අන්තරේ ලොජික් 2

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අන්තරේ ලොජික් 2

    18485979_747554068703120_6402135223004234292_n.jpg





    == අන්තරේ ලොජික් පද්‍ය පන්තිය..!! ==
    .
    සයිටම් slit ද NSBM................................වසනූ
    රොටරිය සක්‍යා ටියුසන් කඩ.......හකුලගනූ
    සිඟිති ලිට්ල් කිඩ්ස් පෙර පාසල්..........වහනූ
    සමාජවාදේ එනකන් උන්...............අතුගානු



    රජයේ යුනියෙ උන් පමණක්..........බුදුවේවා
    අන්තරෙ එවුන් සැරියුත් මුගලන්........වේවා
    ප්‍රයිවට් යුනිවර්සිටි හැඳිගෑවී..............යේවා
    නිදහස් මෙව්වා එක සැමදා..........සුරැකේවා



    එක බංකුවේ හිඳ පහ වසරේ.............ඉඳලා
    බත් පත කෑවාට උඹ හා.............පොරකාලා
    ප්‍රයිවට් යුනිවර්සිටියට ගිය දා..............ඉඳලා
    ධනපති කුමන්ත්‍රණ කාරිය උඹ..........විමලා



    ලකුණු මදි වෙලා යුනි යන්නට..........බැරුව
    ණය වී ගියා කියලා ප්‍රයිවට්................එකට
    අදාල නෑ ඉගෙනගන්න බෑ...............තොපිට
    ඕක වහලා බැහැපන් මහ..............පාරකට



    සීයට දාහතයි උගතුන් ඉන්නෙ..............රටේ
    කැම්පස් යන්න බැරිනං මෝඩයෙකි....මලේ
    අටපාස් එවුන් කටවහගෙන බල්ලො..වගේ
    මැරිලා පල කඹුරා තොපි අපි............යටතේ



    අවුරුදු දහතුනම පිනටම.........උගන්නපන්
    ඊළඟ සිව් වසර ඒ විදිහට................හිටපන්
    පිකට් යන්න මහපොළ තව වැඩි.....කරපන්
    එලියට ආවාම රස්සාවත්....................දීපන්



    නිදහස් මෙව්වා එක රකිනට පණ......වාගේ
    කන්නංගර කවුද රෝහණ , චේ..........වාගේ
    අන්තරේට බැඳිලා පිස්සෙක්...............වාගේ
    වීරයො වෙයන් ඩෝ කැඳවුම්කරු......වාගේ



    දැයේ දරුවන්ගේ අධ්‍යාපනෙ..............රකිනූ
    සමාජවාදෙමයි පිළියම...............හැඳිනගනූ
    එය රැක ගැන්මටම අන්තරයට.......බැඳෙනූ
    බැරිනං අලයො වී කොන්වී කල්.......ගෙවනූ



    සමාන වෙන්න කොන්ඩ රැවුල්.....කප්පවනූ
    ඩෙනිම් ෆැෂන් හැර මල් ගවුමට........බසිනූ
    නවක වදය දී පෞරුෂ................හැඩගසනූ
    බැරිනං කුලී ගේකදි හෙළුවෙන්..........සිටිනූ



    හොර උපාධි කඩ ඔක්කොම අපි.......වහලා
    ඒවයෙ ඉන්න උන් එලියට ඇද...............දාලා
    ලිප්ටන් වටරවුම ඇතුලට............කැඳවාලා
    කඳුලු ගෑස් කමු බැරියර්...............පෙරලාලා



    කන්නංගරලා ඇතුලත්මුදලිලා...........කවුද
    විජේවීර චේ මාක්ස්ලා විය.................හැකිද
    දිනක අපිත් වී උතුරේ..................කොරියාව
    ලෝකෙට ටෝක් දෙමු කිම් ජොන් උන්..සේම





    ( මම පවතින සයිටම් එකට එකඟ නැත. ඒ නිසා #ඇබොලිස්සයිටම් කියා නහයෙන් ඇඬීමෙන් වළකින්න )
    #අකලංකාරය
    https://www.facebook.com/hashtag/අකලංකාරය?source=feed_text&story_id=747554092036451
    - චමල් අකලංක පොල්වත්තගේ
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    දිනක අපිත් වී උතුරේ..................කොරියාව
    ලෝකෙට ටෝක් දෙමු කිම් ජොන් උන්..සේම


    සමාජ වැඩි රටවල් දියුණු උනේ නෑ. මොකද ඔකේන වක්‍රව ප්‍රජාතන්ත්‍රවාදය නැති කරනවා. පොඩි මිනිහගේ දරුවෝ නිදහස් අද්යපනෙන් ඇවිල්ල ඉන්ජෝ හරි ඩොකාල උනාට සමාජ වාදය යටතේ කම්කරු කියන ජොබ රැක ගන්න, (ගොවි තැන කරන්න, බදු අදින්න) ය ඕනේ නිසා අර පරණ කලේ වගේ පොඩි එකාගේ පුතා එකම කරයි. උතුරු කොරියාවේ සම්පත් වැඩි. අපේ තියෙන්නේ ගන්න දෙකට මැණික් විතරයි. තව අනිත් ව පොඩි පොඩි වැඩ. හෙට අපේ රටේ සමාජ වැඩි රජයක් බිහි උනොත් අපිට වෙන්නේ කියුබාවට වෙච්ච වැඩේ. එක තැන නවතී.
    ඔක්කොම විශ්ව විද්‍යාල වලට එන්න ක්‍රමයක් හදන්න ඕනේ.
    විශ්ව විද්‍යාල ගණන වැඩි කරලා, පාස් මාර්ක් දුකට එස් හරි සි කරලා. එත් එක ප්‍රයෝගිකව කරන්න උපරිම අවුරුදු 5, 8 හෝ 10 වත් යයි. දැන් මුන් කියන විදිහට කැම්පස් නොගිය ඔක්කොම මොඩයෝනේ. අර යුරෝපිය සමහරක් රටවල තියන Liberal පාලනය හොදයි. පෙරටුගාමී සමාජ වාදය අවොත් රට එක තැන නවතිනවා.
    තවත් කගහනවානම් පොඩ්ඩක් අද N.Korea, Cuba, Argentina, Brazil, Venezuela වගේ රටවල් බලපන් උන් අද ජීවත් වෙනවද කියල.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    තියරිය මේකයි

    දුප්පත් ඉගෙන ගන්න පුලුවන් ළමයෙකුට ඉගෙන ගන්න තියන අයිතිය නැති වෙන්න නරකයි

    ඒ වගේම තමන් වියදම් කරල ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒකට විරුද්ධ වෙන එකත් වැරදියි
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තියරිය මේකයි

    දුප්පත් ඉගෙන ගන්න පුලුවන් ළමයෙකුට ඉගෙන ගන්න තියන අයිතිය නැති වෙන්න නරකයි

    ඒ වගේම තමන් වියදම් කරල ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒකට විරුද්ධ වෙන එකත් වැරදියි

    සරල විසදුම දුප්පත් එකාටයි සල්ලි වියදම් කරන එකාටයි අන්තිමට එකම විභාගයක් තියන එක .ඒකෙන් පාස් උනොත් සල්ලි දීල හරි උක දීල හරි ඌ හරියට ඉගෙනගෙන කියන එකනෙ .මොන උට්ටක්ද මේ කරන්නෙ