අන්තර්ජාලයෙන් මුදල්?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අන්තර්ජාලයෙන් මුදල්?


    ඔබ දන්නවා ඇති ‍පුවත්පත් වල එහෙම අන්තර්ජාලයෙන් රුපියල් ලක්ෂය දෙක හොයාගන්න පුළුවන් කියල ඇඩ් දාල තියෙනවා. ඇත්තටම මෙහෙම සල්ලි ලබාගන්න පුළුවන්නම් රස්සා ඕන වෙන්නෙ නැ. ඉන්ටර්නෙට් වලින් රු.1,000 වඩා හොයන්න පුළුවන්. නමුත් රැවටෙන්න එපා ලක්ෂ ගණනින් මුදල හොයන්න පුළුවන් කියල.


    අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම ගණනාවක් තියෙනවා. අපිට ප්‍රධාන කොටස් පහත වශයෙන් සඳහන් කරන්න පුළුවන්.

    1. ඇඩ්ස් ක්ලික් කිරීමෙන් මුදල් ලබාගැනීම
    2. ඔබේ බ්ලොග් එක හෝ වෙබ්සයිට් එක මඟින්
    3. දැන්විම් නරඹීම මඟින්



    මෙයින් බො‍හෝ ජනප්‍රිය අංගය වන්නේ ඉහත කී 1 සහ 3යි. ඒවා මඟින් මුදල් ඉපැයීමට බ්ලොග් එකක් හෝ වෙබ් අඩවියක් අවශ්‍ය නොවේ. එයට හොඳම උදාහරණය වන්නේ bux.to ය. එහිදී දැන්වීමක් තත්පර 25-30 නැරඹිය යුතු අතර ඉන්පසු එම මුදල ගිණුමට බැර කෙරේ. එමඟින් මසකට වරක් ගිණුම පරික්ෂා කර ඔවුන් දැනුම් දුන් අවම මුදල් ප්‍රමාණය ගිණූමේ ඇත්නම්, ගිණූමේ ඇති මුදල චෙක්පතක් මඟින් නිවසට එවනු ලැබේ. නැතිනම් ක්‍රෙඩිට් කාඩ් එකට බැර කරණු ලැබේ.

    ලංකාවේ ඇති ප්‍රථම bux වෙබ් අඩවිය වන්නේ DLBux ය. එහිදී එක් දැන්වීමක් නැරඹීම වෙනුවෙන් ශත 75(රුපියල්) ‍ගෙවනු ලැබේ. එමෙන්ම එහිදී විහේෂත්වය වන්නේ Click links, Read ads, Paid to sign up, Click exchange වැනි දේවල් වෙනුවෙන්ද මුදල් ගෙවීම සිදුකරනු ලබයි.


    මුදල් උපායාගත හැකි අනෙක්, තරමක් වෙහෙසිය යුතු ක්‍රමය වන්නේ 2 ක්‍රමයයි. නමුත් එයට වෙහෙසිය යුත්තේ ආරම්භයේදී පමණි. මෙහිදී අනිවා‍ර්යෙන්ම ඔබට වෙබ්අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තිබිය යුත්ය. එහිදී ඔබට ඔවුන්ගේ දැන්වීම් ප්‍රචාරණය කර, නරඹන්නන් ඇඩ් එකක් මත ක්ලික් කළ විට ඔබට US $ 0.02 මුදලක් ලැබේ.


    blogayakin ussana ladi :P
    lipiyehi kisidu karunakata ma wagakiyanu nolabe