අන්තවාදී චීවරධාරීහු එකිනෙකා මරා ගනිති
අන්තවාදී චීවරධාරීහු එකිනෙකා මරා ගනිති--------
ජාතික හෙළ උරුමයට අනුබද්ධ අන්තවාදී චීවරධාරීන් පිරිසක් මෙහෙයවන සිංහල රාවය නම් සංවිධානයේ උප සභාපති පුලියද්දේ සුධම්ම නමැති චීවරධාරී පුද්ගලයා සොයා අද පාන්දර පැමිණි තවත් අන්තවාදී චීවරධාරී පිරිසක් මෙහෙයවන බොදු බල සේනාවට අයත් යැයි සැක කණ්ඩායමක් විසින් ඔහු නොසිටි බැවින් එම පන්සලේ සිටි සාමනේර හිමි නමකට පහර දී සිවුරු ගලවා එළවා දමා ඇතැයි වාර්තා වේ.
මෙය සිදුව ඇත්තේ අද පාන්දර 3.30 ට පමණ කළුතර -මොරගහකන්ද වත්ත බොදු මග සෙනසුන විහාරස්ථානයේ දීය . සිංහල රාවයේ උප සභාපති චීවරධාරී පුද්ගලයා එම විහාරස්ථානයේ විහාරාධිපති ලෙසද කටයුතු කරන්නෙකි.
පාන්දර 3 හමාරට පමණ පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමාව සොයා පැමිණි බවත්, තමා එම අවස්ථාවේ විහාරස්ථානයේ නොසිටි අතර පොඩි හාමුදුරුවන් දොර ඇර ඇතැයි පවසන පුලියද්දේ සුධම්ම, පොඩි හාමුදුරුවන්ගෙන් තමා ගැන ප්රශ්න කර ඇතැයිද තමාගේ වැඩ කටයුතු නතර නොකළහොත් මරා දමන බවට තර්ජනය කර පොඩි හාමුදුරුවන්ට පහර දී සිවුරු ගලවා ගෙදර දුවන තුරුම පන්නා ඇතැයිද පැවසීය. පොඩි සාමනේර හිමිගේ නිවස තිබී ඇත්තේ පන්සල කිට්ටුව ය.
පහර කෑ සාමණේර හාමුදුරුවන් මේ වන විට කළුතර -නාගොඩ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටී. සිංහල රාවය පිරිස් සැක කරන්නේ මෙම ප්රහාරය බොදු බල සේනාවේ පිරිසක් විසින් සිදුකරන ලද්දක් බවයි.