අන්තර්ජාල අදිසියන්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්තර්ජාල අදිසියන්..

    උදේ සිට රෑ පුරා...
    ජාලයෙන් හමු වෙනා....
    නොයෙක් මිතු දම් වෙනා...
    දිනය ගෙවමින් යනා....
    හඩක් අසලා නැතේ...
    රුවක් දැකලා නැතේ....
    යතුරු පුවරුව නිසා...
    සබද අපි එක් වෙතේ....
    දුකක් කියලා යතේ....
    පැනය අසලා යතේ....
    ඇලඩින්ගෙ පහන සිහි..
    කරනවා හිතුමතේ.....
    ගැටළු නම් කෝටියයි...
    පිලිතුරත් හදිස්සියි.....
    දෙන්න බැරි වූවොතින්...
    මිතු දමත් අහවරයි....
    වැඩ ගන්න වැඩ දෙන්න...
    එකිනෙකා අත ගන්න....
    හිත දෙන්න ලං වෙන්න...
    කෝ අනේ බෑ එන්න....
    හදිසියේ ගැටළුවක්...
    ඇතිවෙලා මා අතින්...
    සරණ දුන් මිතුරු කැල..
    සොය සොයා දුවමි මං...
    ජංජාලෙ හුටපේ....
    සැරි සරා මත් වෙතේ...
    ඒ නමුත් තව නැතේ...
    පිලිතුරක් මා අතේ......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ ත්‍රෙඩ් වල කමෙන්ට් කරන ඔබ හැම දෙනාටම ගොඩාක් ස්තූතියි...!
    හැම දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා !
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පට්ට මචං. දිගටම ලියපන් +.!
    "දෙන්න බැරි වූවොතින්...
    මිතු දමත් අහවරයි...."

    මම නම් එහෙම නැ හොදේ !:no::D;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට මචං. දිගටම ලියපන් +.!
    "දෙන්න බැරි වූවොතින්...
    මිතු දමත් අහවරයි...."

    මම නම් එහෙම නැ හොදේ !:no::D;)
    :D;) හැමෝටම නෙවෙයි බං... සමහරුන්ට ලිව්වෙ :yes:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka

    වැඩ ගන්න වැඩ දෙන්න...
    එකිනෙකා අත ගන්න....
    හිත දෙන්න ලං වෙන්න...
    කෝ අනේ බෑ එන්න....
    හදිසියේ ගැටළුවක්...
    ඇතිවෙලා මා අතින්...


    ඒ part එක පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න:P
     
    Last edited: