රැග් නරක පැත්තකුත් තියෙනවා , හොඳ පැත්ත Crtical situation handling ගැන PhD කළා වගේ තමයි.MSc බොරු කිරීමේ කළාව ( ඇංජිම කැරකවීම) .
පට්ට තදයෝ ඉන්නවා big companies වල, ඉස්සර රැග් ලීඩර්ස් ලා.
දෙන්නෙක් පුද්ගලිකවම දන්නවා. පාසැල් සමයේ අන්ත පීඩිත පවුල් වලින් ආවේ. පෙනුමට කාලේ එකම ඇඳුම ඇන්ඳා වගේ මතක.campus එකේදී පළමු වසරේ දී සෑහෙන්න රැග් වුණා, විසුළු හා දුප්පත් පෙනුම. ඇඳුම්, බෑග් ,සපත්තු වුනත් බැරිකමේ ලක්ෂණ තිබ්බා.
රැග් ඉවර වුනාම , senior batches වලින් සෑහෙන උපකාර ලැබුණා. පොත්, කුප්පි ( extra tutors) ,සංගම් වල තනතුරු වගේම party, liquer, weed,clubbing ,ගණිකා වන් වුනත්....
ඉතින් ඊළඟ batch එද්දී මුන්ගේ කෙරුවාව තවත් වැඩි වෙලා වුණා. ඒත් same batch අතර ලොකු පිළිගැනීමක් තිබුන් නෑ.කල්ලියක් නම් සුපිරියට set වෙලා තිබ්බා. At last හොඳ training / companies/ good bosses/career guidance තැන් set කලේ senior එවුන්මයි.මුදල් ගෙවලා කරපු CIMA, Management course වල වටිනාකම අපට හිතා ගන්නවත් බැරිවුනා.Union වලින් මාටියා ගහනවා කියලා කිව්වාට ඒ කොහොමද කියලා අදටත් රහසක්.
Out වෙලා අවුරුදු දෙක තුනක් යද්දී MBA ,CIMA Finalist ගොඩ දාලා , කඩ්ඩ හෙම සුපිරියට ගොඩ දාලා career path නැග්ම හිතා ගන්නත් අමාරුයි. මුන් ලත් එක්තරා "ජෙහාන් ලා" සෙට් එකක් තමයි. ආපු තැනයි, ඉන්න තැනයි බැලුවාම හිතාගන්නත් බෑ.......