අන්තිම කවිය.

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    villain_LostLove.jpg



    ඇති වෙන්න දෙයක් නැති මට
    නැති වෙන්න දෙයක් නැත
    ජිවිතයත් මරණයත් මට අහිමි වු
    ජිවත්ව සිටිනා ඔපපාතිකයෙකි

    ලොවකට පෙම් බදින්නට
    තිබු පෙම මා සතුව
    අහිමිවී ගිය කලට
    ජිවිතය විහිළුවක්

    ආදරය අන්ධ බව
    දැන දැන කල ආදරය
    ඔබ වෙන්ව යන බවක්
    දකින්නේ මා කොහොම

    වරද මා අත බව
    හැගෙන විට මා හට
    ඉවසන්නේ කොහොමද
    වැලපෙන්නේ කොහොමද

    ගොතන විට කවි පදත්
    සිතන විට ඔබ ගැනත්
    වැටෙන මේ කදුළු බිදු
    කරයි මා නපුංසකයෙක්

    ජිවිතය විදිනු වස්
    ආදරය කරා මන්
    නැති වුනත් මුසා බස්
    ආදරෙයි මා හැමදාමත්

    උනු නොවුනු ගල් හිතක්
    නො නැමුනු මේ හිසත්
    ඔබ ඉදිරියේ විය
    ආදරය යදිනා ලදරුවෙක්

    වෙනස් වුන ජිවිතය
    යලිත් බෑ හදන්නට
    ආදරය යදිනු මිස
    ජිවිතය යදින් නැත

    අසම්මත පෙමක්
    එහි ඇත් රසයත්
    මා කදුළු හැලු බවට
    නොවෙයි ඔබ හට නොරහසක්

    අන් සතුව නැති පෙමක්
    ලබන්නට ඇති වස් දොස්
    කරයි මා පිස්සෙක්
    නැති බැවින් නිදසහක්

    එළි වැටක් නොදත් මා
    ඔබ නිසා කවි ලීය
    මගේ සිතේ ඇති පෙමත්
    කවියකට පෙරලීය
    ...
    නුබ වෙනුවෙන් නැගුනු සිත
    මෙසේ මා අකුරු කල
    දුක් ගැනවිලි නැගෙන කල
    …මෙය මගේ අන්තිම කවිය විය.....

    උපුටා ගත්තේ මෙතනින්.......http://blogs.sinhalabloggers.com/

    ( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )