අන්දරේ මැරුනේ නෑ
තවත් අන්දරේ කෙනෙක්
අන්දරේ අපට අමුත්තෙකු නොවේ. එහෙත් මේ අන්දරේ කවදා හෝ ඇත්තටම ජීවත් වූ පුද්ගලයෙක් ද? එය තවමත් නොවිසඳුණු ප්රශ්නයකි. අපේ රටේදී රාජ සභාවේ කවටයා අන්දරේ නමින් හැඳින් වූ බවට මත පවතියි. ඒ අනුවම අන්දරේ මුල්කොට ගෙන කතාන්දර රාශියක්ම ගොඩනැගී තිබේ.
අන්දරේ කවටයකු ලෙස සැලකෙන අතරම ඔහු ගේ ඇතැම් කතාවක් උපහාසයෙන් පිරුණකි. අපේ අන්දරේ ගේ කතා, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ විසූ රාමලිංගන්, නැතහොත් රාමන් ගේ කතා ඇසුරෙන් නිපදවුණු කතා ලෙසද සමහරු සලකති.
සරෝජනී දේවි අරුණාචලම් ලේඛිකාව ”තෙනාලිරාමන් කතා” නමින් ලියා ඇති කෘතියේ ඉන්දියාවේ සිටි තෙනාලිරාමන් ගේ කතාන්දර රාශියක් ඇතුළත් කර තිබේ. තෙනාලිරාමන් රාජ සභාවේ විදූෂකයා ලෙස පත්විය. ඒ පත්වීම කෙසේ සිදුවිණිද?
ඊළඟ දිනයේ රාජ සභාව රැුස්විය. තෙනාලිරාමන්ද ද එතැනට පැමිණ සිටියේය. සංස්කෘතිය ආගම ඉතිහාසය යන විෂයයන් ගැන තර්කානුකූලව සාකච්ඡුා පැවැත්වීම රාජ සභාවේ දෛනිකව සිදුවන චාරිත්රයකි.
කතාව පටන් ගන්නේ එසේය. ඉතාම සරලව කතාන්තරයක් කියන්නා සේ කතාව ලියැවෙයි. මේ කියන දවසේ තෙනාලිරාමන්ද රාජ සභාවේ සිටියේය. එදා සාකච්ඡුා කෙරුණේ දර්ශනය පිළිබඳවයි. පඬිවරු නොයෙක් අදහස් පළකළහ. ඒ අතර එක් පඬිවරයෙක් නැගී සිට මෙසේ කීවේය.
”අප විසින් කිසිවක් කරනු නොලැබේ. අප දකින අසන රස විඳින හැම දෙයක්ම මායාවක්. ඒවා අප විසින් කරන කාර්යය නොවේ. අපි එලෙස කි‍්‍රයාකරන බව මානසිකව සිතන්නෙමු. නමුත් එය සිතුවිල්ලක් පමණි. එහි කි්රයාවක් නොමැත.
රාජ සභාව එම තර්කය බිඳින්නට අසමත්ව බලා සිටියහ. රාමන් පඬිතුමා වෙතට ගියේය.
”පඬිතුමනි, ඔබතුමා පවසන අන්දමින්නම් අපේ සිතුවිලිවලට අපි මුල්තැනදීම අවශ්‍ය බවයි. පෙනෙන්නේ. අප විසින් කෙරෙන කි‍්‍රයා එකක්වත් ඇත්ත වශයෙන් සිදු නොවෙනවා නම් කෑම අනුභව කිරීම පවා එවැන්නක් නොවේද? ඔබතුමාගේ මතය මා වටහාගෙන තිබෙන සැටි නිවැරැුදිදැයි පහදා දෙන්න.”
රාමන් පඬිතුමාට එසේ කීවේය. පඬිතුමා රාමන් තමාගේ මතය හොඳින් තේරුම් ගෙන ඇති සැටි නිවැරැුදි යයි කීවේය.
එසේ නම් ඒ සංකල්පය ඔප්පු කරමුයි පැවසු තෙනාලිරාමන්, එදා රාජ සභාවට රජතුමා පිළිගන්වන සංග්‍රහය පඬිතුමා මනසින් භුක්ති විඳින්නේයැයිද සියල්ල මනඃකල්පිත සිතිවිලි බව එතුමා එයින් පෙන්වන්නේ යයිද කීවේය. රාජ සභාව සිනා හඬින් පිරිණි. පඬිවරයාගේ මුහුණ අඳුරු විය. රජතුමා තෙනාලිරාමන්ට තෑගි බෝගද රාජ සභාවේ විදූසක ධුරයද පිරිනැමුවේය.
තෙනාලිරාමන් විදූෂක ධුරයට පත්වීමේ කතාන්දරය එතැනින් කෙළවර නැත. තෙනාලිරාමන් දැන් තමාට සතුරෙකු සිටින බවදැන ඒ අනුව කටයුතු කළේය.
සිනාව මතු කිරීම තෙනාලිරාමන්ගේ චරිතයේ ප්‍රධාන ස්වභාවය වුවත් අපට හමුවන මේ චරිතය පිළිබඳ අපට යම් ගති ලක්ෂණයක් දකින්නට හැකිය. ඔහු අධිෂ්ඨානශීලී පුද්ගලයෙකි. රාජ සභාවේ යම් නිලයක් සඳහා ඔහුගේ සිතේ කෑදරකමක් තිබිණි. ඔහු ඒ සඳහා වෑයම් කළේය. ඒ වෑයමේදී ඔහු සතුරෙකු ද ඇති කර ගත්තේය. ජයග්‍රහණය ඇතුළේ ඇති සත්‍ය ඔහු තේරුම් ගත්තෙකි. පඬිවරයා පරාජය කිරීම නිසා එම පඬිවරයා තමාට පෙරලා පහර දෙන බව ඔහු අමතක නොකරයි. එතැනද සටනක් ඇත. ඊටද ඔහු සූදානමින් සිටියි.
තෙනාලිරාමන් විකට චරිතයක් නොවේ. යයි ඔබටද සිතෙන්නට ඇත. ඔහු සිනහසුනේය. අන් අය සිනැස්සුවේය. ඒ මිනිසුන්ගේ දුර්ගුණවලටය. අමනුස්සකම්වලටය. තෙනාලිරාමන් හැබෑවටම ජීවත් වූවෙකුදැයි අපි නොදනිමු. එසේ වුවත් මේ චරිතය වටා කතා ගොඩ නැගූ ජනකතාකරුවා බුද්ධිමත් ලෙස එම චරිතය ගොඩ නංවා ඇති බවක් අපට පෙනෙයි..
මෙම විස්තරය විජය පත්තරයෙන් මම උපුටා ගත්තේ අපේ අතිත සමාජයේ විකටයෙක් ගැන පුනරාවර්තනයක් උදෙසාය
ඇත්තටම මේ අන්දරේ කියන චරිතය හුදෙක් ඉන්දියානු කොපියක්ද?
නැතහොත් ජන කතාවක් විතරක්ද?
සත්‍ය කුමක්ද?
අන්දරේ සිංහල රජ ගෙදර විකටයෙක් නොවේද?
ඔහු සිටි බවට සාක්ෂි ඇත්ද? ද
න්නා නොදන්න එලකිරි සැම යහලුවෙක් උදෙසා
කවුරුත් සිතන් නැති පැත්තකට මනස ටිකක් හරවමුද? ද
න්න කෙනෙක් ඉන්නවනම් අපිටත් දැන ගන්න
අන්දරේ යනු කවුරුන්ද කියා