ඔසප් දින වල එකතු උනාට කිසි අවුලක් නෑ ඒත් එකට දෙන්නගෙම කැමැත්ත තියෙන්නේ ඕන..
අතුරු ආබාධ දීර්ඝ කාලින ඒවා නෑ.. මං කිව වගේ අරගන පැය කීපයක් යනකොට වමනය, ඇගේ තෙහෙට්ටුව වගේ දේවල් දැනෙනවා. සතියකින් විතර ලේ යන්නත් ඉඩ තියනවා. ඒක දින ගණනාවක් තියෙන්න හොද නෑ. එහෙම උනොත් ඩොක්ටර් කෙනෙක් ලගට යන්න ඕන. මේ පෙත්ත පාවිච්චි කරන අයගෙන් 4 න් 1 කට මේ ලක්ෂණ අනිවාර්යයෙන් එනවා.(නිතර පාවිච්චි කලොත් අතුරු ආබාධ දීර්ඝ කාලින එන්න පුළුවන්) ඒක පාරක් මේක පාවිච්චි කරල ඔසප් චක්‍ර 2 ක් වත් යන්න ඕන ගත්ත කෙනාගේ ඇගේ හෝමෝන මට්ටම සාමාන්‍ය වෙන්න. නිතර මව ගත්තම වෙන්නේ ඇගේ හෝමෝන වෙනස් වෙලා ලොකු ප්‍රශ්න ඇති වෙන එක.