැක්ටීරියා තවත් ගඳ වායු වැඩි කරලා ගඳ ගැසීම වැඩි කරනවා. මුද්දරප්පලම්, බිත්තර වගේම සුදු ළූණු, ළූණු, ගෝවා වගේම බෙල්ලෝ වලත් ගෙන්දගම් වැඩියි. කිරි අජීර්ණ ඇති අයත් මස් වැඩියෙන් කන අයත් ගඳ වැඩි වාතය පිට කරන්නෙ.
බෝංචි මෑ කරල් වගේ ආහාර වලිනුත් වාතය නිපැද වූවාට ඇට වර්ග වලින් බිහිවෙන වාත ගඳින් අඩු වෙන අතර පිට කරන ප්‍රමාණයෙන් වැඩියි. බෝංචි වල තියන සීනි වර්ග මිනිසුන්ට දිරවන්නෙ නැහැ. ඒ සීනි වර්ග බඩවැල් ඇතුලට ආවම බැක්ටීරියා සතුටු සාද දානවලු! ප්‍රතිඵලය ගොඩක් වාතය නිෂ්පාදනයයි.
සමහර පිරිමි වැඩි සද්දයකින් පඩ යවන තරඟ තියනවා. බියර් බීලා වැඩිවෙලා රෑ ජාමේ මාළු අල්ලන අය ඉන්න බෝට්ටු වලින් ඈතට ගලා යනවා තරඟ සද්ද! ගුද මාර්ගයේ අග හරියේ ‘දෙදරීම’ (vibration) සද්දය උපදවන්නෙ. හඬ අඩු වැඩි වෙන්නෙ අග ඇති මාංශ පේශීවල තද හෝ බුරුල් බව මත.
Le Petomane නොහොත් Joseph Pujol 20 වැනි ශ. ව. ප්‍රංශයේ හිටපු අධෝවාතය වේදිකාවක දී පිට කිරීම රස්සාවට කරපු කෙනෙක්. අද ලෝකෙට ඉන්න එහෙම කෙනා මිස්ටර් මෙතේන්.
ගඳ අධෝවාතය උණුසුම්. වැඩි සද්දයකින් පිට වෙන්නෙත් නැහැ. බැක්ටීරියා වලින් නිෂ්පාදනය කරන්නෙ. ප්‍රමාණය අර සද්දෙ දාලා පිට කරන ඒවාට වඩා අඩුයි.
සම්මුඛ පරීක්ෂණයකට එහෙම ගිහින් එහෙම එකක් ඇරියොත් ඉතින් රස්සාව ලැබෙන එකත් ෂුවර් නැහැ.
වැදගත් දිනයකට කළින් කන බොන දේවල් ගැන අවධානයෙන් ඉන්න එක හොඳයි. ගෙන්දගම් බහුල කෑම හා ඇට වර්ග අඩුවෙන් කන්න මතක තියාගන්න. කන බොන විට කට පියාගෙන විකන ගිලින එකත් කරන්න. හිමිහිට කෑම ගන්න එක්කම චුවින්ගම්, සිගරැට් බොන එකත් අඩු කරන්න.
ඊ ළඟට උදේ පාන්දර පුළුවන් තරම් වෙර වීරියක් දාලා යවා ගන්න පුළුවන් වාතය ප්‍රමාණයක් පිට කරගන්නත් ඕන. උදේ පාන්දරට වාතය වැඩිය පිට කරගන්න හැකියාව තියනවාලු!
වාහනයක යද්දී ජනේලයක් හිමිහිට ඇර ගත්තම තරහා වෙන අයත් අඩුවේවි. කාමරයක හිරවෙලා ඉන්න කොට පොඩ්ඩක් එළියට ගිහින් එන්න අවසර අරන් වැඩේ කරලා ඒම ඇතුලෙ කරලා ළඟ ඉන්න එක්කෙනා දිහා හොරැහින් බලනවාට වඩා හොඳයි.
දැන් ඇමෙරිකාවේ එහෙම ඉන්න අයට පඩ යටකලිසම් ගන්න පුළුවන්. ඒවා හදලා තියෙන්නෙ ගඳ උරා ගන්න. ඒ වගේම ෆිල්ටර් දාලා හදලා තියන පඩ නිෂ්ක්‍රීය කරන කුෂන් ගන්නත් පුළුවන්.
පහුගිය දවසක චිත්‍රපටියක් බලද්දී එහි නළුවෙක් ඇඟිල්ල දික් කරනවා අදින්න කියලා. ඇඟිල්ල ඇද්දාම නළුවා අධෝවාතය පිට කරනවා. මේක මේ පැත්තෙ ඉන්න සීයලා මහප්පලා පුංචි දරුවොන් හිනා ගස්සවන්න කරන වැඩක්. Pull My Finger Fred නම තියන පඩ වැඩ වලට ප්‍රතිචාර දක්වන බෝනික්කා ද විකිණෙනවා.
බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් ලියපු Fart Proudly පොත වගේ Who Cut the Cheese: Cultural History of the Fart සහ කුඩා දරුවන්ට ලියැවුන The Gas We Pass: The story of Farts වැනි පඩ පොත් ලියලා පෝසත් වෙන්නත් ඇමෙරිකාවේ දී පුළුවන්!!
සත්තුන් ද වාතය පිටකරනවා. අපේ හිටපු ලොකු බල්ලා ඇපල් සහ කැරට් කන්න හරි ආසයි. හැබැයි දුන්න දා හවස් වෙද්දී ඉතින් නහය වහාගන තමයි ළඟින් යන්න වෙන්නෙ. වේයෝ තමයි ලෝකයේ වැඩියෙන්ම අධෝවාතය පිට කරන සත්තු අතරට එක්වෙන්නෙ.
සමහර පිරිසක් වාතය පිටවෙද්දී ඒකට ගිනි පත්තු කරනවා. වාතයේ තියන හයිඩ්රජන් වායු ඉක්මණින් ඇවිලෙන නිසා. පත්තු වෙන ගිනි නිල් හා කහ පාටයිලු. මෙතේන් වැඩි නම් නිල් පාටයිලු. ඒක නම් අනතුරුදායක ගෑස් වැඩපොළක වැඩක් තමයි!!
source