අන්තරාභව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    මවු කුස තුළ ප්‍රතිසන්ධිය ග්‍රහණය කරන තුරු අදාළ විඤ්ඤාණ සන්නතිය හඳුන්වන්නේ ගන්ධබ්බ නාමයෙනි. අදාළ මවු කුස සුදුසු ලෙස පිළියෙල වනතුරු ගන්ධබ්බ නාමයෙන් හැඳින්වෙන මේ විඤ්ඤාණ සන්තතියට නතර වී බලා සිටීමට සිදු වේ. අන්තරා භවය යනු එයයි.

    අන්තරාභව සංකල්පයද පුනර්භව සංකල්පය මෙන්ම වැදගත් වූවකි. එසේ ද වූවත් මේ සම්බන්ධව වියතුන්ගේ අවධානය යොමු වූවා ප්‍රමාණවත් නොවේ. අන්තරාභවයක් තිබේද යන පැනය මතු කළ විට ඇතැම් ධර්මධර භික්ෂූන් වහන්සේ පවා එවැන්නක් නැති බව සහතිකවම ප්‍රකාශ කරනු පෙනේ. එසේ ප්‍රකාශ කිරීමට පෙර මේ ගැන හොඳින් විමසා තිබීම අවශ්‍ය දෙයකි. අන්තරාභවයක් ඇති බව සහ නැතිබව යන මත දෙකම භික්ෂුන් වහන්සේ විසින් පවසන විට, එදා බුදුරදුන් ධරමාන කාලයේදී කේස පුත්තයෙහි කාලාමයන්ට ඇතිවූවාක් මෙන්ම කුමක් පිළිගත යුතුද යන සැකයක් පහළවීම නොවැළැක්විය හැකි දෙයකි. එකම කරුණු ගැන ප්‍රතිවිරුද්ධ මත දෙකක් තිබිය නොහැකිය. එය ධර්මයටද හානියක් විය හැක. අවශ්‍ය වන්නේ පොදු එකඟත්වයකට පැමිණීමයි. පෙර ධර්ම සංඝායනාවන් පැවැත්වීමේ එක් අපේක්ෂාවක් වූයේ ද දහම් කරුණු ගැන පොදු එකඟතාවක් ඇතිකර ගැනීමයි. මේ ලිපියෙන් අපේක්ෂා කරන්න්ද ධර්මයට ලැදියාවක් දක්වන්නන් තුළ කුතුහලය දනවා විමර්ශනය තුළින් කාහටත් පිළිගත හැකි පොදු එකඟතාවක් ඇති කරවීම යි.

    අන්තරාභවය යනු භව දෙකක් අතර තත්ත්වයකි. ඒ පෙර භවය ඒ පෙර භවය සහ පසුභවය (පුනර්භවය) අතර යි. අභිධර්මය අනුව නම් චුති සිත හා ප්‍රතිසන්ධි සිත අතර ඉඩක් නැත. චුති සිත නිරුද්ධ වනවාත් සමගම ඊට සම්බන්ධ වී ප්‍රතිසන්ධි සිත පහළ වෙයි. මරණින් මතු කර්මානුරූපව මවු කුසක් තුළ ප්‍රතිසන්ධිය ලැබීමට නියමිත සත්ත්වයෙකු සම්බන්ධයෙන් එසේ විය හැකිද? මවු කුසක් තුළ ප්‍රතිසන්ධියක් පහළ වීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතුය. ඒවා නම්

    1. මවග් සෘතුවීම සිදුවිය යුතුය
    2. මවුපියන්ගේ සහවාසය සිදුවිය යුතුය
    3. කර්ම ශක්තිය සහිත විඤ්ඤාණය ළඟා වී තිබිය යුතුය.


    මේ අනුව මිය යන සත්ත්වයාට කර්මානුරූපව ලැබෙන මවුපිය දෙදෙනා ඒ වන විට විවාහ වීම (මවුපිය සහවාසය) සිදු වී නැතිනම් ප්‍රතිසන්ධි සිත පහළ වන්නේ කොහේද? යන ප්‍රශ්නය පැන නගී. හේතුව මවු කුස තුළ කලල රූපයක් ඇති වීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය සාධක මවුපියන්ගෙන් ලැබී නොතිබීමයි. චුති සිතෙන් පසු මවු කුස තුළ ප්‍රතිසන්ධිය ග්‍රහණය කරන තුරු අදාළ විඤ්ඤාණ සන්නතිය හඳුන්වන්නේ ගන්ධබ්බ නාමයෙනි. අදාළ මවුකුස සුදුසු ලෙස පිළියෙල වනතුරු ගන්ධබ්බ නාමයෙන් හැඳින්වෙන මේ විඤ්ඤාණ සන්තතියට නතර වී බලා සිටීමට සිදු වේ. අන්තරා භවය යනු එයයි. මවුකුසක සම්බන්ධයක් නැතිව පහළ වන (ඕපපාතික) සත්වයන්ට මෙසේ අන්තරාභවයක නතර වීමට සිදුනොවේ.

    බුදුරදුන් අන්තරාභවය පිළිගත් බවට සාධකයක් සංයුක්ත නිකායෙහි සලායතන වග්ගයෙහි අබ්‍යාකත සංයුක්තයට අයත් කුකූහලශාලා සූත්‍රයෙන් හමුවේ. ඒ මෙසේය.


    “යස්මිං ඛො වචිඡ සමයේ ඉමංච කායං නික්ඛිපති සත්තෝච අඤ්ඤතරං කායං අනුපචපන්නෝ හෝති තමහං තණ්හූපාදානං වදාමි. තණ්හා සමංගිස්ස වච්ඡ, තස්මිං සමයේ උපාදානං හෝති”

    මෙය බුදුරදුන් විසින් පැනයකට දී ඇති පිළිතුරකි. එහි තේරුම නම් ‘වච්ඡය සත්වයා මේ කයත් අත් හරී. වෙන කයකට නොගියේද වෙයි. මම ඔහු තණ්හා උපාදානය ඇත්තෙක් කොට කියමි. වච්ඡය තණ්හාවෙන් යුක්ත වූවහුට ඒ අවස්ථාවෙහි උපාදානය වෙයි.


    මේ දේශනා පාඨයෙන් පැහැදිලි වන්නේ මියගිය සත්ත්වයා වෙන භවයකට නොගොස් පෙර භවය හා පුනර්භවය අතර සැරිසැරීමක් නොවේ ද? ගන්ධබ්බයා නමින් හඳුන්වන්නේ එසේ අන්තර්භවයේ සැරිසරන සත්ත්වයා ය. එහිදී රූපයක ආධාරයක් නැතිව නාමය පවතින්නේ තණ්හාව උපාදානය කොට ගෙන ය.

    අන්තරාභවය යන වචනය බුදුරදුන් මෙහිදී වදාරා නැත. නමුත් වර්තමානයේදී අන්තරාභවය යන නමින් හඳුන්වන සංසාරික තත්ත්වය එදා බුදුරදුන් අනුමත කළ බව මෙයින් පැහැදිලි වේ.

    කාලාමයන්ට බුදුරදුන් වදාළ පරිදි යමෙකුට මෙය ප්‍රතික්ෂේප කිරීමටද අයිතියක් ඇත. ඉහත දේශනා පාඨයෙන් පැහැදිලි වන්නේ අන්තරාභවය නොවේ නම් වෙන කුමක්දැයි අන්තරා භවය ප්‍රතික්ෂේප කරන ධර්මධරයන් වහන්සේ පැහැදිලි කර දිය යුතු ය. එසේ පැහැදිලි නොකොට එයින් කියැවෙන්නේ අන්තරාභවයක් නොවේ යැයි පැවසූ පමණින් මේ පැනයට විසඳුමක් නො ලැබේ
    .
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    tfs.....
    1.gif
     
    • Like
    Reactions: hirashgeff