||අනන්ත-විශ්වයම අතැඹුලක් සේ දැනගන්න – ලොවේ එ&a

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ||අනන්ත-විශ්වයම අතැඹුලක් සේ දැනගන්න – ලොවේ එ&a

    අනන්ත විශ්වයම අතැඹුලක් සේ දැනගන්න – ලොවේ එකම ඉගැන්වීම – අභිධර්මය

    gaththe methanin
    hhttp://dharmanidhaana.wordpress.com/2011/02/14

    රහතන් වහන්සේ අහසේ වැඩ ඉඳගෙනයි කමටහන් දෙන්නෙ, ඉතින් මේ ආජීවක තුමා අහුවා, “ස්වාමීනී මේ සත්තු මොන සත්තුද මම දැකල නෑ සමහර සත්තු” ඉතින් මේ රහතන් වහන්සේ පෙර ජාතිය ගැනත් සොයා බලා මොහු දාර පිඹුරා කාලෙ ඇසූ බණ පදයක් ඉදිරිපත් කලා. “ඇවැත්නී ඔය තමයි පංචස්කන්ධය කියන්නෙ, ඔය තමයි දොලොස් ආයතන කියන්නෙ, ඔය තමයි අටලොස් ධාතු කියන්නෙ, ඔය තමයි ද්වාදශාංග පටිච්ච සමුප්පාද කියන්නෙ”. ….මේ කියනකොට මේ මනුෂ්‍යයාගේ අර පූර්ව චරිතය අනුව දහම් පද සිහි වුනා, එහේම වාඩි වෙලා කිව්වා, “අනේ ස්වාමීනී මට දැන් තේරුනා, ස්වාමීනී මං මහණ කර ගනු මැනව, මට භාවනා කමටහන් දෙනු මැනව”කියල. ඒ මොහොතේ මහණ වුනා, ඒ මොහොතේ භාවනාවක් ලබා ගෙන ගහක් මුලට ගිහිං වාඩි වුනා. පුදුමෙයි කියන්නේ, එදා දාර පිඹුරා වෙලා ඇසූ, දහම් පද කෙරේ චිත්ත ප්‍රසාදයෙන් පසුව ඇති කර ගත් ඥාන සම්ප්‍රයුක්ත ( ත්‍රිහේතුක ) ප්‍රතිසන්ධිය නිසා, එකම ආසනයේදී, ත්‍රී විද්‍යා, සත් අභිඤ්ඤා, සිව් පිළිසිඹියා ඥාන සහිතව ( සියළු යට මාර්ග ඵල අනුපිළිවෙලින් පසුකරමින් ගොස්) අරහත්වය ශාක්ෂාත් කලා

    ආශ්චර්යයි නේද?..ඒ නිසා අපි සෑම දෙනාම, ලොකු කුඩා සියළුම දෙනෙකුට, මේ අභිධර්මය පිළිබඳ පුලුවන් තරම් දැනුම ලබා දීම වැදගත්. සෑම ගෙදරකම අභිධර්මය විනාඩි 15 හරි කථා කරන්ඩ පුරුදු වෙන්නට ඕනෙ.

    බුරුම රටේ නම් කුඩා දරුවෝ පවා අභිධර්මය පිළිබඳව දැනුම තේරුම ඇති කරගෙනයි යන්නෙ. භික්ෂූන් වහන්සේලා ඒ රටේ අභිධර්ම පිටකයම කටපාඩම් කරනව……….අපි පහුගිය කාලේ 1991, බුරුම රටේ වන්දනාවකට ගියා, ඒ වෙලාවේදී අපි එන්ඩ කිට්ටුව, “මන්ඩලේ” නුවර මහා විශුද්ධාරාම වාසී, ගරු කටයුතු “අග්ගී” කියන ස්වාමීන් වහන්සේ අපිව යොමු කලා සැදැහැවත් බෞද්ධ ගෙදරකට. ඒ ඇත්තන්ට පිරිත් අහන්ඩ ඕනෙ සිංහල හාමුදුරුවන් ගෙන් කියල. ඉතින් අපේ සිංහල ස්වාමීන් වහන්සේලා 4 නමකුයි, අපේ සියාඩෝ ස්වාමීන් වහන්සේයි පස් නම වඩම්ම ගෙන, කළින් සූදානම් කරගත් මල් පූජාවක් කලා. ඊලඟට අපි නිවසට වඩම්මලා අපිට ආසන පනවලා අනික් පිරිස ඔක්කොම බිම වාඩි වුනා. ඉතින් පැයක පිරිත් දේශනයක් පැවැත්වුවා

    ඔය අතරේ මව් කෙනෙක් වයස අවුරුදු තුනේ, හතරේ , පහේ කුඩා දරුවෝ දහ පාළොස් දෙනෙක් ඉස්සරහ ගෙනල්ල වාඩි කොරෝල වැන්දෙව්වා. ඔවුන්ට වැඳීමේ වාක්‍ය කියන්න කිව්වා…ලස්සනට කිව්ව. ඊ ලඟට ඒ අම්ම කිව්ව එක දරුවෙකුට “දරුව පට්ඨානය කියන්න” කියල. මේ වයස තුනක තරම් කුඩා දරුවෙක්, අපි මේ ආගන්තුක සංඝයා කියල කිසීම වෙනසක් නෑ, බොහෝම ලස්සනට සන්සුන්ව වැඳගෙන “හේතු පෙස්සියෝ, ආරම්මණ පෙස්සියෝ කිය කිය කියන්න පටන් ගත්තා විසි හතරම. මං හොඳට කන් දිහාන හිටියෙ එක අකුරක් හරි එක වචනයක් හරි මාරු වෙයිද කියල. මොනවක්වත් නෑ බොහෝම ලස්සනට කිව්වා…

    සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…

    Abhidhamma Saacachchawa.mp3

    අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!

    මෙම පූජනීය ස්වාමීන් වහන්සේගේම අභිධර්ම දේශනා රාශියක් මෙතැනින් බාගත කර ගත හැක

    බෞද්ධයන් විසින් දැනගැනීමට ඉතා වටිනා, අනන්ත විශ්වයම අතැඹුලක් සේ දැනගන්න – ලොවේ එකම ඉගැන්වීම – අභිධර්මය ඉතා රසවත් ආකාරයන්ගෙන්, වර්ණ නිරූපන ආකාරයට සකසා. මොළයේ ධාරණ ශක්තියට උපකාරී වනසේ සියළු පාඩම් රූපානුසාරයෙන් ඉදිරිපත් කිරීමට අපි නව පිටුවක් ඇරඹුවෙමු. අභිධර්මයට පමණක් නොව ශ්‍රි ලාංකික බුද්ධ සාශනයටම කණ කොකා හඬන මේ කාලයේ, සාශනයේත්, ධර්මයේත් චිර පැවැත්ම උදෙසා ඔබගේ මෙහෙය ඉටු කරන්න. ශක්ති පමණින් මෙම දුර්ලභ නිරූපන සියල්ල වර්ණ මුද්‍රණය කර ඔබ යන එන පන්සලට, පිරිවෙනට, දහම් පාසලට, එක කට්ටලය බැගින්, සියල්ලන්ට පෙනෙන ස්ථානයක් තෝරා ප්‍රදර්ශනය කරවන්න. සැදැහැවත් ඔබ සමූහයක් එක්වී හෝ මෙම පුණ්‍ය කර්මය සිදු කර ගන්න. ඔබ පූජනීය ස්වාමීන් වහන්සේ නමක් නම් දායකයන් උනන්දු කරවා මෙය සිදු කර ගන්න. මේවා බැලීමෙන් අභිධර්මය ඉගෙනීමට උනන්දු වන සැදැහැවතුන් විසින් අපිට ශාසන ආරක්ෂාව සලසා ගැනීමට අවැසි පිරිස් බලය, ඥාන බලය ගොඩ නැගෙනු ඇත.

    මාර්ගය හෙළි කර දුන් ඔබටත්, ඉගෙනගත් එම සැදැහැවතුන්ටත්, නිසැකවම, අනන්ත ලෙස ප්‍රනීත වූද, ශාන්ත වූද, ගෙවී අවසන් නොවන්නා වූද නිර්වාන ධාතුව සුවසේ ලඟා වේවි.


     
    Last edited: