අන්තර්ජාතික හමුදා හරඹ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අන්තර්ජාතික හමුදා හරඹ

    N5rUKnx.jpg

    දෙවනවරටත් පවත්වන ලද රුසියාව සංවිධානය කල International Army Games නම් යුද හරඹ තරඟාවලිය පසුගිය අගෝස්තු මස 13 දා සාර්ථකව නිමාවට පත්විය.ජුලි 30 - අගෝස්තු 13 දක්වා පැවැත්වූ මෙම තරඟාවලිය සමකාලීනව පුහුණු භූමි 20ක් තුල සංවිධානය කර තිබිණි.ඉන් 19ක්ම රුසියානු හමුදා දිස්ත්‍රික්ක තුනක පිහිටා තිබේ.ඊට සයිබීරියාව,කලීනින්ග්‍රෑඩ් සහ ක්‍රිමියාවද අයත් වේ.තරඟාවලියට ඉසව් 23ක් ඇතුලත් විය.රුසියාව සියලු ඉසව්ද චීනය ඉසව් 22ක්ද කසක්ස්ථානය ඉසව් 21ක්ද නියෝජනය කලහ.මෙම තරඟාවලියේ කැපීපෙනෙන ඉසව්ව වූයේ රටවල් අතර පවත්වන ලද යුද ටැංකි ඉසව්.නාවුක ඉසව් බැලස්ටික්,කළු සහ කැස්පියන් මුහුදු ආශ්‍රිතව පවත්වන ලදි.ගිය වසරේ මෙන් නොව මෙවර තරඟාවලියේ ඉසව් රුසියාවට අමතරව කසක්ස්ථානයේද පවත්වන ලදි.

    abVk1pO.jpg


    BtztOYf.jpg


    vQGUAH0.jpg


    iveggYE.jpg

    රටවල් 19කින් කණ්ඩායම් 121ක් මෙම තරඟාවලිය නියෝජනය කර තිබේ.ගුවන,පාබල සහ නාවුක අංශ නියෝජනය කරමින් සෙබලුන් 3000ක් පමණ ඊට සහභාගී විය.International Army Games තරඟාවලිය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද්දකි.චීනය,ඉන්දියාව,වෙනිසිවුලාව,ඉරානය,නිකරගුවා,කසක්ස්ථානය ආදී රටවල් රැසක් එය නියෝජනය කල අතර රුසියාව විසින් එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවලටද ආරාධනා කර තිබුණද නේටෝ රටක් වන ග්‍රීසිය පමණ ඊට එක්විය.මෙම තරඟාවලිය නේටෝ සංවිධානයෙන් පිටත සිදුකෙරෙන විශාලතම ජාත්‍යන්තර යුද අභ්‍යාසය ලෙසද හැඳින්විය හැකිය.

    Dqqp9EC.jpg


    nsU0PPl.jpg


    pTIj6pQ.jpg


    YQ6qgmG.jpg

    මෙවර ඊට සහභාගී වූ ස්නයිපර්වරුවෝ කසක්ස්ථානයේ සිය හැකියාවන් ප්‍රදර්ශනය කලහ.කඳුකර භට කණ්ඩායම් යුරෝපයේ උසම කඳු මුදුන වන දකුණු රුසියාවේ එල්බ්‍රරස් තරණය කරන ලදි.නාවුක සෙබලුන් කලිනින්ග්‍රෑඩ් ආසන්න බෝල්ටික් මුහුදේ තරඟ වැදුණි.ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර් සිය හැකියාවන් ප්‍රදර්ශනය කලේ මධ්‍යම රුසියාව සහ ක්‍රිමියාවේය.යුද ටැංකි ඉසව් සහ සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථවල තරඟ දහස් ගණනක් ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගත් අතර වෙඩි පිටි පිහිටා තිබුණේ මොස්කව් නගරාසන්නයේය.රුසියානු ආරක්ෂක අමාත්‍යංශයට අනුව පුද්ගලයින් 10,000ක් පමණ මොස්කව් වෙඩි පිටියට පැමිණ සිටි බව කියවේ.

    dh9p8ff.jpg


    3hZdu92.jpg


    Aaj5FH8.jpg

    මෙම තරඟාවලියට බොහෝ කණ්ඩායම් භාවිතා කලේ රුසියාවේ නිෂ්පාදිත යුද ටැංකි,යුද රථ සහ අවිය.රුසියාව සිරියාවේ සිදුකරන හමුදා මැදිහත්වීම නිසා ඔවුන්ගේ සුකොයි ප්‍රහාරක යානා සහ බෝම්බ හෙළන යානාවලට යුරෝ බිලියන 5ක ඇණවුම් ලැබුණු අතර මෙම තරඟාවලිය නිසා රුසියානු අවි සඳහා ලෝක අවධානය තව තවත් යොමුවනු ඇති බවයි රුසියාවේ විශ්වාසය.

    LEISS6w.gif


    Udocq3S.gif




    මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ තරඟාවලියේ විවිධ ඉසව් කිහිපයක සේයාරූ පෙළකි.


    tank-biathlon තරඟයට සහභාගී වූ යුද ටැංකියක් දිය දෙබෑ කරමින් ඉදිරියට ඇදෙන අයුරු.එහි ප්‍රධාන අවිය පමණක් පෙනෙන්නට තිබේ,2016 ජූලි 30.

    jmh8n1w.jpg




    අසර්බයිජානය නියෝජනය කල ටී-72 යුද ටැංකියක් ඉලක්කයට වෙඩි තබන අයුරු,2016 අගෝස්තු 2.​

    55bcMtL.jpg





    තවත් යුද ටැංකියක් ඉලක්කයට වෙඩි තබන අයුරු,2016 ජූලි 30.

    XN1ybtu.jpg





    අසර්බයිජානය නියෝජනය කරන කණ්ඩායමක් මෙහෙයවන ටී-72 යුද ටැංකියක් ඉසව්ව පැවති මොස්කව් නගරයෙන් පිටත වූ ඇලාබිනෝ හි තරඟ වදින අයුරු,2016 අගෝස්තු 2.

    UcFBham.jpg





    එස්-300 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය සිය මිසයිලයක් දියත් කරන අයුරු,ඇස්ට්‍රකාන්,රුසියාව,2016 අගෝස්තු 7.

    kvPperb.jpg





    කෝර්නෙට්- ඩී1 ජංගම යුද ටැංකිනාශක මිසයිල විදිනයක් ක්‍රියාත්මක කරන අයුරු,ඇස්ට්‍රකාන්,අගෝස්තු 7.

    05p2rHZ.jpg





    බීඑම්පී-2 උභයචර පාබල ප්‍රහාරක රථයක් පදවාගෙන එන රුසියානු කණ්ඩායමක්,2016 අගෝස්තු 13.

    MaW9MAH.jpg





    කසක්ස්ථානයේ කණ්ඩායමක් විසින් මෙහෙයවන බීඑම්පී-2 උභයචර පාබල ප්‍රහාරක රථයක් සිය ඉසව්වේ තරඟ වදිමින්,2016 අගෝස්තු 2.

    M89RFV2.jpg





    හමුදා ඉන්ජිනේරු අංශය සඳහා පැවති ඉසව්ව සඳහා සහභාගී වූ රුසියානු කණ්ඩායමක් සිය රථය හසුවරවන අයුරු.

    TlYr21o.jpg





    open-water නම් ඉසව්වට සහභාගී වූ රුසියානු කණ්ඩායමේ සාමාජිකයින් ටී-80 යුද ටැංකියක් පාරු පාලමක් ඔස්සේ ප්‍රවාහනය කරන අයුරු,මියුරෝ,රුසියාව,2016 අගෝස්තු 6.

    zfwY5Ni.jpg





    තරඟාවලියට සහභාගී වූ චීන සෙබලුන් කණ්ඩායමක් සිය සන්නාහ සන්නද්ධ පාබල හමුදා ප්‍රහාරක රථයේ සිටින අයුරු,කලු මුහුදේ නොවොරොස්සිස්ක් තොටුපොල,රුසියාව,2016 අගෝස්තු 8.

    LsNfr3A.jpg





    මිග්-29 ජෙට් සටන්කරුවන්ගෙන් සමන්විත ගුවන් කරණම් කණ්ඩායමක් රයිසන් ප්‍රදේශයේ පියාසර කරමින්,2016 අගෝස්තු 5.

    qfAYOxU.jpg





    ස්විෆ්ට්ස් නම් රුසියානු ගුවන් කරණම් කණ්ඩායම එකිනෙකාට ඉතා ආසන්නයෙන් පියාසර කරන අයුරු,2016 අගෝස්තු 5.


    ptvOuEo.jpg




    සුකොයි -30එස්එම් ජෙට් සටන්කරුවන්ගෙන් සමන්විත රුසියානු සොකොලි රොසී නම් ගුවන් කරණම් කණ්ඩායම සිය දස්කම් පෙන්වමින්,ඩුබ්‍රොවිචි,2016 අගෝස්තු 5.​

    0ZsQ15c.jpg





    සුකොයි -27 ජෙට් සටන්කරුවන්ගෙන් සමන්විත රස්කයි විට්යාසි නම් රුසියානු ගුවන් කරණනම්කරුවන් ඩුබ්‍රොවිචි ප්‍රදේශයේ පියාසර කරමින්,2016 අගෝස්තු 5.

    gucTKqT.jpg





    ටීයූ-22එම්3 බෝම්බ හෙළන යානයක් ඩුබ්‍රොවිචි අහසේ සිට බෝම්බ හෙළන අයුරු,2016 අගෝස්තු 5.

    02tkKr8.jpg





    ඉලියුෂින්- 76 හමුදා ප්‍රවාහන ගුවන් යානය ඩුබ්‍රොවිචි අහසේ පියාසර කරන අයුරු,2016 අගෝස්තු 5.

    lcFrd1Z.jpg





    එම්අයි-28 එන් නයිට් හන්ටර් හමුදා හෙලිකොප්ටර් යානා සහිත ගෝල්ඩන් ඊගල්ස් නම් ගුවන් කරණම්කරුවන් කණ්ඩායම දස්කම් පෙන්වන අයුරු,ඩුබ්‍රොවිචි,2016 අගෝස්තු 6.

    9FQde8W.jpg





    එම්අයි-28එන් නයිට් හන්ටර් හමුදා හෙලිකොප්ටර් යානයක් ඩුබ්‍රොවිචි ප්‍රදේශයේ පියාසර කරන අයුරු,2016 අගෝස්තු 5.

    W5hYlab.jpg





    සෙබලුන්ගේ දස්කම් ගොඩබිමට සහ ගුවනට පමණක් සීමා නොවීය,ඔවුන් ගංඟා තරණය සඳහාද සහභාගී විය.

    1hkxLqR.jpg





    එල්බ්‍රස් කඳුමුදුන වටා සැතපුම් 62ක් දුර ගමන් කරන සෙබලුන්.

    v65v7uT.jpg





    සුනඛයින් හසුරවන්නටද මෙහිදී සිය සුරතලාගේ දස්කම් ප්‍රදර්ශනය කරවීමට අවස්ථාව ලබාදී තිබිණි,ඩ්මිට්‍රොව්,රුසියාව,2016 අගෝස්තු 6.

    3BojS2c.jpg





    රුසියානු සෙබලුන් දෙවන ලෝක සංග්‍රාමය සමයේ සෝවියට් යුද හමුදා නිල ඇඳුමෙන් සැරසී තරඟාවලියේ අවසානය සනිටුවන් කල අයුරු,ඇලබිනෝ,2016 අගෝස්තු 13.

    x4PeqWa.jpg





    Source:businessinsider.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: ruka!

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මන් ඒත් බැලුව උබ මේක ගැන දාන්න පරක්කු මොකද කියල :P:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හම්මෝ.. පිස්සු හැදෙනවා.. යුද්ධයක් නැතත් පට්ට වියදමක් යන්න ඇති හැබැයි..:shocked:

    (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හම්මෝ.. පිස්සු හැදෙනවා.. යුද්ධයක් නැතත් පට්ට වියදමක් යන්න ඇති හැබැයි..:shocked:

    (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)

    වියදම වගේද බන් මේ වගේ ජාත්‍යන්තර ඉසව්වකින් රුසියන් අවි වලට ලැබෙන ප්‍රසිද්ධිය.මේවායින් තමයි උන්ගේ අවි වෙළඳපොල පුලුල් වෙන්නේ.ලෝකයා මේවා ගැන දැනගන්නේ.සිරියාවේ යුද්ධෙට රුසියාව මැදිහත්වුන නිසා උන්ගේ ෆයිටර් ජෙට් වලට ලැබුණු ඉල්ලුම සුළු පටු එක්ක නෙමෙයි.අනික බන් ඔය යුද අභ්‍යාස,මේ වගේ තරඟාවලි නිසා හමුදාවේ තියෙන "සූදානම් වීම" වර්ධනය වෙනවා.වියදම වගේ නෙමෙයි මේවායි ලැබෙන වාසි.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වියදම වගේද බන් මේ වගේ ජාත්‍යන්තර ඉසව්වකින් රුසියන් අවි වලට ලැබෙන ප්‍රසිද්ධිය.මේවායින් තමයි උන්ගේ අවි වෙළඳපොල පුලුල් වෙන්නේ.ලෝකයා මේවා ගැන දැනගන්නේ.සිරියාවේ යුද්ධෙට රුසියාව මැදිහත්වුන නිසා උන්ගේ ෆයිටර් ජෙට් වලට ලැබුණු ඉල්ලුම සුළු පටු එක්ක නෙමෙයි.අනික බන් ඔය යුද අභ්‍යාස,මේ වගේ තරඟාවලි නිසා හමුදාවේ තියෙන "සූදානම් වීම" වර්ධනය වෙනවා.වියදම වගේ නෙමෙයි මේවායි ලැබෙන වාසි.

    අඩේ ඔව් හැබැයි.. නොදැනිම මාකටිං පාරක් දැම්ම වගේ සීන් එකකුත් තියෙනව ඒ කියන්නේ.. උන්ගෙ මිලිටරි වෙපන් වල, වාහන වල එහෙම ඩියුරබිලිටි එක පවා චෙක් වෙනවනේ අනිත් රටවල් ඉස්සරහ..:yes:

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වියදම වගේද බන් මේ වගේ ජාත්‍යන්තර ඉසව්වකින් රුසියන් අවි වලට ලැබෙන ප්‍රසිද්ධිය.මේවායින් තමයි උන්ගේ අවි වෙළඳපොල පුලුල් වෙන්නේ.ලෝකයා මේවා ගැන දැනගන්නේ.සිරියාවේ යුද්ධෙට රුසියාව මැදිහත්වුන නිසා උන්ගේ ෆයිටර් ජෙට් වලට ලැබුණු ඉල්ලුම සුළු පටු එක්ක නෙමෙයි.අනික බන් ඔය යුද අභ්‍යාස,මේ වගේ තරඟාවලි නිසා හමුදාවේ තියෙන "සූදානම් වීම" වර්ධනය වෙනවා.වියදම වගේ නෙමෙයි මේවායි ලැබෙන වාසි.

    :yes:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    වියදම වගේද බන් මේ වගේ ජාත්‍යන්තර ඉසව්වකින් රුසියන් අවි වලට ලැබෙන ප්‍රසිද්ධිය.මේවායින් තමයි උන්ගේ අවි වෙළඳපොල පුලුල් වෙන්නේ.ලෝකයා මේවා ගැන දැනගන්නේ.සිරියාවේ යුද්ධෙට රුසියාව මැදිහත්වුන නිසා උන්ගේ ෆයිටර් ජෙට් වලට ලැබුණු ඉල්ලුම සුළු පටු එක්ක නෙමෙයි.අනික බන් ඔය යුද අභ්‍යාස,මේ වගේ තරඟාවලි නිසා හමුදාවේ තියෙන "සූදානම් වීම" වර්ධනය වෙනවා.වියදම වගේ නෙමෙයි මේවායි ලැබෙන වාසි.

    :yes::yes:
     

    Similar threads