අන්තිම හුස්ම ටික යන්න කලින්
මගේ අන්තිම හුස්ම ටික යන්න ඉස්සෙල්ලා මට ඔබතුමාව දැකගන්න ඕන කරලා තිබුණා. ඒ වගේම ඔබතුමාව දැකගත්තා. ඒ හින්දා මට අද හරිම සංතෝෂයි යනුවෙන් උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර හිමිපාණෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (10) පැවසූහ.
දැනට ගිලන්ව සිටින ජිනාලංකාර හිමියෝ මෙම ප්‍රකාශය කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දෙදින සංචාරයක නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුවදුක් විමසීම සඳහා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණි අවස්ථාවේදීය.
ගිලන් ඇඳේ සිටිමින්ම හිටපු ජනාධිපතිවරයා සමග පිළිසඳරේ නිරත වූ උන්වහන්සේ ඒ අතරතුර ශිෂ්‍ය හිමිවරුන් කැඳවා පිරිත් සජ්ක්ධායනා කරමින් මහින්ද රාජපක්ෂ මහතාට සඟරුවනගේ ආශිර්වාදය පළ කළහ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර, බකමූණ, පොළොන්නරුව, මනම්පිටිය, මින්නේරිය හා මැදිරිගිරිය ප්‍රදේශවල ආගමික උත්සව සඳහා සහභාගි වූ හිටපු ජනාධිපතිවරයාගේ සංචාරයේදී විදුලිය සිඳලීම්, ප්‍රවාහන බාධාවන් තර්ජනය කිරීම් හේතුකොට ගෙන විවිධ බාධාවන්ද එල්ල වී තිබුණි.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා මැදිරිගිරිය පශ්චිමාරාම විහාරයට ගොස් එහිදී ආශිර්වාද ලබා ගත් අතර, මෙම අවස්ථාවේදී එම විහාරයේ විහාරාධිපති මැදිරිගිරියේ අස්සජි හිමියන් ප්‍රකාශ කළේ රාජපක්ෂ මහතා යන බොහෝ පන්සල්වලට ප්‍රාදේශීය දේශපාලන බාධා කළද තමාට එවැනි බාධා කිරීම් කිසිවකු නොකළේ එයින් ඇතිවන ආදීනව ඔවුන් දන්නා නිසා විය හැකි බවය. එමෙන්ම දේශපාලනයකින් තොරව රට බේරාගත් නායකයාට ආශිර්වාද කිරීමට හා රැකබලා ගැනීමේ වගකීමක් ජනතාවට පවතින බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.