අන්තර් ජාල ගේම් වලට ඇබ්බැහි වී නිවසේ ලක්ෂ ගණනක රන් බඩු හා යතුරු පැදියක් රහසේ විකුණා දමමින් මෙම ක්‍රීඩාවේ නිරත වු සිද්දියක් සම්බන්ධව සැකකාර18 හැවිරිදි සිසුවකු අත් අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසනවා.අත් අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල කටුනේරිය ප්‍රදේශයේ පදිංචි අ.පො.ස. උසස් පෙල හදාරණ සිසුවක් ය.
මෙම සිද්දිය අනාවරණය වී ඇත්තේ මාරවිල කටුනේරිය ප්‍රදේශයෙන් වන අතර, මව සහ පියා ඉතාලියේ රැකියාවට ගොස් සිටින අතර සීයා හා මිත්තනියගේ රැකවරණය යටතේ ජීවත් වන බව මූලික පරික්ෂණවලින් අනාවරණය වි තිබෙනවා.
එම යුවළගේ එකම පුත්‍රයා මෙසේ අන්තර්ජාලය හාරහා මුදලට ගේම් ගැසිමේ ක්‍රීඩාවට ඇබ්බැහි වි ඇති බව පොලිසිය පවසනවා.
අදාල දරුවා මේ වන විට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීම සදහා ඔහුගේ පරිඝණකයෙන් අධ්‍යන කටයුතු සිදු කරන අතරතුර ක්‍රීඩාවට හුරුව ඇති බව පැවසෙනවා.
එය අනාවරණ වී ඇත්තේ මෙම සිසුවාගේ නිවසේ තිබු ලක්ෂ ගණනක් වටිනා යතුරු පැදිය එකවර අතුරුදහන් වීමත් සමඟ බව සදහන්.
මෙම යතුරු පැදිය නිවසේ ගරාජයේ තිබියදි අතුරුදහන් වීමෙන් පසු සිසුවාගේ මිත්තනිය හා සීයා මාරවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර, එම සිද්දිය පිළිබඳව මාරවිල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික විජේසිංහ මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පොලිස් කණ්ඩායම් අනාවරණය කර ගෙන තිබුණේ මෙම සිසුවා එක් වරකට විශාල මුදලක් වැය කරමින් මෙම අන්තර්ජාල ගේම් වලට ඇබ්බැහි වි ඇති බවත්, පලමුව නිවසේ තිබු සිසුවාගේ ලක්ෂ 4කට ආසන්න යතුරු පැදිය එක් ලක්ෂ පනස් දහසකට විකුණා දමා ඇති බවත්ය.
කෙසේ නමුත් පොලිසිය දිගින් දිගටම කල විමර්ශන වලින් පසුව අනාවරණය වී ඇත්තේ මෙම සිසුවා තම මවගේ හා මිත්තනියගේ ලක්ෂ පහකට වැඩි වටිනාකමින් යුත් රන් ආභරණද සොරකම් කර එයින් ලැබුණ මුදලින්ද මෙම ක්‍රීඩාවේ නිරත වී ඇති බව පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.......
Source: nethgossip.lk
තවත් එක් හෙළ යක්ක පුතෙක්
