අන්තර්ජාලයේ නාට්‍ය විකාශය නීතිවිරෝධීයි
පරිගණක සහ තොරුතුරු තාක්ෂ්ණය යන ක්ෂේත්‍රයට අදාලව ලංකාවේ නීති තත්වය සලකා
බැලීමේදී ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තුව විසින් පනවන ලද පනත් කිහිපයක් වැදගත් වේ.එනම්,
(1).වර්ෂ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත (Intellectual Property Act No:-36 of2003,
(2).සන්නිවේදන තාක්ෂනය සහ තොරතුරු පිලිබඳ වර්ෂ 2003 අංක:27 දරණ පනත,(Information and Communication Technology Act No 27 of 2003)
(3).ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පිලිබඳ වර්ෂ 2006 අංක:19 දරණ පනත (Electronic Transactions Act No:-19 of 2006)
(4).පරිගණක අපරාධ පිලිබඳ වර්ෂ 2007 අංක:-30 දරණ පනත (Computer Crimes Act 24 of 2007)
(5).වර්ෂ 1995 අංක;-14 දරණ සංශෝධිත සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත (The Evidence Special Provisions Act No;14 of 1995)
වෙබ් අඩවි සහ ප්‍රකාශන අයිතිය :-
ප්‍රකාශන අයිතිය යනු කිසියම් ශාස්ත්‍රීය, කලාත්මක,විද්‍යාත්මක කෘතියක හෝ සෞන්දර්ය නිර්මානයක හෝ පරිගණක වැඩසටහන
නිර්මාණකරුට නීතියෙන් හිමිකර දී තිබෙන අයිතිවාසිකම් වේ.වර්ෂ 2003 අංක ;36 දරණ බුද්ධිමය දේපල පනතේ 5 වන වගන්තියේ
සිට 27 වන වගන්තිය දක්වා මෙම ප්‍රකාශන අයතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා ඇත.ප්‍රකාශන අයිතිවාසිකම් වර්ග දෙකකි . එනම් ,
1.ආර්ථික අයිතිවාසිකම්,
2.සදාචාරාත්මක අයිතිවාසිකම්
බුද්ධිමය දේපළ පනතේ නව ප්‍රකාශන හිමිකරුවෙකුට හිමි ආර්ථික අයිතිවාසිකම් වන්නේ තමා නිර්මාණය
කරන ලද නිර්මාණය ප්‍රති නිෂ්පාදනය කිරීම,පරිවර්තනය කිරීම,විකිණීම ,කුලියට දීම වැනි අයිතිවාසිකම් වේ.
සදාචාරාත්මක අයිතිවාසිකම් වන්නේ ආර්ථික අයිතිවාසිකම් වලින් ස්වාධීනව එකී ආර්ථික අයිතිවාසිකම් අහිමි වූ
අවස්ථාවක පවා මුල් නිර්මාණකරුට හිමිවන අයිතිවාසිකම් වේ.එනම් එකී නිර්මාණය ප්‍රයෝජනයට ගැනීමේදී මුල්
නිර්මාණකරුගේ නම සඳහන් කිරීම,මුල් කෘතිය විකෘති කිරීමෙන්,විකරණයකට ලක් නොකිරීමට ඇති අයිතිවාසිකම් වේ.
වෙබ් පිටුවක් නිර්මාණය කරනවාත් සමගම ප්‍රකාශන අයිතිය එකී නිර්මාණකරුට හිමි වේ.
නමුත් එකී නිර්මාණය ස්වාධින තමන්ගේම නිර්මාණයක් විය යුතු අතර වෙනත් අයෙකුට අයිති නිර්මාණයක් පල කරන්නේ නම්
ඊට නීතිමය රැකවරණයක් නොලැබේ.වර්තමානයේ විවිධ වෙබ් අඩවි විවිධ රුපවාහිනී චැනලයන් මගින් ප්‍රචාරණය වන ටෙලි නාට්‍ය,
චිත්‍රපටි,පුවත් එලෙසම තම වෙබ් අඩවියෙන් පල කිරීම 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේ අපරාධ සහ සිවිල්
යන අංශ දෙකේම නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමකි.
උදාහරණයක් වශයෙන් ස්වාධින රුපවාහිනී චැනලය මගින් ප්‍රචාරණය වන ටෙලි නාට්‍යක් වෙනත් වෙබ් අඩවියක් හරහා නැවත
එකී ස්වාධින රුපවාහිනී ලාංචනය යටතේ ප්‍රචාරය කලද බුද්ධිමය දේපළ පනත යටතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමකි.
නමුත් එවැනි අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වන්නේ අදාල නිර්මාණ හිමිකරුවන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ නම් පමණි.