අන්තොනියො බරේත්තු

sweets

Banned
Jul 2, 2011
297
160
0
අන්තොනියො බරේත්තු

පෘතුගීසින් හැර දමා සිංහලයන්ට එකතු වූ අන්තොනියො බරේත්තු



13583-003-982CA33E.gif


අපි අහලා තියෙන්නේ සිංහලයෝ පෘතුග්‍රීසි එක්ක එකතු වුනා බවයි.නමුත් පෘතුග්‍රීසින් සිංහල රජු හා එක් වි ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි.මේ එවන්නැකි.

අන්තොනියො බරේත්තු පෘතුගීසින් යටතේ සේවය කර සෙබ‍ලෙකි, පෘතුගීසින් ලංකාවේ දී කරන ලද මහත් විනාශ කරී ක්‍රියා පිලිබද කලකිරුනු බරේත්තු පෘතුගීසි හැරදමා සිංහල කරැලි කරුවන් සමග එක්විය. මායාදුන්නේ සහ කුරුප්පු ආරච්චි යන කරැලි සිංහල නායකයන් සමග එක්වූ අන්තොනියො බරේත්තු විමලධර්මසූර්ය රජුගේ අධාරය ද ඇතිව සබරගමුවේ පෘතුගීසි බලකොටුවලට පහරදුන්නේය.



බොහෝ විට පෘතුගීසින් නොසිතූ අවස්ථාවල ඔවුන්ගේ බලකොටුවලට කඩාවැදුනු බරේත්තු සහ ඔහුගේ කරැලි කරුවො පෘතුගීසින් සෙබලුන් මරා දමා ඔවුන්ගේ අවි ආයුධද තම භාරයට ගත්තේය. විමලධර්මසූර්ය රජුගේ මරනයෙන් පසුව සිහසුනට පත් සෙනරත් රජු පෘතුගීසින් සමග ගිවිසුමක් අත්සන් කර සාමයකට එලබුනු හෙයින් අන්තොනියො බරේත්තු හට එම දේපාර්ශවය සමගම සටන් කීරීමට සිදුවිය.



පෘතුගීසීන් බරේත්තුව අල්ලා ගැනීමට මෙන්ම මරා දැමීමටද අවස්ථා ගනනකදී උත්සහකර නමුදු කිසිදු පෘතුගීසී අන්ඩුකාරවරයකු එය කිරීමට හැකියාව ලැබුනේ නැත. අවසානයේ කොන්ස්තන්තීනු දසා නැමති පෘතුගීසී අන්ඩුකාරවරයාට බරේත්තුව මරා දැමීමට හැකිවිය. බරේත්තු සමග එක්ව සටන් කර කුරුප්පු ආරච්චි ද මෙහිදී පෘතුගීසීන් අතින් මියගිය නමුදු මායාදුන්නේට බේරී පලායාමට හැකිවිය.

 

sweets

Banned
Jul 2, 2011
297
160
0
පෟතුගීසී නිලදාරීන්ගේ කර පිටින් ගිය සිංහලයා



වරක් එවකට පෟතුගීසි ආණ්ඩුකාරවරයා වු අසවේදු ධර්මපාල රජුත් සමග සීතාවකට ගොස් තමන් විරුද්ධ සීතාවක වැසියන් මර්ධනය කිරීමහි නිරතවිය. අසවේදු මෙහෙය වූ පෟතුගීසි සේනාව ගම්වලට කඩා වදිමින් නිරායුධ වැසියන් මරමින් මහත් විනාශයක් සිදු කරන ලදී. ධර්මපාල රජුත් අසවේදුත් සිදුකරන ලද මෙම ක්‍රියාවන් හේතුවෙන් ඔවුනට විරුද්ධව සීතාවක රාජ්‍යයහි දරුණු කැරැල්ලක් ඇතිවිය. පෟතුගීසි හමුදා කන්ඩායම් හබාගිය ගම් වැසියන් ඔවුනට පහර දී බොහෝ අලාභ හානි සදුකරහ. මෙහිදී ගම් වැසියන් මෙන්ම බොහෝ පෟතුගීසි සොල්දාදුවන්ද මරණයට පත් විය.


මේ අතර රජුගේ රාජ සභාවේ සාමාජිකයකු වූ දුමින්ගු කොරයා ද, රජුට හා පෟතුගීසින්ට විරුද්ධව කැරැල්ලක් ගැසීය.දුමින්ගු කොරයාගේ නායකත්වයෙන් කැරලිකාරයෝ පෟතුගීසි සේනාව වටලා පහර දුන්හ. රජුත් රැගෙන කොළඹ දෙසට යාමට අසවේදු උත්සාහකර නමුත් දුමින්ගු කොරයාගේ මෙහෙය වීමෙන් සටන් කර කැරලිකරුවෝ පෟතුගීසින්ට භයානක ලෙස පහර දෙමින් පෟතුගීසි සොල්දාදුවන් විශාල සංඛාවක් මරාදැමීය.


දවස් දෙකක් ජලය හා ආහාර නොමැතිව සීතාවක සිරවී සිටි පෟතුගීසි සේනාව කැරලිකරුවන් අතින් විනාශ වීමට ආසන්නව තිබිය දී මාතර සිට සමරකෝන් මුදලි ඔවුන්ගේ අධාරයට පැමිණියේය.දරුණු සටන් කීපයකින් පසු දුමින්ගු කොරයා ඇතුලු කැරලිකරුවෝ පලවා හැර රජුත් අසවේදුත් බේරා ගැනීමට සමරකෝන් සමත් විය. සටන අවසානයේ දී තමන් ව බෙරාගත් සමරකෝන්ව ඔසවාගත් පෟතුගීසි හමුදා නිලදාරීන් ඔහු තම කර මතින් ගෙනගියහ.

 

sweets

Banned
Jul 2, 2011
297
160
0
අශ්වයෙකු වෙනුවට ඇතෙකු ලබා ගැනීමට ගොස් හිස අහිමි කර ගත් ආන්ඩුකාරවරයා



14 වැනි හා 15 වැනි ශතවර්ෂවල ලංකාවේ මුහුදු බඩ පදෙස්වල ආණ්ඩුකාර පදවියට පත් බොහෝ පෟතුගීසි ආණ්ඩුකාරවරු උඩරට රජවරු සමග සටනට ගොස් අමාරුවේ වැටුනහ. දියෝගු ද මේලෝ කැස්ට්‍රෝ ද එවැනි ඉරනමකට මුහුන පෑ අයෙනකි.



වරක් සියරට බලා යන පෟතුගීසි ජාතිකයකු දෙවන රාජසිංහ රජුට අශ්වයකු තැගි කරන ලදී. රජු ඒ වෙනුවට ඔහුට ඇතෙකු තැගි කළේය.මෙබව දැනගත් දියෝගු ද මේලෝ සිය රට බලා යාමට කොළඹ වරායට පැමිනි පෟතුගීසි ජාතිකයා වෙතින් ඇතා පැහැරගන්නා ලදී.මෙය දැනගත් රජු වෙනත් ඇතෙකු එම පෟතුගීසි ජාතිකයා දී ඔහු වෙනත් වරායකින් නව් නැග්ගවීය.



අසෙකු ලබා ගෙන ඇතෙකු දෙන්නේ රජුගේ පරිත්‍යාගශීලිත්වය නිසා බව නොදත් දියෝගු ද මේලෝ රජු අශ්වයන් කෙරෙහි විශේෂ ඇල්මක් ඇතයි සිතා තමන් සතු වටිනා අශ්වයන් දෙදෙනෙකු විකිනීම පිනිස මහනුවරට යැවීය.අසුන් දෙදෙනා දියෝගු ද මේලෝ විසින් විකිනීමට එවා ඇති බව දැනගත් රජු අසුන් දෙදෙනා රාජසන්තක කරන ලදී.



රජුගේ ක්‍රියාවෙන් කිපුනු දියෝගු ද මේලෝ තමන්ගෙන් පැහැරගත් අසුන් දෙදෙනා ආපසු නො එවුවහොත් උන් දෙදෙනා ගෙනයාමට තමන් මහනුවරට එන බව රජුට දැන්වීය. එයට පිලිතුරු ලෙස රජු, එසේ එනවිට කලින් තමන්ගෙන් පැහැරගත් ඇතාද ගෙනඑන ලෙස දියෝගු ද මේලෝට දැන්වීය.



අවසානයේ මෙම ආරවුල පදනම් කරගෙන පෟතුගීසි සෙබලු 700 හා සිංහල සෙබලු 35000 රැගෙන දියෝගු ද මේලෝ උඩරට ආක්‍රමනය කරන ලදී.ආක්‍රමනික සේනා මහනුවරට ඇතුලු වන විට රජු හා සේනාව නගරයෙන් පිටව ගොස් සිටි නිසා පාලු නගරය පෟතුගීසින් විසින් කොල්ලකන ලදී.මහනුවර රැදීසිටීම අවදානම් බව තේරුම් ගත් දියෝගු ද මේලෝ තම සේනාව සමග කෙළඔට ඒමට පිටත්විය. නමුත් ගන්නෝරුවේදී මග හරස් කර රජුගේ සේනාව පෟතුගීසින්ට වටකර පහර දෙන්නට විය. මෙහිදී පෟතුගීසින් සමග පැමිනි පහතරට සිංහල සෙබලුද රජුට එක් විය. සටන අවසානයේ නොමැරී ඉතිරි වූයේ පෟතුගීසින් තිස් දෙනෙකු පමනී. එපමනක් නොව පෟතුගීසි ආණ්ඩුකාර දියෝගු ද මේලෝටද මියයාමට සිදුවිය.