අනතුරු ඇගවීමයි....

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    අනතුරු ඇගවීමයි....
    පුංචි බොරැල්ල ආසන්නයේ වාහන නවතා යන අයට කරන අනතුරු ඇගවීමයී....

    ජූනි 02 ඊයේ සිදු වූ සිද්දියක් ඇසුරෙන්..

    පුංචි බොරැල්ල ලේඩි ජෙන් ආසන්නයේ වාහනය නවතා (Toyota vitz ksp 90) සුපිරුදු ලෙස වාහනෙත් රිමෝට් එඑන් ලොක් කරලා ඉස්සරහට ගිය මුත් ,මගේ හිත ආයෙ ආයෙ කියන්න ගත්තා වාහනේ ලොක් උනේ නෑ,ලොක් වෙම සද්දෙ ආවෙත් නෑ ඩබල් සිග්නල් පත්තූනෙත් නෑ කියල....
    පස්සෙ මම ඈත ඉදන්ම ලොක් කරන්න උතසහ කරත් ඩබල් සිග්නල් වලින් කිසිම ප්‍රතිචාරයක් නිතිබූ අතර අන්ලොක්.බට්න් එකෙන් අන්ලොක් කරන්න බැලුවත් එයටද කිසිම ප්‍රතිචාරයක් නොතිබුනි...
    පසුව ,වාහනෙ ලගටම ගොස් උත්සහ කරත් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නැත...
    දොර අරින්න බලන්කොට වාහනෙ ලොක් වී තිබුනේද නැත..
    මගේ හිතට සෑහෙන වදයක් ,මොකද රිමෝට් එකේ බැටරිත් ගිය මාසෙ මරු කරා...
    පසුව මම යතුරෙන් වාහනෙ ලොක් කරලා මගේ ගමන ගිහින් ඇවිත් වාහනේට ගොඩ වෙල නිකමට ලොක් අන්ලොක් කරා බලනෝට යස අගේට වැඩ ,ආයෙ බැහැල ලොක් අන්ලොක් කරනකොට වැඩ නෑ...ආයෙ ඇතුලට ඇවිත් බලන්කොට වැඩ.ඔහොම තුන් පාරක් කරා...

    ඇතුලට වැඩ ..පිටට වැඩ නෑ...

    මගේ වාහනයට පසු පසින් රාජ්‍ය අංශය විදායක නිලදාරියකට අයත් Nissan N 17 වර්ගයේ මෝටර් රත්‍යක් නවතූ තිබූ අතර එහි සිටි රියදුරු මට යම් ප්‍රශ්නයක් ඇති බව වටහා ගත් පසු ඔහුද ලගට ඇවිත් විමසීමෙන් පසුව ඔහුට මම සිද්දිය පවසන අතර ,ඔහුද ඉහුගේ මෝටර් රතය රිමෝට් එකෙන් ලොක් කිරීමට උත්සහ කලේය ...
    පුදුමයකි... එයද එසේමය....

    පසුව මම කඩවත ආසන්නයට පැමින පසෙකෙන් නවතා ලොක් අන්ලොක් කර බලන විට කිසිදු ප්‍රශ්නයක් නැත....

    මුලින් මා සිතුවේ මගේ රිමොඉට් එකේ හෝ පද්ධතියේ ප්‍රශ්නයක්ද කියා ,නමුත් මට පිටු පස තිබූ වාහනේද එසේම වූවට පසු එය එසේ නොසිතුනි...

    මා සිතන විදියට අධි බලැති රේඩාර් එකක් මාර්ගයෙන් රිමෝට් ලොක් අන්ලොක් වීමට යම් කිසි බාදාවක් දක්වන බමයි මට පෙනී ගියේ ....මෙහි විද්‍යාත්මක පැත්ත මමම් නොදනිමි...තවත් කෙනෙක් දැනුවත් වීමට පල කලෙමි...

    මේ සිද්දිය උනේ පුංචි බොරල්ල ලේඩ් ජෙන් අසලමයි ....බොරැල්ල , පුංචි බොරැල්ල ආසන්නයේ වාහන නවතා යනවනම් දෙවරක් බලන්න අමතක කරන්න එපා ...
    තවත් කෙනෙක් දැනුවත් වෙන්න share කරන්න..
    ස්තූතියි...

    Copied from fb..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    සාමන්‍යයෙන් phone signal වලින් ඔහොම වෙනවා. phone එකයි රිමෝට් කී එකයි එකම සාක්කුවේ තියෙද්දි කී ලස් එන්ට්‍රි වැඩ කරන්නේ නැහැ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං.. කාර් හොරු ඔහොම ජෑමර්ස් පාවිච්චි කරනව කියල මන් අහල තියෙනවා.. lock කරන්න බැරි වෙන්න සෙට් කරල, ගිය ගමන් කාර් එක උස්සනවා..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    owa normal ban
    samahara places wala remote eka weda karanne ne
    frequency interrupt wunama mama hithanne
    බොහෝ දුරට කාර් එක නවතපු තැන ලග ෆෝන් ටවර් එකක් ඇති එකයි ඔහොම වෙන්නේ


    උබ කියන තැන වටපිටාව මට ලොකු මතකයක් නෑ මම කොළ්ඹ නෙවෙයි හින්දා... ඒත් ඔහොම වෙන තැන් තියෙනවා බන් ගොඩක්ම cell towers and ඔය army radars වගේ ඒව තියෙන තැන් වල... මට ඕක මුලින්ම උනේ නුවර එලියෙ දැන් අවුරුදු 7කට විතර කලින් එතොක්ට තිබ්බෙත් දැන් එක නෙවෙයි වෙන වාහනයක්.. ඒක කිකිලියාමන කන්දෙදි remote lock වැඩ කරේ නැහැ.. පල්ලෙහාට බැස්සහම හරි.. මම හිතන්නේ එහා පැත්තෙ පිදුරුතලාගල එකේ radars නිසා.. ලංකාවෙ ඔක්කොම ඒව ඕකෙ ගහල තියෙන්නේ... දැන් වාහනෙත් නුවර එලියෙ ඔය වගේ තැන් වල remote lock වැඩ මනොකරපු අවස්තා මට 2,3ක්ම තියෙනවා.. අය ඔය ලොකු phone towers යටත් සමහර වෙලාවට වැඩ කරන්නෙ නැතුව යන්වා.. එහෙම නැත්තම් වැඩ කරන්න වාහනේ ගාවටම වගේ යන්න වෙනවා...
     

    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    wenna puluwan mokada mama oya patten yana hama welawakama mage setup eka auto tune wenawa. kochchara change kalath wadak na habai borella panapu gaman aulak na.