අන්තරේ_කැඳවුම්කරු
අන්තරේ උඳුල් සිරිකොත ලඟදී පොලිස් අත්අඩංගුවට
- තවත් තිදෙනෙකු දුටු තැන අල්ලන්න නියෝග
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් පේ‍්‍රමරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ සිරිකොත මුලස්ථානය ඉදිරිපිටදී උදුල් පේ‍්‍රමරත්නව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවද සඳහන් වෙයි. උදුල් පේ‍්‍රමරත්න ඇතුලූ ශිෂ්‍යයන් 4 දෙනෙකු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පෙරවරුවේ පොලිසියට නියෝග කළේය. මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුනේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් පේ‍්‍රමරත්න, රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ලසිත රෝෂණ සහ තවත් දෙදෙනෙකි. උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ඉකුත් දා සිදු කෙරුනු උද්ඝෝෂණයේදී ඔවුන් මහජන දේපොළවලට අලාභ කළ බව චෝදනා එල්ල වී ඇත. කුරුදුවත්ත පොලිසිය පවසන්නේ වීඩියෝ දර්ශන සහ ඇසින් දුටු සාක්ෂිවලින් එම චෝදනාව තහවුරු වන බවයි. එබැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර තිබිණි.
Source:lankacnews

Last edited: