අන්තරේ සටන් කවි හා විරෝධතා දේශපාලනය ..

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අන්තරේ සටන් කවි හා විරෝධතා දේශපාලනය ..

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (අන්තරේ/අවිශිබම) කැඳවන ශිෂ්‍ය උද්ඝෝෂණවලදී සජ්ජායනය කරන සාම්ප්‍රදායික සටන් කවි කිහිපයක් තමයි පහත තියෙන්නේ:

    1. "කපා කපා - කෑලි කපා
    අප වලකනු - සිතනු එපා
    ලේ හැලුනත් - පාර දිගේ
    අපේ ගමන - අපි යනවා

    2. අපි යන්නේ - කොයි පාරේ
    ත්‍රීම වෙනුර - ගිය පාරේ
    අපි යන්නේ - කොයි පාරේ
    නිෂ්මි බලේ - ගිය පාරේ

    මෑතකදී එක වුන අලුත් කවියක්:

    3. අපි යන්නේ - කොයි පාරේ
    ජනක සිසිත - ගිය පාරේ
    අපි යන්නේ - කොයි පාරේ
    විරු සොයුරන් ගිය පාරේ

    අධ්‍යාපනය විකුණන 'ප්‍රතිපත්ති' හකුලා ගන්න කියල මෙහෙම කියනවා:

    4. කැම්පස් වල - උපාධි ටික
    විකුණන එක - නතර කරව්
    අධ්‍යාපනේ- විකුණන් කන
    ප්‍රතිපත්තිය හකුලා ගනිව්

    සිරිසේන ආණ්ඩුව ගැන දැන් කලකිරිලා මෙහෙම කියන්නත් වෙලා:

    5. රාජපක්ෂ - ආණ්ඩුවයි
    මෛත්රීනයයි - රනිල් බබයි
    එදා ඉඳන්- මුන් කෙරුවේ
    අපි හූරන් - කාපු එකයි

    7. යහපාලන- ආණ්ඩුවත්
    අධ්‍යාපනේ -විකුනනවා
    සයිටම් හොර - උපාධි කඩේ
    බඩු තවමත් - විකිනෙනවා

    දිනූ 'ජයග්‍රහණ' ගැන වහසිබස් කියන්නේ මෙහෙමයි:

    8. සයිටම් හොර - උපාධි කඩේ
    අහෝසි කර - නොදැම්මොතින්
    උතුරු කොළඹ - සටන වගේ
    අපි එනවා - පෙරට නිතින්

    protest.jpg


    සරසිවී වල විශේෂයෙන් ප්‍රථම හා දෙවන වසරවල සිසුන් මේ පද වල අර්ථභාරය කුමක් වුවත් දුන්න පදේ කියවන මට්ටමට බලපෑමකට අන්තරය විසින් යටත් කර තබෙන බව පැහැදිලි කරුණක්. කිසිදු විකල්ප දේශපාලන සාකච්චාවකට සම්බන්දවීම එම සිසුනට තහනම් වන අතරම අඩුතරමින් විකල්ප දේශපාලන අත් පත්‍රිකාවක් කියවීමට තරම් වත් දේශපාලන නිදහසක් එම සිසුන්ට අන්තරය දෙන්නේ නැත. කෙසේ නමුත් අධ්‍යාපන අයිතීන් හා පහසුකම් කප්පාදුවට, අධ්‍යාපන පුද්ගලීකරණයට හා සමස්තයක් වශයෙන් සමාජ අසාධාරනත්වයට එරෙහිවීමට නිසර්ගයෙන්ම කම්කරු හා පීඩිත පන්තියේ තරුණ ශිෂ්‍ය ප්‍රජාවට අවශ්‍යව තබෙන බවත් ඒ නිසාම මෙම උද්ඝෝෂණ පෙළපාලිවල නායකත්වය හෝ වැඩ පිළිවෙල කවරක් උවත් ඒවාට සහභාගී වන බවටත් සැකයක් නැත.
    ඒ නිසාම ඉහත උපුටා දක්වා ඇති කවි පද වල අර්ථය හා එහි හැඟවුම් විභාග කිරීම සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම, තරුණයෙකුටම වැදගත් කටයුත්තක් වනු ඇති.
    ඉහත 1 හා 2 කවි වල එන අවිශිබම ‘සිසු විරුවන්’ ලෙස හඳුන්වන පුද්ගලයන් සිවු දෙනෙක් වෙති. එනම් පද්මසිරි ත්‍රීමාවිතාන ( යූඇන්පී ආණ්ඩුවෙන් ඝාතනය වනවිට, එනම් 1988 ඔක්තෝම්බර් වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ අවිශිබම ලේකම් විය), වෙනුර එදිරිසිංහ (1988 මැයි සිට 1989 මැයි දක්වා අවිශිබම කැඳවුම්කරු ) , සිවරුදීන් මොහමඩ් නිෂ්මි හා නිමල් බාලසූරිය (1988 මාර්තු සිට 1988 මැයි 08 දක්වා අවිශිබම කැඳවුම්කරු )යන අයයි. මොවුහු කවරහුද, මොවුන් නොයෝජනය කල දේශපාලනය කුමක්ද, නැත්නම් අද අන්තරය ඇතැම්විට කියන පරිදි ‘පිට’දේශපාලනයක් නැති ශිෂ්‍ය දේශපාලනය පමණක් කල එවුන්ද, මොවුන්ගේ දේශපාලන ඉදිරිදර්ශනය හෝ කුමන වැඩ පිළිවෙලක් මොවුහු නියෝජනය කළෝද යන්න සිසුන් සොයා බැලිය යුතුය. මේ සියලුම දෙනා අවිශිබම ශිෂ්‍ය නායකයන් වූහ. ඔවුහු 1988-1990 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණට (ජවිපෙ) සම්බන්ධව සිටි එහි ජාතිකවාදී දේශප්‍රේමී දේශපාලනය වැළඳගත් අයයි. 1976 සිට 2012 දක්වා අන්තරය මෙහෙයවනු ලැබුනේ ජවිපෙ ශිෂ්‍ය සංවිධානයක් වන ඊනියා සමාජවාදී ශිෂ්‍ය සංගමය විසිනි.
    ජවිපෙ නම්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා ලොව පුරා කම්කරු පන්තිය බලමුළු ගැන්වීමේ සටනට නායකත්වය දෙන හතරවන ජාත්යයන්තරයේ ජත්‍යන්තර කමිටුවේ ලංකාවේ ශාකාව ලෙස කටයුතුකළ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) (වාර්තමානයේ සමාජවාදී සමානතා පක්ෂය) ගෙන ගිය අරගලය හමුවේ වික්ශෝපයට පත්ව ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදීන් වූ හා විකොස ක්‍රියාකාරීන් වූ ආර්.ඒ.පිටවෙල (1988 නොවැම්බර් 12 ඝාතනයට ලක්විය ), පී.එච්.ගුණපාල (1988 දෙසැම්බර් 23 ඝාතනයට ලක්විය), සහ ග්රේෂන් ගීකියනගේ (1989 ජුනි 23 ඝාතනයට ලක්විය ) යන සහෝදරවරුන් ඝාතනයට ලක් කල සංවිධානයයි. ජවිපෙ විසින් කල සියගණන් දේශපාලන ඝාතන එයට අධි චෝදනා පත්‍රයකි. ඊටත් වඩා ජවිපෙ විසින් රෝපණය කල, වගා කල වර්ගවාදී, ජාතිකවාදී, කම්කරු පන්ති විරෝධී, මාක්ස්වාදයට-ට්‍රොට්ස්කිවාදයට හතුරු විෂ කශායන් ලංකාවේ තරුණ ශිෂ්‍ය රැඩිකල් ජවයට කරන ලද මාරාන්තික දේශපාලන ආතුර කිරීම, පාවාදීම, උගුල් ඇටවීම අතිශය භයානකය.
    කෙලින්ම ධනපති සන්ස්තාපිතයේ අවශ්‍යතා නියෝජනය කරන සංශෝධනවාදී ධනපති පක්ෂයක් බවට පල්ලම් බැස ඇති ජවිපෙ ආරම්භය හා එහි පදනම් 1970 දීම විකොස හිටපු ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය සහෝදරයා “ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා පන්ති ස්වභාවය” නම් කෘතියේ ඉතා නිවැරදි ලෙස සූත්‍ර ගත කළේය:
    “ලෝකය පුරාම ඒ ඒ රටවල මධ්‍යම පන්තිය විසින් ගොඩ නගා ගෙන ඇති ව්‍යාපාරයනට සමාන්තරව ලංකාවේ සිංහල සුළු ධනේශ්වර පන්තිය ගොඩනගාගෙන ඇති ව්‍යාපාරය ජවිපෙරමුණයි. එහි අරමුණ කම්කරු පන්තිය බලයට ගෙන යාම නොවේ: සිංගල කම්කරුවන්, සිංහල ගොවීන්, සිංහල පීඩිතයින්, සිංහල ශිෂ්‍යයින් පමණක් නොව ජාතික ධනේශ්වර පන්තියේ කොටස්ද “දේශප්‍රේමීත්වයේ” පදනම මත එක කර “දේශප්‍රේමී රාජ්ය යන්ත්‍රයක් තැනීමයි
    ජනතා විමුක්ති පෙරමුණ බිහිව ඇත්තේ ඔවුන් ‘ජනතාව’ යයි හඳුන්වන ලංකාවේ සිංහල සුළු ධනපති පන්තියේ දුක් වේදනා තුලින්මය.
    මන්දපොෂණයෙන් හා ජීවන බරින් පෙලෙන ‘ලක් මවගේ දරුවන්’, වියලි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන් හා රැකියා නැති තරුණයන් ආදී සිංහල සුළු ධනේශ්වරයේ දුක් වේදනා සත්තකින්ම ජවිපෙ තුල වෙයි.
    “මේ සංවිධානය සිංහල සුළු ධනපති තට්ටුවේ ‘විමුක්තිය’ සඳහා සටන් කරන සංවිධානයක් පමණි. ඔවුන්ගේ පත්‍රවල “නිර්ධන පන්තිය’ යනුවෙන් එක දිගටම හඳුන්වා දී ඇත්තේ ඉහත කී සමාජ තට්ටු වන අතර එය මාක්ස්වාදීන් නිර්ධන පන්තිය ලෙස හඳුන්වන්නේ නැත. නිර්ධන පන්තිය යනු කම්කරු පන්තිය පමණි. අනෙක් කිසිම කොටසක් නිර්ධන පන්තිය නොවේ. ගොවියන්, රැකියා නැති තරුණයන් ආදීන් කොතෙක් පීඩාවට ලක්ව සිටියත්, මේ ආර්ථික අර්බුදය විසින් කම්කරු පන්තිය දිශාවට තල්ලු කර දමා ඇතත්, ඔවුන් සුළු ධනේශ්වර පන්තිය මිස නිර්ධන පන්තිය (කම්කරු පන්තිය) නොවේ."
    “මේ රටේ සුළු ධනේශ්වර පන්තිය නිර්ධන පන්තිය ලෙස හඳුන්වා, මේ සුළු ධනේශ්වර පන්තියේ දුක් ගැනවිලි හා වේදනාවන් කම්කරු පන්තියේ දුක්ගැනවිලි සමග එකට පාස්සා, කම්කරු පන්තිය ඔවුන් කියන පළල් ‘නිර්ධන පන්තිය’ තුල දිය කර දමා සුළු ධනේශ්වර විරෝධතා ව්‍යාපාරයක් ගොඩනැගීම ඔවුන්ගේ අරමුනයි”
    හරියටම අවිශිබම හැදුනේද වැඩුනේද එවන් විරෝධතා ව්‍යාපාරයක් ලෙසයි.
    ඒ හෝ මේ ධනපති බංකොලොත් ආණ්ඩු වලින් සෝභන සහන හා මවාපෑම් අතලොස්සක් හැර කිසිදු හරයාත්මක අධ්‍යාපන හෝ වෙනයම් සමාජ සුභසාදන අයිතියක් ලබාගත නොහැක. විශේෂයෙන් ගෝලීය ධනපති ක්‍රමය උග්‍ර ආර්ථික අර්බුදයක ගිලී ඇති තතු යටතේ විදේශ වෙළඳ පොළ හැකිලී ආයෝජන හා නිෂ්පාදන හැකිලී ඇති අතර අතිමහත් ණය කන්දරාවක් කම්කරැ පීඩිත මහා ජනතාව මත පටවා ඇති වර්තමාන ආණ්ඩු වලට සහන කප්පාදු කිරීම්, වක්‍ර බදු වැඩි කිරීම් හා මර්ධනය හැර අන් වැඩ පිළිවෙලක් ඇත්තේ නැත. එහෙත් අවිශිබම එදා මෙන්ම විරෝධතා දේශපාලනය තොරොම්බල් කරමින් ආණ්ඩුවල නව ලිබරල් ‘ප්‍රතිපත්ති’ ආපසු හැරවිය හැකියි මිත්‍යාවන් වපුරයි. අද අවිශිබම ට දේශපාලන නායකත්වය දෙන අධිරාජ්‍ය ගැති ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය(පෙසප) ගොනුවී සිටින්නේ ද පෙර කී සුළු ධනේශ්වර දේශපාලනයේමය.
    කීර්ති බාලසූරිය තවදුරටත් මෙසේ පැහැදිලි කරයි:
    “විශේෂයෙන් ම වතු කම්කරුවන්ට විරුද්ධවත්, පොදුවේ සමස්ත කම්කරු පන්තියට විරුද්ධවත් සිංහල සුළු ධනේශ්වරයේ ‘සටන් බලවේගයන්’ සංවිධානය කරන ජනතා විමුක්ති පෙරමුණේ ‘මාක්ස්වාදය’ ලෙනින්ගේ මාක්ස්වාදය නම් නොවේ.
    “කම්කරු පන්තිය රාජ්‍ය බලය ඇල්ලීම කරා මෙහෙයවන්නේ නැතිව ...විරෝධතා හා ගර්ජනා දැමීම මගින් තම අවශ්‍යතාවයන්ට සරි ලන සේ ධනේශ්වර ක්‍රමයත් ධනේශ්වර රාජ්‍යයත් වෙනස් කර ගත හැකිය යන මායාව ජනථා විමුක්ති පෙරමුණ පුරාම උඩු දිව ගොස් ඇත.”
    “ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ මේ පංති විග්‍රහය පසෙකලා විප්ලවවාදී පන්තිය හා පන්ති සටන් වෙනුවට තමන් හා තම විරෝධතා ක්‍රියාවන් ආදේශ කර ගැනීමකි.
    මෙය මධ්‍යම පංතිකයන්ගේ සාමාන්‍ය විධි ක්‍රමය වන අතර පන්ති අරගලයේ සමස්ත වර්ධනය වෛෂයිකව ග්‍රහණය කර ගැනීම වෙනුවට, කම්කරු පන්තිය ධනවාදයට විරුද්ධව ගෙන යන සටන කේන්ද්‍රකරගෙන ප්‍රශ්නයන් දෙස බැලීම වෙනුවට, මධ්‍යම පන්තිකයන්ගේ ඔලු තුල ඇති අගතීන් හා මායාවන් තුලින් ප්‍රශ්නයන් දෙස බලන ආත්මීය විඤ්ඤාණවාදී විධික්‍රමය මෙයයි.”
    ත්‍රීමා, වෙනුර, නිෂ්මි, බලේ ගියේ එම පාරේය. අදද අවිශිබම නායකත්වයට අවශ්‍යවන්නේ ජීවන කොන්දේසි වඩාත් අසීරු කරවන ධනපති ආණ්ඩුවලට එරෙහි වර්ධනය වන සිසු අසහනය, විරෝධය තුලින් මතුවන ශිෂ්‍ය රැඩිකලීකරණය එකී විරෝධතා දේශපාලනයේ පාර දිගේ යැවීමටය.
    “ සංවිධානාත්මකව, පන්ති විඤ්ඤාණයෙන් යුතුව ගෙන යා යුතු පන්ති සටන වෙනුවට ආදේශකයක් ලෙස විරෝධතා ප්‍රකාශනය යෙදවිය හැකි යයි සිතීම තුලින් කම්කරු පන්තියේ ක්‍රියා කලාපයත්, එමගින් ම විප්ලවවාදී පක්ෂයේ ක්‍රියා කලාපයත් යට ගැසීමට හා නොතකා හැරීමට ජනතා විමුක්ති පෙරමුණ යත්න දරයි.”
    මේ වැඩපිළිවෙලින් අවිශිබමට කැඩී වෙන්විය නොහැක. කම්කරු පන්තිය රාජ්‍ය බලය ඇල්ලීම කරා මෙහෙය වන විප්ලවවාදී ජාත්‍යන්තර ව්‍යාපාරය වෙතින් ශිෂ්‍යයන් ඈත්කොට තබන විරෝධතා හරහා ධනපති ආණ්ඩුවල පුද්ගලීකරන වැඩපිළිවෙලවල් තාවකාලිකව ආපස්සට ගැනීම තම ජයග්‍රහණ ලෙස හුවා දක්වන අවිශිබම දශක ගණනාවක් ස්වාධීන විප්ලවවාදී කම්කරු පන්තික ව්‍යාපාරයට හා ශිෂ්‍ය ව්‍යාපාරයට පිළිලයක්ව පවතී. ධනපති ආණ්ඩු තම පුද්ගලීකරණ වැඩ පිළිවෙල තාවකාලිකව ආපස්සට ගත් අවස්තාවක් නම් රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව පසුබිමට තල්ලු කොට එහි න්‍යාය පත්‍රය බලයට පත් සැම ආණ්ඩුවක්ම රහසිගතව හා වක්‍රව ක්‍රියාවට දැමීමයි. රාගම පුද්ගලික වෙද විදුහල වෙනුවට අද මාලඹේ සයිටම් ගෙනවිත් තිබේ. ඉහත 8 වන කවියෙන් සඟවන්නේ මෙම සත්‍යයයි.
    ජනක සිසිත සිසුන් ගිය පාරද මෙම මංමුලාවූ විරෝධතා දේශපාලනයේ පාරයි.
    ඉහත 4 වන කවියෙන් අධ්‍යාපනේ විකුණන් කන ප්‍රත්පත්තිය හකුලා ගනිව් යනුවෙන් මේ බලකර සිටින්නේ ධනපති ආණ්ඩුවටයි. මේ ප්‍රත්පත්තිය නම් අන්තරය හා පෙසප කියන නව ලිබරල්වාදී ප්‍රතිපත්තියි යි. නව ලිබරල්වාදී ප්‍රතිපත්ති යනු ඒ හෝ මේ ආණ්ඩුවල අභිමතය අනුව ක්‍රියාවට දැමිය හෝ නෙදැමිය හැකි තෝරාගැනීමක් නොවේ.
    ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කල පරිදි “අධ්‍යාපනය ද ඇතුලුව මහජනතාවගේ කොන්දේසිවලට හා අයිතීන්ට ධනපති ආන්ඩු එල්ල කරන ප්‍රහාර නව ලිබරල්වාදී ධනපති ප්‍රතිපත්තිවල (විවෘත වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්තියේ) කොටසක්ය යන ප්‍රකට සත්‍ය පෙසප හා අවිශිබම පුනපුනා කියයි. ඔවුන් එනයින් නිශ්චිතව ඇඟවුම් කරන්නේ එම ප්‍රතිපත්ති නතර කර ගත්විට ධනවාදය තුල අධ්‍යාපන අයිතියට එල්ල කෙරන ප්‍රහාර ද නතර කර ගත හැකි බව යි. නව ලිබරල්වාදී ප්‍රතිපත්ති වල මූලය ධනවාදය බවත් ඒවා ධනවාදී අර්බුදයෙන් තීන්දුවී ඇති බවත් මෙම ප්‍රතිපත්ති පරාජය කිරීම ධනවාදය පෙරලා දැමීමේ අරගලය සමග බැදී ඇති බවත් ඔවුහු ප්‍රතික්ෂේප කරති.”
    “විරෝධතාවන් මගින් මෙම පිලිවෙත් ආපසු හැරවිය හැකිය යන මතය,... ධනේශ්වර අර්බුදයෙන් පැන නංවන මෙම පිලිවෙත් අහෝසි කොට ජාතික ආර්ථික නියාමනයකට යටත් කල හැකිය යන්න මුලුමනින්ම විඤ්ඤානවාදී ය. මනෝරාජිකය. අවිශිබ විසින් සිසුන් අතර වපුරන්නේ මෙම රුදුරු මිත්‍යාවයි.”
    “තමන් 1978 පටන් අරගලයේ යෙදී ඇති බව බව අවිශිබම කියා සිටී. අධ්‍යාපන කප්පාදුව නතර කිරීමට සෑහෙන බව ප්‍රකාශ කරමින් සත් තිස් වසරක් සිසුන්ගේ සටන්කාමීත්වය පටලවා තිබු මෙම දේශපාලනයේ ශුද්ධ ප්‍රතිඵලය එම ප්‍රහාරය ගැඹුරුවීමයි. සක්‍ය දේශපාලන අරගලයකට සිසුන් එලඹීම වලක්වා එම ප‍්‍රහාරවලට ඉඩ සැලසීම සම්බන්ධයෙන් අනෙකුත් අවස්ථාවාදීන් මෙන්ම ජවිපෙ, පෙසප හා අවිශිබමය දේශපාලනිකව වග කිව යුතු ය.”
    "සිසුන් අතර ජවිපෙ සමාජ පදනම් තබා ගැනීමේ උපකරනය ලෙස කි‍්‍රයා කලේ අවිශිබමයි. සටන්කාමීත්වය වර්නනා කරමින් දවටා ගත් සිසුන් අන්ත ප‍්‍රතිගාමී වර්ගවාදී උද්ඝෝෂනවලට මෙහෙයවීමට ද ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවලට උසි ගැන්වීමට ද අවිශිබම යොදා ගැනුනි. මෙම දේශපාලනය නිදැල්ලේ ගෙන යෑම සඳහා ජවිපෙ හා අවිශිබම නායකයන් කලේ මැර කි‍්‍රයා මගින් දේශපාලන විරුද්ධවාදීන් මැඩලීමයි. සිය ප‍්‍රතිගාමී කි‍්‍රයාකලාපය නිසා එය අන්ත අපකීර්තියට පත්වන තුරු ජවිපෙ ප‍්‍රධානීන් ලෙස කි‍්‍රයාකලවුන් ගෙන් කොටසක්, 2012 අගදී පෙසප පිහිටුවීමත් සමග අවිශිබමය ද එය සමග පෙලගැසුනි. නව පෙල ගැස්මෙන් පසු අතීතයෙන් බිඳුනේ යයි මවා පෙන්වීමට පෙසප හා අවිශිබම නායකයෝ තැත් කලත් මොනම මූලික වෙනසක් වත් සිදුවී නැත."
    ඉහත 5 හා 7 වන කවි නම් අවිශිබයේ අවස්ථාවාදී, විඤ්ඤානවාදී, මංමුලා සහගත වැඩපිලිවෙලේත් එහි ඉච්චාභන්ගත්වයේත් හාස්‍යජනක ප්‍රකාශනයයි. ඇමරිකන් අධිරාජ්‍යවාදයට දන නමා ඇති, එහි යුදවාදී ධාවනයට අත් උදවු දෙන මෛත්‍රී- රනිල් ගේ ඊනියා යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට අවිශිබය වක්‍රව දරදිය ඇද්දේය. රාජපක්ෂට වඩා මෛත්‍රී- රනිල්ගේ හූරා කෑම අඩුයයි තක්සේරු කල අවිශිබය එච්එන්ඩීඒ සිසුන්ගේ ඔලු පැලූ පසු ආණ්ඩු දෙකම එකවගෙයි කීවෝය.
    අධ්‍යාපන අයිතිය, අධ්‍යාපන පුද්ගලීකරණයට එරෙහි සටන හුදෙකලා සටනක් විය නොහැකිය. එය හුදු ශිෂ්‍ය සටන් මගින් ආපස්ස්සට හැරවිය හැක්කක් නොවේ.අධ්‍යාපන, සෞඛ්‍යය, සමාජ සුභසාදන සේවා ආරක්ෂා කර ගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන බැදී ඇත්තේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා කම්කරු හා ශිෂ්‍ය කමිටු පිහිටුවා ගනිමින් ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලව න්‍යාය මත පදනම්ව කරන අරගලයක් තුල පමණි.
    අවිශිබයේ පදේට නටන්නට පෙර සිසුහු මේවා ප්‍රශ්නගත කල යුතුය. විභාග කල යුතු ය.

    උපුටා ගත්තේ


    http://dialecticalmanuscripts.blogspot.it/2015/11/1.html

    9Y7qmQ3.png
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අවිශිබම හැසිරෙන්නේ පෙරටුගමින්ගේ වැඩ අනුව. 1993 පක්ෂය ගොදනගනකොට හදුපු තනිකරම ශිෂ්‍ය අංශය හැදුවේ තිබුනේ දැන් පෙරටුගමින් ලෙස පක්ෂයෙන් කඩන ගිය පුද්ගලයන්. ශිෂ්‍ය සංගම් වල බලය දැන් උනත් තියෙන්නේ පෙරටුගාමින් තුල. දැන් ජවිපෙට කිසි බලයක් නැහැ විශ්වවිද්‍යාල තුල. ශිෂ්‍ය සංගම් වල ඉදල ජවිපෙට සම්බන්ද උන සියලුම දෙනා පෙරටුගාමින් ලෙස ජවිපෙන් ඉවත් උනා.

    ශිෂ්‍ය සංගම් හා කැම්පස් වල දේශපාලනය නම් මම දන්නේ නැහැ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මුං ගැන නං කියල වැඩක් නෑ. පාරට බැහැල කෑගැහුවට කැම්පස් ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදේ බිංදුවයි